Thursday, October 17, 2013


බ්‍රාහ්මණ බලපෑම් නිසා වැසි ගිය හෙළ දීපයේ සත්‍ය ඉතිහාසය අළු යට ගිනිපුපුරු මෙන් යම් දිනක මතුවනු ඇත එය රාවන රජු ගැන පමණක් නොව එතුමාගේද මුතුන්මිතන් ගැනය ඒ උතුම් රජවරුන් ගැනය මේ ලෝකයේ ප්‍රථම රජ මහා සම්මත මනු රජු ගැනය සුර්ය වංසයේ ආරම්බකයා ගැනය ඔහු ගොවියෙකි වසර 28000 ට පෙරත් හෙළයා ඉතා විශිෂ්ට ජාතියකි උතුම් සබ්යත්වයක් පැවතින ඉතා පැරණි පොත් පත් පරිශීලනය කිරීමෙන් මේවා සොයා ගත හැක ,පැරණි මිනිසුන් ළඟ මේ පොත් ඇත. වන්සත්අප් ප්‍රකාසිනිය කියන ග්‍රන්තයේ මනු රජතුමා ගැන සඳහන් වේ. වරදීප කිව්වේ කකුසඳ බුදුන්ගේ කාලේ,ඔජදීප කිව්වේ කෝනාගම බුදුන්ගේ කාලේ ,මන්ඩදීප කිව්වේ කාශ්‍යප බුදුන්ගේ කාලේ, මන්තිව් නමින් හදුන්වන කාලේ බුදුකෙනෙක් ඉඳලා නැහැ, ඒ කාලේ තමා මනු රජතුමා හිටියේ මඩ සෝදා ගත් කල ගොවියා රජ කමටත් සුදුසුය ,මේ කියමන අප කවුරුත් අසා ඇත, මෙහි සැඟවුන සත්‍යක් ඇත, මේ ලංකාදීපය බොහෝ ඉස්සර මන්තිව් නමින් හදුන්වපු කලේ මේ රටට එක රජෙක් නොවිය එකම රටක් වුවද එහි කොටස් බෙදාගන ප්‍රදේශිය පාලකයන් වින්සින් පාලනය කළහ කල් ගතවීමේදී රටේ ජනතාවට මුළු රටටම එක රජෙක් පත් කරගන්න අවශ්‍ය විය ඒ සඳහා තරග කරුවෝ ඉන්නවානම් ඉදිරිපත් වෙන්න කියලා මුළු රටේම අඬබෙර ගැසුහ හැම පලාතකින්ම තරඟ කරුවන් ඉදිරිපත් වුහ රුහුණු පළාතේ අඬබෙරය ගසමින් යනවිට කුඹුරක වැඩකරමින් සිටිය ගොවි මහත්මයකුට එය ඇසි තමන්ටද තරගය සඳහා ඉදිරිපත් විය හැකි දැයි වීමසිය හැකි බව අඬබෙර කරු පැවසු පසු කුඹුරෙන් ගොඩට පැමිණ ඇලෙන් අත් පා වල ගැ වී තිබුන මඩ සෝදාගෙන තමන්ගේ කුඹුරේ වැඩට යොදාගත් ගවයාගේ පිටට නැග තරග බිමට පිවිසිය තරග බිමේ සිටිය හැම තරග කරුවෙක්ම තමන්ට ලැබූ අවස්තාවෙන් පැරදී ඉවත් වීමෙන් පසු ගොවිමහත්මයාගේ වාරේ ආහ ඔහුගේ නම කල් සෙන් නම් විය [මහා කාලසේන] විසාල කොටයක් තමන්ම ඔසවා ගෙනවිත් කෙලින් අතට සිටුවා ඒ මත සිටගෙන දුනුවායන් සතර දෙනෙක් විසින් සතර දිසාවේ සිට එකවර තමන් වෙත විදින හි තල නැවැත්විය ඔහු අංගම්පොර ශුරයෙක් බව සඳහන් වේ, ඔහු මේ තරගයෙන් සියලු දෙන පරදා ජය ගත්හ ඉන් පසු රටේ සියලු ජනතාවගේ කැමැතෙන් මහා සම්මතයෙන් රටේ අග රජු විදිහට පත් කර ගත්හ, ඒ කාලේ රටේ අග රජ්ජුරුවන්ට කියන්නේ ඊශ්වර කියාය , ඒ වගේම මන්තිව් වල රජුරුවෝ නිසා මනු රජ්ජුරුවෝ නමින් හැඳින් විය මේ මහා සම්මත [කාලසේන]  රජුජුරුවන්ව සම්මත කරන්න නැකතක් හැදුව ඒ නැකතට ලග්නේ ගත්තේ මේශ ලග්නේ මේෂ ලග්නෙට සුර්ය ග්‍රහයා උච්චයි , මිණ රාශියේ ඉඳන් මේෂ රාශියට සුර්ය උච්ච කරන්න ඕනේ වූනා රජතුමාගේ රාජකීය බලය තියෙන්නේ සුර්යාගේ, සුර්යා උච්ච කරලා ගන්න ඕනේ වූනා ඒ නිසා මේෂන් මිනෙට එන දවස ඒ නැකතට  යෙදුන,  ඒ නැකත අස්විද නැකත වුනා හරියටම මේ පෘතුවියට  මිනෙන් මේශ රාශියට සුර්යා ගමන් කරන තැනදි  පෘතුවියට කෙලින්ම ආලම්බනය වන තැන මන්නාරම ඒ නිසා  මේ මහා සම්මත රජ්ජුරුවන්ට අබිශේකය කරන්නට ආරාමයක් හැදුව [මණ්ඩපයක්]  මනුට අබිසේක කිරීම සඳහා හදපු අරම නිසා එතනට මන්නාරම කියනවා. මන්නාරමට තමයි සුර්යාගේ මිනෙන් මේෂෙට යන දවස ඇතුල් වෙන්නේ එදා ඉඳන් ඒ දවස මේ රටේ අවුරුදු දවස වුනා.


No comments:

Post a Comment