සිය පරිවාර කාන්තාවන්ද කැටුව කන්ද උඩරට මහනුවර සිට සත් කෝරළය බලා ගමන් කරමින් සිටින ප්‍රභූ කාන්තාවකි. සිය ගමන් මග ආසන්නයේ තිබූ රජ මහ විහාරයට ගොඩ වූ ඇය එහි වැඩ සිටි නායක හිමියන්ගෙන් කිසියම් ඉල්ලීමක් කළාය. එම ඉල්ලීම නායක හිමියන් විසින් ක්‌ෂණිකවම ප්‍රතික්‌ෂේප කරන ලදී. ඇය ඉල්ලන ලද්දේ සත් කෝරළයේ පිහිටි සිය වලව්වට යැම සඳහා විහාරස්‌ථානය සතු පල්ලැක්‌කිය ලබා දෙන ලෙසයි. සාංඝික දේපළක් කාන්තාවකගේ පරිහරණය සඳහා දීම අකැපැයෑයි සිතූ නායක හිමියෝ ඇයගේ තරාතිරම ගැන නොතකා එය ප්‍රතික්‌ෂේප කළහ. තමන්ට සිදුවූ මදිපුංචිකම ගැන අමනාපයෙන් ඇය සිය ගමන ගියාය. නමින් මාරලන්ද කුමාරිහාමි නම් වූ මෙම කාන්තාවද එසේ මෙසේ අයෙකු නොව එවකට උඩරට රාජ්‍යයේ රජුට පමණක් දෙවෙනි වූ බලවතා වන පිළිමතලව්වේ මහ අදිකාරමගේ බිරිඳයි. නායක හිමියන් වූයේ එවකට සාරසිය පත්තුවේ පිහිටි මැදවෙල රජ මහ විහාරයේ අධිපතීන් වහන්සේය. පල්ලැක්‌කිය සම්බන්ධ සිදුවීම මාරලන්ද කුමාරිහාමි විසින් මහ අදිකාරමට පැමිණිලි කිරීමේ ප්‍රතිඵලය වූයේ වලගම්බා රජු විසින් පූජා කරන ලදුව සියවස් දහ අටක පමණ කාලයක් තිස්‌සේ විහාරය සතු දේපළක්‌ව පැවති අංගොඩ ගම ආපසු ගෙන දළදා මාලිගයට පූජා කිරීමට මහ අදිකාරම විසින් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පොළඹවා ලීමයි. මෙම පුවත සඳහන් වන්නේ සී. එච්. ලෝරි ගේ 'GA"ETTEER OF THE CENTRAL PROVINCE OF CEYLON' නම් කෘතියේය. (පිටුව 581)
මැදවෙල විහාරයට මෙසේ ගමක් අහිමි කළ පල්ලැක්‌කිය තවමත් එම විහාරස්‌ථානය සතුව තිබේ. එහි උඩ මළුවට පිවිසෙන වාහල්කඩ පියස්‌සේ එල්ලා ඇත්තේ එය බව අප හා පවසන ලද්දේ හාරිස්‌පත්තුවේ ප්‍රධාන සංඝනායක ශාස්‌ත්‍රපති පූජ්‍ය දෙහිගම චන්දරතන විහාරාධිපති හිමිපාණන් විසිනි.
මෙහි කියෑවෙන මැදවෙල රජ මහ විහාරය පිහිටා ඇත්තේ මහනුවර දිස්‌ත්‍රික්‌කයේ හාරිස්‌පත්තුවට අයත් මැදසිය පත්තුවෙහි පිහිටි මැදවෙල ග්‍රාමයේය. ඒ හෑදෙණියේ සිට සැතපුම් දෙකක් පමණ දුරකිනි.
මෙම පූජනීය ස්‌ථානයෙහි ඉතිහාසය දැනට සියවස් විස්‌සක් තරම් පැරණි බව ප්‍රකට වන්නේ ක්‍රි(ව( 1755 දී කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් පූජා කොට ඇති තඹ සන්නසෙනි. දිගින් අඟල් පහළොවක් හා පළලින් අඟල් තුනක් පමණ වන මෙම සන්නසට අනුව මැදවෙල විහාර කර්මාන්තය මුලින්ම අරඹා ඇත්තේa වලගම්බා රජුය. (ක්‍රි(පූ( 89-77) එය කරවීමේ අරමුණ වී ඇත්තේ තමන් බොහෝ කලක් දුක් ගෙන ජීවත් වූ ප්‍රදේශයේ චිරාත් කාලයක් පවතින ආකාරයේ යමක් කිරීමට වලගම්බාවන්ට අවශ්‍ය වීමයි. දෙමළුන් පරාජය කිරීම සඳහා වලගම්බා රජු විසින් සේනා සංවිධානය කළ ආකාරය හා ස්‌ථානය පිළිබඳ තොරතුරුද එහි ඇතුළත්ය.
මැදවල සන්නසෙහි සඳහන් වන ආකාරයට වලගම්බා පුරාවෘත්තය මෙසේය. දෙමළ ආක්‍රමණය නිසා සිය බිසවද සමගින් මායා රටට පල යන රජු පසුව මලය රටේ බලවිටිරටට (හාරිස්‌පත්තුව) පැමිණ වසර දහහතරක් එහි විසීය. මෙසේ අප්‍රසිද්ධියේ තවත් ජීවත්වීම තමන් වැන්නෙකුට නුසුදුසු යෑයි කල්පනා කළ රජු කටුපුළු නුවරට ගොස් එහි සඟවා තිබූ මඟුල් කඩුවද ගෙන මුල්මැඬිනාවට (මුල්මැඬියාව) ගියේය. එහිදී ආසනයක් සකසා ජය සංඛය ඒ මත තබා අධිෂ්ඨාන කර සිටියේ නැවතත් තමන් හට රජවීමට ලැබේ නම් ජය සංඛය ආකස්‌මිකව නාදවිය යුතුයෑයි කියාය. රජුගේ අදිටන ඉටු වෙමින් සංඛය තෙවරක් නාද විය. එම හඬ අසා එතැනට රැස් වූ සේනාවද කැටුව කටුපුළු නුවරට ගිය රජු එහි රාජධානියක් කරවා වාසය කරමින් සූදානම් වූයේ දෙමළ සංග්‍රාමයටයි. මේ පුවත ත්‍රිසිංහලය පුරාම ප්‍රචලිත වී රජුට පක්‌ෂ සෙනඟ කටුපුළු නුවරට ඒකරාශී වූයෙන් ඔවුන්ද කැටුව ගොස් දෙමළුන් හා යුද කර දිනා නැවත රාජ්‍යය අත්පත් කර ගත්තේය. ඉන් පසුව -...දෙමළුන් මරා ලුහුබඳවා දෙවෙනිව අවුත් මා බොහෝ දවසක් දුක්‌ගෙනවුන් රට චිරාත්කාලයක් පවත්නා පිංකමක් කරන්ට වුවමනාමැයි වලගම්දෙණියේ මාළිගා කරවා හිඳ තුන්බෝ පිහිටුවා කරවූ මැදවෙල විහාරය..." යනාදී වශයෙන් මැදවෙල විහාරය කරවූ අයුරු සන්නසෙහි සඳහන් වේ. ප්‍රදේශයේ පවතින පිළිගැනීම වන්නේ අභයගිරි විහාරයටත් ප්‍රථමයෙන් මෙම විහාරස්‌ථානය කරවා ඇති බවයි.
මෙහි සඳහන් වන "කටුපුළු නුවර" යනු මහනුවර බව "කඩඉම්පොත් විමර්ශනයෙහි" (ඊ.එච්.පී. අභයවර්ධන) සඳහන්ය. සන්නසෙහි තොරතුරු පිළිගන්නේ නම් දෙමළ සේනා පරාජය කිරීම සඳහා වලගම්බා රජු සූදානම් වී ඇත්තේ මලය රටේ පිහිටි කටුපුළු නුවර මධ්‍යස්‌ථානය කරගෙනය. එහෙත් නිකොලොස් වැනි ඉංග්‍රීසි ජාතික ඉතිහාසඥයන් පවසන්නේ රෝහණය මුල් කරගෙන මෙසේ සේනා සංවිධානය කිරීම සිදු වූ බවයි.
හාරිස්‌පත්තුව පුරා කියෑවෙන වලගම්බාවන් පිළිබඳ ජනප්‍රවාදය සන්නසෙහි එන තොරතුරුවලට වඩා වෙනස්‌ය. ඒ අනුව හෙතෙම කුඩා කාලයේදී සිය මව සමගින් ජීවත් වී ඇත්තේ මැදවෙලට නුදුරු වලගම්දෙණිය ග්‍රාමයේය. එම අවධියේ දී සිදුවූයේ යෑයි කියන එක්‌තරා සිද්ධියක් ලෝරි විසින් සිය කෘතියට ඇතුළත් කර තිබේ. ඉන් කියෑවෙන පරිදි බොහෝ අගහිඟකම් සහිතව දුක්‌තව ජීවත් වූ වලගම්බාවන්ගේ මව් බිසව දිනක් අසල ඇති ගෙදරකට ගොස් වී ටිකක් ඉල්ලා ඇත. එම අවස්‌ථාවේදී නිදාගෙන හුන් ගෙහිමි කත නැගිටින්නට අකැමැත්තෙන් බිසවට පැවසුවේ අටුවෙන් වී ගැනීමට ඉනිමඟක් නැති බවකි. කුමරුගේ මවට වී අවශ්‍යම වූ හෙයින් සිsය උරහිස මතට නැග වී ටිකක් රැගෙන දෙන්න" යෑයි පවසා ඇත. ගෙහිමි කාන්තාවද එසේ කළාය. මවගේ උරහිස් මත තිබූ දූවිලි සහිත පා සටහන් දුටු කුමරු සිද්ධිය දැන කෝපයට පත්ව එම නිවසේ දරුවන් මැරවීය. ජනප්‍ර්‍රවාදයෙහි සඳහන් වන්නේ හැට ඈඳත්තක් දරුවන් ඝාතනය කරන ලද බවකිs. අද පැට්‌ටාදෙණිය නමින් හැඳින්වෙන්නේ එම දරුවන්ගේa ඝාතන භූමිය බවට පිළිගැනීමක් ඇත. ජනප්‍රවාදයනට හා සන්නසට අනුව වලගම්බාවන් කුඩා කල මෙන්ම පළමු රජවීමෙන් පසුවද වශයෙන් දෙවතාවක් මෙම ප්‍රදේශයෙහි සැඟවී සිටි බවක් පෙනීයයි.
ජනප්‍රවාදයෙහි එන තොරතුරු සත්‍ය යෑයි පිළිගන්නේ නම් නැෙ`ගන ගැටලුව වන්නේ, සද්ධාතිස්‌ස රජුගේ අග බිසව සිය බාල පුතු වූ වට්‌ටගාමිණීඅභය හෙවත් වලගම්බාවන් රැගෙන මෙම ප්‍රදේශයට පැමිණියේ කුමක් නිසාද යන්නයි. සද්ධාතිස්‌සයන්ගේ තෙවෙනි පුතු වූ ඛල්ලාටනාග රජකම් කරද්දී ඔහු මරා දැමීමට එතුමාගේa වෙනත් බිසවකගේ දුවක වූ සුමනා දේවියගේ අභය, උත්තර, තිස්‌ස යන පුතුන් තිදෙනා කළ කුමන්ත්‍රණයක් හෙළිවීම නිසා ඔවුන් තිදෙන ගිරි නිඝන්ඨයාගේ ආරාමයේදී ගින්නට පැන සියදිවි නසා ගත් පුවතක් "ලංකා විශ්ව විද්‍යාලයේ ලංකා ඉතිහාසය" පොතෙහි සඳහන් වේ. (පිටුව 161) මේ අර්බුදකාරී අවස්‌ථාවේදී සිය බාල පුතුගේ ජීවිතය ආරක්‌ෂා කර ගැනීම සඳහා පළා ආ අග බිසව මෙසේ අප්‍රසිද්ධව වලගම්දෙණියේ ජීවත්වූවා වන්නටද පුළුවන. ජනප්‍රවාදය එසේ කීවද "මහාවංශ ටීකාව" පවසන්නේ දෙමළ ආක්‍රමණය හේතුවෙන් පලා ආ වලගම්බාවන් වසර දහහතරක් මලය රටේ අප්‍රසිද්ධියේ ජීවත් වී ඇති බවයි. එම ස්‌ථානය මහාවංශයෙහි සඳහන් වන්නේ මාතුවේලංගය ලෙසය. මාතුවේලංගය යනු ඇතැම් විට මැදවෙල වීමටද පුළුවන. "අගත අනගත චතුදිශ සගස දිනෙ" යනුවෙන් කොටා ඇති, ක්‍රි.පූ. 3-2 සියවස්‌වලට අයත් යෑයි සැලකෙන "මනාපදස්‌සන ලෙන" වැනි ස්‌ථාන හාරිස්‌පත්තුවේ දූල්වල තිබීමෙන් පෙනී යන්නේ අනුරාධපුර යුගයේ සිටම මෙම ප්‍රදේශ ජනාවාස වී තිබූ බවයි. එපමණක් නොව එහි බුදුදහමද ව්‍යාප්තව තිබූ බවයි. වලගම්බාවන්ගෙන් වසර 137 කට පසුව රජවන ගජබා රජු (ක්‍රි(ව( 114-136) සොළී රටෙන් ගෙන ආ දොළොස් දහසක් ජනයාගෙන් හාරසියයක් පදිංචි කරවන්නේ එවන් ප්‍රදේශයකය. බලවිටිරට සාරසිය පත්තුව (හාරිස්‌පත්තුව) වන්නේ ඉන් පසුqවයි.
වලගම්බා හාරිස්‌පත්තුවෙහි ජීවත්වීය යන ජනප්‍රවාදය තහවුරු කිරීම සඳහා දැක්‌විය හැකි සාධක කිහිපයකි.
1. කුළුගම්මන සිය පත්තුවේ පල්කුඹුරේ මුල්මැඬියාවේදී වලගම්බා කුමරු හැඳින ගත් රාජකීය ඇතු දණ ගැසීම. මෙම සිද්ධිය පිළිබඳ තොරතුරු කෙටූ ගලක් එම ස්‌ථානයේ තිබූ බව ලෝරි පවසයි. මෙය සත්‍ය නම් ඛල්ලාටනාගගේ අභාවයෙන් පසු වළගම්බා කුමරු සොයා අනුරාධපුරයේ සිට සේනාව පැමිණ ඇත.
2. ගල්ගනේ විහාරය කරවද්දී රජු හිඳගෙන සිටි ස්‌ථානය යෑයි හඳුනාගත් ගල් පර්වතයක් මැදගොඩ තිබීම.
3. මැදවෙල විහාරය කරවද්දී රජු විසින් වලගම්දෙණියේ මාලිගාවක් කරවා එහි ජීවත්වීම. අද ද මෙම ප්‍රදේශය හැඳින්වෙන්නේ මාලිගාතැන්න නමිනි.
4. සිය මුතුන් මිත්තන් අංගොඩ ගමෙහි ඉඩකඩම් භුක්‌ති විඳින්නේ වලගම්බා රජ සමයේ සිට යෑයි එගම් වාසීන් 1859 දී විහාර හා දේවාල ගම් කොමසාරිස්‌වරයාට පැවසීම. (ලෝරි - පිටුව 67)
මෙම තොරතුරු අනුව සිතෙන්නේ "වට්‌ට ගාමිණී අභය"ව වලගම්බා ලෙස හඳුන්වනවාට වඩා, "දිගු කලක් වලගම්දෙණියේ ජීවත් වූ අබා" වලගම්බා නමින් හැඳින්වී යෑයි පිළිගැනීම වඩාත් තර්කානුකූල වන බවයි.
මැදවෙල විහාර ඉතිහාසයේ දෙවන අදියර එළඹෙන්නේa කුරුණෑගල යුගයේදීය. කුරුණෑගල රජකම් කළ හතරවන පැරකුම්බාවන් හා යුවරජු ලෙස සැලකිය හැකි බෝධා මාපාණන් (බෝධා මාපානන්දෑ) අතර සිදු වූ යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස භික්‌ෂූන් වහන්සේද පලා ගිය අතර නාගල වනරතන නම් හිමිනම පලා ගොස් නැවතුණේ මැදවෙලට අයත් මැදවෙල් පිටියේය. ඒ වන විට නටබුන්ව පැවති මැදවෙල විහාරය පිහිටි කඳු ගැටයට නැගීම සඳහා තිබූ පියගැට පෙළ දැක තොරතුරු විමසූ එහිමියන්හට ප්‍රදේශයේ දැනමුත්තන්ගෙන් විහාරය පිළිබඳ ඉතිහාසය දැන ගන්නට ලැබිණි. උන්වහන්සේ කළේ එම තොරතුරු දැදිගම සිටි රජුට දැනුම් දීමය. එම තොරතුරු ඇසූ රජු ආඥාවක් නිකුත් කරමින් කීවේ සාරසිය පත්තුවෙහි සියලුමදෙනා විහාර කර්මාන්තය ගොඩ නැගීම සඳහා අප්‍රමාදවම සහභාගි විය යුතු බවයි. ඒ අනුව සත් රියන් දෙමහල් පිළිම ගෙයක් තනන ලද අතර, එහි උඩ මාලයෙහි වැඩ සිටින පිළිම තුන් නමක් කරවා, වියන් සිත්තම් හා බිත්තිවල රූප 1196 ක්‌ද, යට මාලයෙහි මී ලීයෙන් කළ තොරණක් සහිතව වජ්‍රාසනාරූඪ පිළිමයක්‌ද, ශක්‍ර, බ්‍රහ්ම, විෂ්ණු, මහේෂ්වර ආදී ප්‍රතිමාද කරවා, දිව්‍යලෝකද, බුද්ධ චරිතයට අදාල අවස්‌ථාවන් හා ජාතක කථාද අඳින ලදි. එසේම වාහල්කඩ සඳහා ගජසිංහ රූප සහිත කොරවක්‌ගල් දෙකක්‌ද, සඳකඩ පහණක්‌ද නිමවන ලද අතර, මෙම කටයුතු සඳහා වසර කිහිපයක් ගත වී ඇත. ඒවාට අවශ්‍ය වූ බරපැන දරා ඇත්තේ රාජ්‍ය භාණ්‌ඩාගාරයෙන් හා මුදලිවරුන් විසිනි. නේත්‍රා පිංකම අවස්‌ථාවේදී සිත්තර ආචාරීවරුන්ට සහල් අමුණු පණහක්, කිරි දෙනුන් විසිතුනක්, රෙදි එකසිය එකක් හා පණම් එක්‌දහස් එකසිය පණහක් ත්‍යාග වශයෙන් දෙනු ලැබුවේ යෑයි සන්නස සඳහන් කරයි.
විහාර කර්මාන්තය පිළිබඳව තොරතුරු සොයා බැලීමට පැමිණි රජුගේ සෙනෙවිරත් තැන සියල්ල බලා සතුටුව විහාරයට ගම්වරයක් පුදන්නැයි ගම්පොළ සිටි රජුගෙන් ඉල්ලන ලදුව චිරාත් කාලයක් පවතිනා ලෙසට අංගොඩගම මැදවෙල විහාරයට පවරා දෙන ලදී.
මේ අයුරින් මැදවෙල විහාරය නැවත ගොඩ නැංවීමට උපදෙස් දුන් රජු කවුරුන්දැයි සන්නසේ සඳහන් නොවෙතත්, මේ වකවානුව වන විට දැදිගම පාලනය කළ රජු ලෙස ඉතිහාසඥයන් පිළිගන්නේ පස්‌වන පරාක්‍රමබාහු රජුය. (ක්‍රි(ව( 1352-1360) දැදිගමට එල්ල වූ ආර්ය චක්‍රවර්ති ආක්‍රමණයෙන් පසුව මොහු ගැන සඳහනක් නැතැයි ඇතැම් පොත්පත්වල පැවසුනද, "නිකාය සංග්‍රහය", -සද්ධර්මාලංකාරය", -"සාහිත්‍ය වංශය" ආදී ග්‍රන්ථවල කියෑවෙන්නේ හතරවන බුවනෙකබාහුගෙන් පසුව මොහු ගම්පොළ රජවූ බවයි. ඒ අනුව දැදිගම මෙන්ම ගම්පොළද සිට මැදවෙල විහාරය නැංවීම සඳහා ආධාර උපකාර කර ඇත්තේ පස්‌වන පරාක්‍රමබාහු බව නිගමනය කළ හැකි වේ.
මැදවෙල විහාරයේ වැඩ සිටි නවරත්න උන්නාන්සේ නම් හිමි නමකට, ගම්පොළ පරාක්‍රමබාහු රජුගේ අණ පරිදි, තමන් අස්‌වැද්දූ නියදඬුවෙල නමැති කුඹුරක් පවරමින් රාමචන්ද්‍ර රාජගුරු බ්‍රාහ්මණරාළ නම් අයෙකු ලියන ලද තල් පතක පරිවර්තනයක් ලෝරිගේ කෘතියට ඇතුළත් කර තිබේ. එය පස්‌වන පැරකුම්බාවන් ප්‍රතිසංස්‌කරණයන් කරවන ලද අවධියේදී ජීවත් වූවෙකු විසින් ලියන ලද්දක් යෑයි සිතිය හැකිය. ඉන් කියෑවෙන ප්‍රවෘත්තිය මෙසේය. නවරත්න හා චන්ද්‍රජෝති යන හිමිවරු මැදවෙල විහාරයෙහි වැඩ සිටින අවධියෙහිදී, පරාක්‍රමබාහු රජු ගම්පොළ සිට කුරුණෑගලට යන විට මැදවෙල විහාරය ආසන්නයේ ඇති රත්ඇළ ළඟදී රාජකීය හස්‌තියා දණ ගැසුවේය. රජු එතැනදී විමසුවේ මේ ආසන්නයෙහි කිසියම් විහාරයක්, දාගැබක් හෝ බෝධියක් ඇත්තේදැයි කියාය. -එසේ යෑයි" කිවූ විට නවරත්න උන්නාන්සේ ගෙන්වා සියලු තොරතුරු දැන ගත් රජු සාරසිය පත්තුවේ සියලුම ප්‍රධානීන්ට අණ කළේ විහාරයේ ප්‍රතිසංස්‌කරණ කටයුතු අරඹන ලෙසයි. විහාර කර්මාන්තය අවසන් වූ පසු රාජකීය හස්‌තියාගේ දළින් නිමවන ලද බුදු පිළිම දෙකක් තමන් විහාරයට පූජා කරන බවටද රජු පොරොන්දු විය. එවිට හස්‌තියා නැඟිට පුරුදු පරිදි ගමන ආරම්භ කළේය. රාජ නියෝගය අනුව දෙමහල් පිළිම ගෙයක් තනන ලද අතර, බුදධ ප්‍රතිමාවක් හා ශ්‍රාවක පිළිම දෙකක් සමග වෙනත් චිත්‍ර කර්මාන්තද කරවූ අතර, විහාර ගෙයට නැෙ`ගනහිරින් සමන් දේවාලයක්‌ද, බටහිරින් පත්තිනි දේවාලයක්‌ද තනවා ඇත. මෙම කටයුතු නිමවා රජුට දැන්වූ පසු වෙසක් මස පස්‌වන දින වූ බුද දිනක නේත්‍රා පින්කම පවත්වන ලදී. ඒ සඳහා රජු මැණික්, රන් භාණ්‌ඩ, රෙදි, සහල්, සහ රන්කාසි පන්සියයක් පූජා කළ අතර, ඊට අමතරව කලින් සිටි වළගම්බා හා සිරිසඟබෝ යන රජවරුන් විසින් පූජා කොට තිබූ අංගොඩගමද නැවතත් මැදවෙල විහාරයට පූජා කළේය. අනතුරුව රජු රාමචන්ද්‍ර බ්‍රාහ්මණරාළට නියෝග කොට ඇත්තේ, ඔහු සතු කුඹුර නවරත්න උන්නාන්සේට පූජා කරන ලෙසත්a, දිගටම එය වගා කරමින් සෑම පොහොය දිනකම සහල් පාත්‍රා තුනක් විහාරයට ලබාදීම හා විහාර මළුව ඇමදීම කරන ලෙසත්ය. මෙම නවරත්න නම් හිමිනම බ්‍රාහ්මණරාළගේ ඥාති පුත්‍රයකු බවද එහි සඳහන් වේ. ගැටලුවකට ඇත්තේ මෙම තල්පත ලියා ඇති වර්ෂයයි. එය ශක වර්ෂ 1124 ය. (ක්‍රි( ව(1202) ඉතිහාසඥයන්ගේ කාල නිර්ණ රටාව අනුව මේ වර්ෂය අයත් වන්නේ පොලොන්නරු යුගයට මිස ගම්පොළ යුගයට නොවේ. කෙසේ වුවද දේවාල වත්ත යනුවෙන් හැඳින්වෙන ස්‌ථානයක් මැදවෙල විහාරාසන්නයේ තිබීමෙන් සනාථ වන්නේ මෙම තල්පතෙහි සඳහන් ඇතැම් කරුණු කාරණා සත්‍ය වන බවයි. මෙහි සඳහන් වන සිරිසඟබෝ රජු ක්‍රි(ව( 247 දී රාජ්‍යත්වයට පත් වූ දැහැමි සිරිසඟබෝ රජුද එසේත් නැතිනම් එම නාමය භාවිත කළ වෙනත් රජ කෙනෙක් දැයි අවිනිශ්චිතය.
මැදවෙල යන නම භාවිතයට පැමිණීම සම්බන්ධයෙන් ප්‍රදේශයෙහි පිළිගන්නා ජනප්‍රවාදයටද මෙම බ්‍රාහ්මණරාළ සම්බන්ධය. ඊට අනුව ඔහු විසින් දෙල්ගහ ඇළ අමුණ නම් ස්‌ථානයෙහි වේල්ලක් බැඳ අමුණු දෙකකුත් පෑල් තුනක කූඹුරක් අස්‌වද්දා ඇත. ඉන් ලබා ගත් පළමු අස්‌වැන්නෙන් සහල් මලු දෙකක් ගම්පොළ පරාක්‍රමබාහු රජුට පිළිගැන්වූ විට රජු විසින් එම කුඹුර සන්නසක් මගින් ඔහුටම බඩ වැඩිල්ලක් සේ පවරා දී තිබේ. කිරිමැටි ඇළ, පාතඅඹේහින්න ඇළ, මහමුදුන්හින්න ඇළ, ඉළුක්‌පතනහේන ඇළ, ගතැල්ල ඇළ, ගොඩපලකැලේa ඇළ, මඩිත්ත ඇළ යන ඇළ මාර්ගවලින් වට වූ මෙම කුඹුර මැදවෙල බවට පත් වී, අනතුරුව එය පිහිටි ප්‍රදේශයද මැදවෙල වූයේ යෑයි ජනප්‍රවාදයේ සඳහන්ය. මෙම කුඹුර පවරමින් දෙන ලදැයි පැවසෙන සන්නසේ පරිවර්තනයක්‌ද ලෝරිගේ කෘතියට ඇතුළත්ය.
යාපා පටුනෙහි සිටි ආර්ය චක්‍රවර්ති නම් රජ කෙනෙකු උඩරටින් හා පහත රටින්ද නව තොටමුණෙන්ද අයබදු ගත් බව -රාජාවලිය පවසයි. එම පුවත සනාථ කරන, දෙමළ භාෂාවෙන් ලියන ලද සෙල්ලිපියක් මැදවෙල රජ මහ විහාරයෙහි තිබේ. පස්‌වන පරාක්‍රමබාහුට පසුව ගම්පොළ රජ කළ තුන්වන වික්‍රමබාහුගේ කාලයට අයත් යෑයි සැලකෙන (ක්‍රි( වර්ෂ 1360-1375) එම සෙල්ලිපියෙන් කියෑවෙන්නේ ...හිඟුරුවාන, බලවිට, දුම්බර, සගම, තුන්රට යන ප්‍රදේශවල ඇති මගඩිවල (අයබදු රැස්‌කරන ස්‌ථාන) ප්‍රධානීන් ලෙස "මාර්තාණ්‌ඩම් පෙරුමාළුන් වහන්සේ" විසින් බ්‍රාහ්මණයන් පත් කරන ලද බවයි... මොහු ආයර්ය චක්‍රවර්ති පරපුරේ මාර්තාණ්‌ඩ රජු ලෙස පරණවිතානයන් විසින් හඳුනාගෙන ඇත. ("මහවැලි වංශය"- පිටුව 111) මෙම සෙල්ලිපිය පේලි දහඅටකින් යුක්‌තවී යෑයි කියවෙතත් දැනට කියවිය හැකි මට්‌ටමේ පවතින්නේ පේළි හයක් පමණි.
මෙවැනි සෙල්ලිපියක් මැදවෙල විහාරයේ පිහිටුවීමෙන් හැඟී යන්නේ මෙම ස්‌ථානය එවකටද ජනයා බහුලව ගැවසුණු තැනක් විය යුතු බවයි. ඇතැම් විට අයබදු රැස් කළ ස්‌ථානය මෙහි පිහිටුවා තිබුණා වන්නටද පුළුවන. එසේවී නම් ආර්ය චක්‍රවර්තිගේ සේනාවන්ගෙන්ද මෙම විහාරස්‌ථානයට හානි සිදුවන්නට ඇත. කීර්ති ශ්‍රී රාජසිංහයන් විසින් දෙනු ලැබූ සන්නසක ඒ පිළිබඳව සඳහන් නොවීම මවිතයට කරුණක් නොවන්නේ දෙදෙනාම දකුණු ඉන්දීය සම්භවයක් ඇති අය වන නිසාවෙනි.
ගම්පොළ පස්‌වන පරාක්‍රමබාහු සමයේ ප්‍රතිසංස්‌කරණය කළ මැදවෙල විහාරය නැවත විනාශ වී ඇත්තේ ගම්බිම් කෙත්වතු සියල්ල විනාශ කරමින් උඩරට ආක්‍රමණය කළ පරංගීන් අතිනි. 1611 දී ඔවුන් විසින් හාරිස්‌පත්තුව අල්ලා ගන්නා ලදැයි ටිකිරි අබේසිංහයන් විසින් -පෘතුගීසීන් හා ලංකාව යන සිය කෘතියෙහි සඳහන් කරන හෙයින්, තව දුරටත් මැදවෙල විහාරය නටබුන් වීම සිදු වන්නට ඇත්තේද එම වසරේදීම විය යුතුය. රාජ්‍ය අනුග්‍රහය මැදවෙල විහාරයට නැවතත් ලැබෙන්නේ සියවස් එකහමාරකට ආසන්න කාලයක් ගතවීමෙන් අනතුරුවයි. ඒ කීර්ති ශ්‍රී රාජසිංහ රාජ සමයේදීය. මෙම ඓතිහාසික පුදබිම පිළිබඳ සියලු විස්‌තර දැනගත් රජු එහි ප්‍රතිසංස්‌කරණ කටයුතු දුනුවිල මුදලිට පවරා දී තිබේ. දුනුවිල රාජ කරුණාධාර ඒකනායක ධර්ම කීර්ති මුදලි හෙවත් පින්නපායේ දිසාව නමින්ද හැඳින්වෙන්නේ මොහු විය යුතුය. දැනටත් පවතින ප්‍රදක්‌ෂිණා පථය සහිත සත්රියන් ටැම්පිට පිළිම ගෙය, දොළොස් රියන් උස ශෛලමය දාගබ හා පොහොය ගෙය කරවා ඇත්තේ මෙම ප්‍රතිසංස්‌කරණවලදීය. පිළිමගෙය තුළ කරවන ලද ප්‍රතිමා හා සිත්තම් අතර මී ලී තොරණ සහිත වජ්‍රාසනාරුඪ පිළිමයද, ශක්‍ර බ්‍රහ්මාදී දේවතා රූපද, ශාරිපුත්‍රාදී මහා ශ්‍රාවක රූපද, මෛත්‍රී නාථ රූපද, වෙස්‌සන්තර ජාතකය හා උරග ජාතකයද, වියන් සිත්තම්ද වේ. ඊට අමතරව කඩු ගත් භූත රූප දෙකක්‌ද (දොරටුපාල රූප) කරවන ලදැයි සන්නසෙහි සඳහන්ය. ඉහත දී සඳහන් කළ වජ්‍රාසනාරූඪ පිළිමය නිමවා ඇත්තේ සපු දැවයෙන් යෑයි පිළිගැනීමක් පවතී. එහි නේත්‍ර පූජාවට රජු විසින් පනම් පහළොස්‌දහස් හයසියයක් වැය කරන ලදැයි සන්නස පවසයි. සියලු කටයුතු නිමවා රජුට දැනුම් දුන් තැනදී රජු විසින් නැවතත් අංගොඩගම මැදවෙල විහාරයට පූජා කළේ, කිසි කෙනෙකුන් විසිනුත් අන්තරායක් නොකරන නොකියන නියායෙන් දන්පත් (සන්නස්) ලියා දෙමිනි.
කීර්ති ශ්‍රී රාජසිංහ යුගයේදී කරවූ ටැම්පිට විහාරයෙහි ඇඳි සිතුවම් වර්තමානය වන විටද සුරක්‌ෂිතව ඇති අතර, ඒවායින්, බුදුන් වහන්සේ සැතපී සිටිනා අයුරු දැක්‌වෙන චිත්‍රය සුවිශේෂය. ඊට හේතුව මදුරු දැලකින් ආවරණය වූ යහනක උන්වහන්සේ සැතපී සිටිනා ආකාරය ඉන් නිරූපණය වන නිසාවෙනි. මෙම විහාරය ප්‍රතිසංස්‌කරණය කරවන ලද දුනුවිල මුදලිගේ යෑයි පිළිගැනෙන සිතුවමක්‌ද එහි ඇඳ තිබේ.
කවර ආකාරයක හෝ අන්තරායක් උද්ධරණයක් නොවිය යුතු යෑයි නියෝග කරමින් අතීත රජවරුන් විසින් තෙවරක් මැදවෙල විහාරයට පූජා කරන ලද අංගොඩ ගම දහනව වන සියවස මුලදී ශ්‍රී වික්‍රම රාජසිංහයන් විසින් ආපසු ගෙන දළදා මාලිගාවට පූජා කර ඇත්තේ පිළිමතලව්වේගේ නොම`ග යෑවීම හේතුවෙනි. ඉන් දුෂ්කර තත්වයකට මුහුණ දුන්නේ අංගොඩ ගම්වාසීන්ය. ඒ එතෙක් මැදවෙල විහාරයට සැපයූ සේවාවන් දළදා මාලිගයට සැපයීම සඳහා මහනුවරට යැමට ඔවුන්ට සිදුවීමෙනි. එය අසීරු බව 1859 දී විහාර හා දේවාලගම් කොමසාරිස්‌වරයාට දැන්වූ ඔවුහු රාජකාරියෙන් මිදී බදු ගෙවීමේ අවස්‌ථාව ලබා ගත්හ. ඒ අනුව ධුර පංගු තුනක් සඳහා රුපියල් 117.30 ක්‌ද, නිල පංගු නවයක් සඳහා රුපියල් 201.00 ක්‌ද වාර්ෂිකව ගෙවීමෙන් පාරම්පරික රාජකාරියෙන් ගැලවෙන්නට අංගොඩ ගම්මුන්හට හැකි විය.
මේ අයුරින් රාජ්‍යානුග්‍රහයට මෙන්ම යසසටද, අයසටද පාත්‍ර වෙමින් අවුරුදු 2100 ක් වැනි දීර්ඝ කාලීන ඉතිහාසයක් සහිතව පවතින මැදවෙල රජ මහා විහාරය අද වන විට ඓතිහාසික සාරසිය පත්තුවේ අනන්‍යතා ලකුණ බවට පත්ව ඇතැයි පැවසුවහොත් එය වරදක් නොවේ.
උපුටා ගැනීම- දිවයින