Saturday, March 14, 2015

අඥාන චක්‍රය යන චක්‍ර හතයි

අතින්ද්‍රීය ඥානයන්ට මුල්වන තෙවන ඇස - මේක කැමති අය උත්සහ කරලා බලන්න, මාත් උත්සහ කරමින් ඉන්නවා මෙය කරන්න kiki emoticon මොකද යමක් ප්‍රයෝගිකව කරලම මේකේ ඇත්ත නැත්ත සොයන්න ඕන නිසා.
උපුටා ගැනීමකි
ප්‍රාචීන ඉගැන්වීම වල ඉතා රහස් ඉගැන්වීමක් ලෙස මුඛ පරම්පරාගතව ගෙනආ යෝග සහ කුන්ඩලිනි ශක්තිය පිලිබඳ ඉගැන්වීම් වලට මේවනවිට මුළුමහත් ලෝකයම අවධානය යොමු කර ඇත. රාවණ රජතුමාගේ කාලයේ පටන් මෙම යෝග ක්‍රම තිබී ඇත . මෙහි ඉගැන්වීම්වල ඇති උච්චතම ඉගැන්වීම කුන්ඩලිනි ශක්තිය අවදිකරගැනීමයි . නිදා සිටින නාගයෙකු පරිද්දෙන් සැම මිනිසෙකුගේම කොඳු ඇටපෙළ පහල කෙලවරේ මෙම අදෘශ්‍යමාන ශක්තිය ගබඩාවී තිබේ . එය එම ස්ථානයෙන් අවදිකර කොදුඇටපෙළ හරහා ඉහලට ගමන්කරවා නළල මැද පිහිටන අඥාන චක්‍රය වෙත ලඟාකරගැනීම කුණ්ඩලිනිය අවදිකර ගැනීමයි . මෙම කුණ්ඩලිනියේ ප්‍රධාන අංගයක්වන සහ අධිමානසික විද්‍යාවේ ප්‍රධාන ඉගැන්විමක්වන තුන්වන ඇස (third eye) විවර කරගැනීම පිළිබඳව මෙම ලිපියෙහි වශයෙන් සඳහන් කරමි.
චක්‍ර
==
චක්‍ර ලෙස හැදින්වෙන්නේ සිරුරේ ශක්තිය කෙන්ද්‍රගතවන ප්‍රධාන ස්ථානයන් කීපයකි . යෝග ඉගැන්වීම් අනුව මෙම චක්‍ර 7ක් ප්‍රධානව සඳහන්වේ. ඒවා නම්
1 මුලාධාර චක්‍රය
2 ස්වාදිෂ්ටාන චක්‍රය
3 මනිපුර චක්‍රය
4 අනාහත චක්‍රය
5 විසුද්ද චක්‍රය
6 සහශ්‍රාකාර චක්‍රය
7 අඥාන චක්‍රය යන චක්‍ර හතයි.
මෙයින් තුන්වන ඇස ලෙස හඳුන්වන්නේ අඥාන චක්‍රයයි
.
අඥාන චක්‍රය
=======
අඥාන චක්‍රය පිහිට තිබෙන්නේ නළලේ දෙබැම අතර ඊට යටින්ය . මොළයෙහි ඉදිරි කොටසෙහි පිනියල් ග්‍රන්ථිය ඉදිරියෙ මෙය පිහිටා තිබේයැයි ව්ශ්වාස කෙරේ . මෙය අදෘශ්‍යමනය . මැරුණු මිනිසෙකු විච්චේදනය කිරීමෙන් මෙය දැකගැනීමට නොලැබේ . එය ජිවින්ගේ ප්‍රාණය සමග පවතින ශක්ති සන්චායකයකි . තුන්වෙනි ඇස ලබාගැනීමට අඥාන චක්‍රය අවදි කිරීමට “ඕම්” යන ශබ්දය භාවිත කෙරේ . මෙහි ඕ ශබ්දය ඉතා උස් හඩින්ද ම් යන්න පහත් හඬින්ද ගායන කිරීමෙන් අඥාන චක්‍රය කම්පනය කරවා එය අවදිකරගතහැක . මෙම ඕම් ශබ්දය සවන් දෙමින් භාවනා කිරීම මෙම කාර්යය සඵල කරගැනීමට හැකියාව ලබාදේ . අඥාන චක්‍රය අවදි කිරීමට නොයෙක් දුෂ්කර ක්‍රම තිබේ . සමහර අවස්ථාවලදී නළල ඉදිරියේ හිස්කබල සිදුරුකර චක්‍රය පිහිටන තැන් උත්තේජනය කරන ඉගැන්වීමද තිබේ . එහෙත් භාවනානුයෝගීව මෙම චක්‍ර අවදිකළහැක . ඒ සඳහා ඉවසීම කැපවීම විශ්වාසය සහ නිවැරදි මාර්ගෝපදේශනය තිබිය යුතුය . ඉවසීම කැපවීම හා විශ්වාසය ඔබ විසින් ඇතිකරගත යුතුය . නිවැරදි මාර්ගෝපදේශනය මෙම ලිපියෙන් ලැබේයැයි විශ්වාස කරමි.
පළමුවම නිශ්ශබ්ද පරිසරයක සමතල බිමක් සකස්කරගත යුතුය . කාමරයකනම් බිත්තියකට මුහුණලා සිටීමට හැකිවිදියකට සකස්කරගත යුතුය . එම බිත්තියේ විශේෂ සලකුණු නොතිබිය යුතුය . තනි පැහැයෙන් යුක්තවිය යුතුය . එවැනි පසුබිමක් සකස්කරගත නොහැකිවීම සාර්ථකත්වයට භාදාවක් නොවේ . හිත ඉතාමත් නොසන්සුන් පුද්ගලයෙක්නම් මෙම තනිපැහැ පසුබිමකට මුහුණලා සිටීම ඉතා යහපත් වේ . ශක්තිය ගමන්කිරීම නිවැරදිව සිදුවිමට පද්මාසනයෙන් හිඳගත යුතුය.
මෙම ඉගැන්වීමට අනුව . ගින්දර වාතය සහ ජලය භාවිත කරමින් එම ශක්තිය ලබාගෙන අඥාන චක්‍රය අවදිකිරීම සිදුකෙරේ . ”ඕම්” යන්න ගායන කරමින් හෝ සවන් දෙමින් මෙම භාවනා කල යුතුය.
ගින්දර භාවිත කිරීම
==========
මෙහිදී ගිනිලදැල්ලක අඩංගු ශක්තිය තමාවෙත අවශෝෂණය කරගැනීම සිදුවේ . ඉටිපන්දමක් දල්වා එය තමාගේ ඉදිරියෙන් තබන්න . පසුව පද්මාසනයෙන් හිදිමින් මෙම ගිනිදැල්ල දෙස සමාදිගතවිමට උත්සහ කරන්න . සිත සමදිගත නොවේනම් පළමුවම අනපනසති භාවනාව පුරුදුකර යම් තත්වයකට පැමිණ මෙම චක්‍ර අවදි කිරීමට උත්සහ කල යුතුය.
මෙම ගිනිදැල්ල දෙස බලා සිටින්න . මද වෙලාවක් සිටිනවිට ඇස් වෙහෙසවනවිට ඇස් පියා එම ගිනිදැල්ල සිතින් දකින්න උත්සහ කරන්න . එසේ දකින්නට නොහැකිනම් නැවතත් දැල්ල දෙස බලා සිටින්න . මෙසේ කීපවතාවක් කරනවිට ගිනිදැල්ල සිතින් දැකීමට හැකිවේ . දැන් අඥාන චක්‍රය අවදිකිරීමට උත්සාහ කරමු . දෑස් වසාගෙන ගිනිදැල්ල තමාගේ දෙබැම අතරින් හිස්කබල පලාගෙන ඇතුල්වනු සිතින් දකින්න.
ජලය භාවිත කිරීම
=========
පද්මාසනයෙන් හිඳගෙන තමා ඉදිරියෙන් ජල බඳුනක් තබාගන්න . එම ජලය නිශ්චලව තිබිය යුතුය.දැන් මෙම ජලබඳුන දෙස බලා සිටින්න . දෑස් වසා එම ජලය සිතින් දකින්න . නැවත ජලය දෙස බලන්න . නැවත දෑස් වසා ගන්න . මෙසේ කීපවරක් කරනවිට සිතට ජලය පිලිබඳ නිමිත්තක් පහලවේ . පසුව දෑස් වසා සිහින් ජලකඳක් අඥාන චක්‍රය තුලට ඇතුල්වනු සිතින් දකින්න.
සුළඟ භාවිත කිරිම
=========
මෙය තරමක් අපහසු ක්‍රමයක්වේ . පද්මාසනයෙන් හිඳ දෑස් වසා තමාගේ සිරුරේ වදින සුළඟ පිළිබඳව සිත යොමුකරන්න . මෙම සුළඟ වැදීම දැනෙනවිට සිත තරමක් සමාදිගතවී ඇත . දැන් සියුම් වාත ධාරාවක් නළල හරහා අඥාන චක්‍රයට ඇතුල්වනු සිතින් දකින්න . එයින් පසුව හුස්ම දෙබැම හරහා ඇතුල්වනු හා පිටවනු සිතින් දකින්න.
මෙම ක්‍රම තුනෙන් තමාට ගැලපෙන ක්‍රමය තෝරාගෙන දිගින් දිගටම භාවනා කරන්න . අඥාන චක්‍රය අවදිවනවිට නළල නලියන බවක් දැනේ . තවත් දුරට යනවිට සිරුරම හිරිවැටුනාක්මෙන් දැනේ . තවත් භාවනා කරනවිට දෙබැම අතරින් ලා කහා පැහැති ආලෝකයක් දැකගත හැකිවේ . මෙම ආලෝකය දකිනවිට එම ආලෝකය අරමුනුකරගනිමින් එය ගෝලාකාරව තම දෙබැම අතර පිහිටන ලෙස සිතින් දකින්න . එය සම්පුර්ණවනවිට අකුනුගසන ආකාරයේ එළියක් දැකගතහකිවේ . මෙම ආලෝකය දැකගත හැකිවුවිට දෙබැම අතර තවත් ඇසක් විවරවන බවත් එයින් තමාට ලෝකයම පෙනෙන බවත් මෙනෙහි කරන්න . මෙසේ සිතමින් භාවනා කරන්න . එක අවස්ථාවකදී ඉතා තියුණු ආලෝකයක් දැකගත හැකිවේ . එය දෙස සිතින් බලා සිටින්න.කිසිවිටෙකවත් ඉන් පසුව දෑස් නොහරින්න . මෙම ආලෝකය තුලින් තුන්වෙනි ඇස දැකගත හැකිවේ . එය විවරවුවිට දෑස් වසා සිටියත් තම අවට දැකගත හැකිවේ . දැන් සෙමෙන් දෑස් හරින්න . නැවත දෑස් වසන්න . නැවතත් තුන්වෙනි ඇසෙන් ලෝකය දකින්න . එසේ නොපෙනේනම් නැවත භාවනා කරන්න . යම් අවස්ථාවක ස්ථිර ලෙසම තුන්වෙනි ඇස ලැබේ . ඉන් පසුව දිනක් පමණ මෙය නොවසි පවතී . තුන්වන දින සිට ක්‍රමයෙන් එය වැසියැයි . නැවතත් භාවනා කර එය විවර කරන්න . මෙය කීප වතාවක් කරනවිට තමාට ඕන අවස්ථාවකදී එය විවර කිරීමටත් වැසිමටත් හැකිවේ.. අඥාන චක්‍රයට ශක්තිය ගබඩා කිරීමද වරින්වර කල යුතුය . තමාට ගැලපෙන ලෙස තෝරාගත් ගින්දර ජලය හෝ වාතයේ ශක්තිය අඥාන චක්‍රයේ ගබඩාවන බව සිතින් දකිමින් භාවනා කරනවිට එම අඥාන චක්‍රයට ශක්තිය ගබඩා කලහැකිවේ.
අඥාන චක්‍රය විවර කල යෝගියා
අසාමාන්‍ය ගතිපැවතුම් දක්වයි.
නිශ්ශබ්ද ජිවිතයක් ගත කරන හෙතෙම අතීත වර්තමාන අනාගත යන තුන්කල් දකියි.
ඔහු ඉඳහිට සක්‍රිය වේ .
එවිට ඉතා ක්‍රියාශිලිවේ.
අනුන්ගේ සිත් තුලටත් ඉන් පිටතටත් අදහස් හුවමාරු කරයි.
දෙවියන් යකුන් වැනි අදෘශ්‍යමාන දේවල් දකියි.
දිව්‍යමය රහස් අනාවරණය කරගනි.
කාලයේ වේගය ඉක්මවා යාමට හැකිවේ.
තුන්වන ඇස ලබාගැනීමට හැකිවේනම් එය හොඳ දේ සඳහා පමණක් භාවිත කරන්න . තුන්වන ඇස විවර කිරීමට කලයුතු දේ ඉතා පහසුවට පෙනුනත් එය කරගෙන යනවිට සංකීර්ණ බව වටහාගත හැක.