Tuesday, August 6, 2013

අතීතයේ අපේ හිමිවරු දැනසිටි දඹදිව

මෙතේ බෝසතාණන්ගේ කතාව 

http://iearncash123.com/index.php?refcode=6097

මෙසේ අසන්නට ලැබේ. හෙළදිව රුහුණු දනව්වෙහි කම්බෝජ ගමේ මලය නම් තෙරනමක් වසයි. ඒ තෙරනම පෙරවරු කාලයෙහි සිවුරු හැඳ පාත්‍ර සිව්රු රැගෙන කාම්බෝජ ගමේ පිඬු පිණිස ඇතුල් වුනි. එක්තරා මිනිසෙක් උපුල් මල් මිටි 8 ක් රැගෙන එන්නේ තෙරුන් දැක ඒවා තෙරුන්ට දුනි. තෙරනම ඒවා රැගෙන මේවා මහ සෑයට පුදන්නෙම්ද? සෑගිරියට පුදන්නේම්ද? මහ බෝධියට පුදන්නෙම් දැයි සිතීය. එවිට එතුමාට ‘ තව තිසා භවනෙහි වූ සිළු මිනිසෑයේ දකුණු දළදාවට මේවා පුදන්නේමි’’යි සිතක් උපනි. එකෙනෙහි අහසට නැගී අසුරුසනක් ගසන කාලයක් තුලදී අහසට නැගී වෛජයන්ත ප්‍රාසාදය ඉදිරියෙහි නිලුපුල් මිටි රැගෙන පහල විය. සක්දෙව් රජ දකුණු දළදාවද , කේශධාතුන්ද, සිළුමිණ ඇතුලේ බහා වෛජයන්ත ප්‍රාසාදය ඉදිරියෙහි යොදුනක් වටැති සෑයක් පිහිටු වීය. තෙරනම සෑය වෙත එළඹ අට තැනක වැඳ ප්‍රදක්ෂිණා කොට එක පසෙක හිටියේය. ශක්‍ර තෙමේ තෙරුන් දැක පිරිස් සහිතව අවුත් තෙරුන්ට වැඳ පසෙක සිට ගත්තේය. තෙරනම ‘මෙතේ බෝසත් මෙහි එන්නේදැ’’යි සක් දෙව් රජගෙන් ඇසීය. ‘එසේය ස්වාමිනි අද අටවකය බෝසත් තෙමේ මෙහි එන්නේය. එතුමා පක්ෂයේ පස්වෙනිදාත්, අටවෙනිදාත් තුදුස්වාක්දාත් පසලොස්වාකදාත් මෙහි වැඳීම පිණිස එන්නේය ’’යි කීය. ඔවුන් මෙසේ කතා කරන කල්හි එක දේවපුත්‍රයෙක් මහත් පිරිවරක් සමග නැගෙනහිර දෙසැ පෙනුණි. ඔහු දැක තෙරනම ‘ මේ මෙතෙබෝසත් දැ’’යි ඇසීය. මේ බෝසත් නොව අන්‍ය දේවපුත්‍රයෙකැ ‘’යි විචාළේය. ‘ පෙර අනුරාධපුරයෙහි ඇඳුම් මසීමෙන් ජීවත් වූ බොහෝ පින් කල සන්නාලි තෙමේය’’යි දෙව් රජ කීය.

ඒ දේවපුත්‍රයා ඇවිත් දකුණු පැත්තෙහි සිට ගත්තේය. නැවත තවත් දෙවපුත්රයෙක් මහ පිරිවරින් ආවේය. තෙරුන් විචාලවිට ඒ බෝසත් නොවෙයැ’’යි ද අන්‍ය දෙවියෙකැයි ද දෙව් රජ කීය. ඔහු කවරෙක්දැයි විචාල විට හරිතාලව ගමේ මහාදානපතියාව සිටි හරිතාලතිස්ස’’ යයි කීය. ඒ දේව පුත්‍රයා බටහිරදෙස සිටගත්තේය. ඉක්බිති මහා පිරිවරැති දෙවියෙකු එනු දැක ඒ කවරෙක් දැයි විචාළේය. ‘මෙතෙමේ දුටුගැමුණු රජුගේ බාල සොහොයුරු වූ සධාතිස්ස මහා රජ යයි’’ කීය. හෙතෙම උතුරු දිශාව හොබවමින් ඒ දිශාවෙහි සිටියේය. ඉන් පසු මහා පිරිවරින් තවත් දෙවියකු එනු දැක ඒ කවරෙක්දැයි තෙරනම විචාළේය. යමෙක් බුදුරජුන්ගේ මහසෑය කරවී නම් ඒමේ දුටුගැමුණු මහා රජ ය’’යි දෙව්රද කීය. ඒ දේවතාවා අවුත් නැගෙනහිර දිශාවේ සිට ගත්තේය. 

ඔවුන්ට පසුව මෙතේ බෝසත් පැමිණියේය. ඔහුගේ එක එක පත්තෙයි පිරිවර සහිතවූ අබරණින් සැරසුණු දෙවඟනෝ සිව්දෙන බැගින් ආහ. දැල්වෙන ගිනිමෙන් ප්‍රභාවත් වූ ඒ දෙවඟනන් දුටු තෙරනම මේ ස්ත්‍රීහු සිව් දෙන මිනිස් ලොවදී. කිනම් පිනක් කලාහුදැයි විචාළේය. එයින් එක දෙවඟනක් නානා රශ්මි නානා වර්ණ ඇත්තීද විසිතුරු වස්ත්‍රාභරණ ඇත්තීද වීය, එක අඟනක් රතු රැස් ඇත්තී රතු වස්ත්‍රාබරණ වලින් යුක්ත වීය. එක අඟනක් තඹ පැහත්තී එවැනි රශ්මි සහ වස්ත්‍රාභරණ ඇත්තී වීය. එක අඟනක් කසාවන් රශ්මියද කශාවන් ආභරණද ඇත්ති වීය. දෙව් රජ මෙසේ කීය.

ගම රටවල් හැරයන අවස්තාවක කුඹල් ගමක දැරියක් මිශ්‍ර පැහැති මල් පුදා දකුණු දෙස සිටියි. නාගදීපයේ මහලු ස්ත්‍රියක් උපුල් මලින් චෛත්‍යය පුදා වම පසෙහි සිටී. හෙළදිව කිනිහිරිය ගමෙහි දැරියක් සෑයට කිනිහිරි මල් පුදා දකුණු පසැ සිටියි. පෙර තම්මන ගමෙහි විසු ස්ත්‍රියක් ලුණුවිල පුදා වම් පසින් සිටියි. යම් දෙවි කෙනෙක් හෝ දිවය ස්ත්‍රී කෙනෙක් බෝසතාණන්ට ප්‍රිය කෙරෙත් නම් ඔව්හු බෝසතුන් පිරිවරා ගෙන අහසෙහි යත්. ඒ බෝසත් තෙමේ පුණු පොහෝදා චන්ද්‍රයා මෙන්ද, ශරත් කාලයේ සුර්යයා මෙන්ද, මුර්ගයන් මද සිංහයා මෙන්ද, පර්වතයන් මැද මහමෙර මෙන්ද, පක්ෂීන් මැද ගුරුළා මෙන්ද, ගංගා මැද සාගරය මෙන්ද, ගස් අතරෙහි පරසතු රුක මෙන්ද, මල් අතරෙහි රත් පියුම මෙන්ද , මණික අතරෙහි වෛදුර්ය මෙන්ද, මිනිසුන් අතරෙහි සක්විති රජ මෙන්ද, පර්වතයක් මුදුනෙහි ගින්නක් මෙන්ද, රන්කොතක් මෙන්ද, සියලු දෙවියන් ඉක්මවා වර්ණයෙන්ද තෙජසින්ද බබලයි. මෙසේ අප්‍රමෙය වර්ණනා ඇති මෙතෙ බෝසත් තෙමේ දෙවඟනන් හා දෙවියන් අතරෙහි දල්වෙන්නාසේ ආයේය. 

ඒ දෙවඟනෝ සතර දෙන මිනිස් ලොවේදී ජීවිතාන්තය දක්වා නොයෙක් පින්කොට තුසිත භවනයෙහි ඉපද මහත් පිරිවර ඇත්තියෝ බෝසතුන් පරිවරා අවුත් තුන් යොදුන් සිළුමිණි සෑය වැඳ එකත් පසෙක සිටියාහුය. මෙතෙබෝසත් තෙමේ ‘ ස්වාමිනි කොයි රටකින් වැඩි සේක දැ’’යි ඇසී. ‘දඹදිවින් ආමි’’යි තෙරනම කීය. දඹදිව් වැසියන්ගේ ප්‍රාර්ථනාව කුමක් දැයි විචාල විට ‘ඔව්හු යම්කිසි කුශලක් කොට මෙතෙ බුදුන් දකින්නට ලැබේවායි ප්‍රාර්ථනා කරෙති’’යි කීය. බෝසත් තෙමේ යම් කිසි කුසලක් කොට මා දකින්නට ප්‍රාර්ථනා කෙරෙත් නම් ඒ සසර බියෙන් බියපත් වූ ඔවුන් සසර සයුරෙන් එතෙර කරන්නෙක් වන්නෙමි. අවිද්‍යාවට වාසස්ථාන වූ තෘෂ්ණා නමැති දැලින් ගැවසීගත් සැඩපහරවලින් ගසාගෙන යනු ලබන ලෝකයා මම එතෙර කරන්නෙමි. කෙලෙස් නමැති දිය සුලිවලට අසුවූ තෘෂ්ණා නමැති සොරුන්ට හමුවූ, සංසාර නමැති මුලාවූවන්ට යහපත් මග පෙන්වන්නෙමි. සංජීව කාලසුත්‍රාදී මහා නරකයන් හි උපන් හැම සතුන්ගේ දාහය නිවන්නෙමි. මෝහ බන්ධනයෙන් බැඳුනු තෘෂ්ණාවගේ දාස බවට පත් මිනිසුන්ගේ බැමි සිඳ නිවනට පමුණුවන්නෙමි. රාග ද්වෙසහ නමැති අන්ධකාරයෙන් අන්ධවූ නැසුණු ඇස් ඇති මිනිසුන්ගේ ඇස් ප්‍රඥා නමැති කුර යොදා ශුද්ධ කරන්නෙමි. ශෝකාතුර ඒ ජරාමරනාදියෙන් පෙළුණු සත්ත්වයන්ට ඥාන නමැති ඔසුව දී සුවපත් කරන්නෙමි. මෝහ අඳුරෙන් මුලාවී සිරගෙවල හැසිරෙන මිනිසුන්ට ඥානාලෝකය පතුරවා ඒ සිරගෙය විවුර්ත කරන්නෙමි’’යි කීය.

මෙසේ කියා තෙරුන් වැඳ තුසිත දෙව්ලොවට ගියේය. තෙරනම කාම්බෝජගමට හැරී ආයේය.
සොළොස් අසන්ඛයක් මුළුල්ලේ බොහෝ කුසල රැස්කොට නුවන මේරීමට පැමිණ ඒ බෝසත් තෙමේ බුදුවන්නේය. එසේ බුද්ධත්වයට පැමිණ සත්ත්වයන්ට අනුකම්පාකොට ඔවුන් දහම් නැවට නංවා එතෙර කරන්නේය. ඒ දහම් නැවට නැගුනු ධර්මප්‍රිය භික්ෂුවට සසරින් නික්ම නිවන් ලැබිය හැකි වන්නේය. ඒ බෝසත්තෙමේ අනාගතයෙහි හැම සත්ත්වයන්ටම පිහිටවන්නාවූ මෛත්‍රය නම් බුදුවන්නේය.

මලය හිමි වැඩ සිටියේ හෙළදිව රුහුණු දනව්වෙහි කම්බෝජ ගමේය. තමන් දඹදිව සිට පැමිණි බව උන්වහන්සේ මෙතේ බෝසතුන්ට පවසන්නේය. පිදහම් කොට මෙතෙ බුදුන් දකින්නට පෙරුම් පුරන්නේ ඉන්දියාවේ මිනිසුන් නොවේය.

සටහන

( සුභාශනි කුමාරි )

No comments:

Post a Comment