Friday, January 3, 2014

aththa

කිඹුල් වත්පුර එබෝසත් සිරි මංගලම් ,මගුල් කඩුවෙන් කේස ධාතුව කපා අහසට විසි කර බෙලෙන්,අගුල් ලාලා තිබුනු හැම වාසල් ඇරපු දෙවියන් බෙලෙන් මගුල් වේවා යුවතිපතිහට බොහෝ කල් ජය මංගලම්
වංග ගිරියේ තපස් රකිනට නික්ම ගිය අප මහ බෝසතුන් .නැග්ග රථයත් අසුන් දෙදෙනත් අතරමගදී පිනට දුන්,රන්ද රිදියෙන් මුතු මැණික් සහ සියලු වස්තුව පිනට දුන්,සංග රත්නේ අනුහසින් වෙයි මොවුන් හට ජය මංගලම්
ගිහිගෙ ගොඩක් කල් ඉඳල කම්සැප විදලා එයින්ම ලැබුණු අවබෝදයෙන් තමා ගෙදරින් යන්නේ ඒ යන්නේ හොරෙන් නෙමේ
දෙමාපිය ආශීර්වාදය අරගෙනඕනෙම අම්මා තාත්තා කෙනෙකුට තමන්ගේ එකම පුතා අයෙ බොහෝ කලකට නොයෙන්න දුර ගමනක් යන්න යනකොට දුකයි තමා,මේ එදා බෝසතාණෝඒ ගමන ගියේ අවබෝදයෙන් දෙවියෝ කිව්වේ තමන්ගේ දෙමව්පියෝ බිරිද  රටවැසියෝයි ඒ හැම දෙනාම බලාගන ඉන්නකොට තමා යන්නේ  රජවාසලේ  දොරටු හැරලා දෙන්නෙත් එයාලමයි රජවාසලෙන් මගක් දුරට අස්ව රථයෙන් ගෙනිහින් දානවා  එතනින් කෙලින්ම යන්නේ ආලාරකාලාම තවුසා වෙත ඊට පස්සේ උද්දකරාම පුත්ත තවුසා වෙත  එතනිනුත් නිවන නොලැබුන නිසා මගදයේ පිඬුසිඟා වඩිනවා ඒ ආරංචිය සැලවෙලා තමා බිම්බිසාර රජතුමා සිදුහත් තවුසා බැහැ දකින්න එන්නේ  ඒ හමුවෙලා කරන සංවාදයේදී රජතුමා සිදුහත් තවුසාගෙන් ඉල්ලනවා බුදුවෙලා ගිහියන්ගෙන් තමන්ට බන කියන්න කියල ඊට පස්සේ පස්වග තවුසන් හම්බවෙනවා

No comments:

Post a Comment