Sunday, January 5, 2014

ස,ම

සම්මාදිට්ටිය කියන්නේ ,යහපත් දැකීම හරි දැකීම නිවැරදි දැකීම මේ මෙහි සම්මත අර්ථයයිසං කියන්නේ එකතුවක් [මා ]කියන්නේ මිදී නිදහස් වෙනවටසං කියන එකතුවෙන් මිදීමට යමක් දැකිය යුතුද එය සංම්මා දිට්ටියයිසංම්මා දිට්ටියයි දෙයාකාරයි එකක් ලෞකිකයි -සසර ගමනට හේතුවෙනවා. අනික ලොකොත්තරයි- නිවනට හේතුවෙනවාලෞකික සම්මාදිට්ටිය නම් ----හොද නරක තෙරුන් අරගෙන යුතු අයුතු කම් තෙරුන් අරගෙන දන් දීම ආදියෙන් පිනක් තියෙනව යහපතක් තියෙනව කියලා තෙරුන් අරගෙන හොඳ වැඩ වල යෙදුනානන් මෙන්න මේ හේතුව තුලින් ලැබෙනවා සුගතියට යන්න හේතුකාරක වන පිනක් මෙන්න මේක තමයි ලෞකික සම්මාදිට්ටිය[ලෝකෝත්තර සම්මාදිට්ටිය-]] --සියුම් හෝ, ගණ හෝ ,හින වූ ,ප්‍රනීත වූ , දුර වූ ,ළඟ වූ ,ඇස යැයි යමක් යම් තැනක ඇත්නම් එහි ප්‍රියයි මානපයි යහපතයි හොදයැයි දුෂ්ටියක් ඇත්තද ,කණ යැයි , දිව යැයි ,නාස යැයි ,කය යැයි ,මන යැයි යමක් ඇත්නම් මේවා හොදයැයි කියන දුෂ්ටියක් යම් කෙනෙක්ට තියෙනවා නම් මෙන්න මේ තියෙන දුෂ්ටියෙන් අල්ලාගත්තේ කොහෙද කොතන හරි පැවැත්මක් දෙවියෙක් වෙලා හරි බඹෙක් වෙලා හරි මනුෂයෙක් වෙලා හරි කොතනහෝ කවුරු වෙලා හරි පැවැත්මක් බලාපොරොත්තු උනා නම් ,මේ ඉන්ද්‍රිය හයත් එක්ක එකතු වෙලා ඉදිමක් බලාපොරෝත්තු වුනානම් මෙන්න මේ බලාපොරොත්තු වෙන එක හරයක් නැහැ කියලා දැනගන්න දර්මයක් තියෙනව! මොකක් නිසාද විපරිණාමයට පත්වී වැනසෙන දෙයක් තුල මා බලපොරොත්තු වෙන යමක් ඇත්නම් එකේ පවතින්න පුලුවන්ද? මා බලාපොරොත්තුව වෙන ආකාරයට එය පිහිටා සිටිවිද?එසේ නොවන දෙයක් එසේ වේයැයි බලාපොරෝත්තුවක් ඇත්නම් අරුත් සුන් බලාපොරොත්තුවක් මිස හරවත් බලාපොරෝතුවක් වෙන්නේ නැහැ,සැනසුමට හේතුවෙන්නේ නැහැ සැනසුම බලාගෙන දුක් විදින එකක් වෙනවා කියා දර්මානුකුලව තෙරුන්ගත්තා නම් අසාරයි අසාරයි කියා දකිනවා කුමක්ද අසාර වෙන්නේ ? ,[ඇස අසාරයි, රුපය අසාරයි ][කණ අසාරයි ,ශබ්දය අසාරයි][ නාසය අසාරයි ,ගන්දය අසාරයි][ දිව අසාරයි රසය අසාරයි ][කය අසාරයි ,පොට්ටබ්බ අසාරයි ][මන අසාරයි ,දම්ම අසාරයි], [අසාරත්තෙන අනත්තා] මෙන්න මේඅසාර දේවල් දැක්කට පස්සේ කොහේ හිත බැඳගන්ද කවුරු වෙන්නද කෙබඳු ස්බාවයට පත්වෙලා ඉන්නද එහෙම අල්ලන්න එකම දෙයක්වත් මට මේ පැවැත්ම තුල නැහැ කියල දැනගත්තම ලෝකේහි අසාරත්වය දැක්ක කෙනා අසාරවන්නා ලෝකේ මම මොනවයේ ඇලෙන්නද මොනවා හොදයි කියල ගන්නද මෙන්න මේ ප්‍රච්නා නිගමනයට බහින පුද්ගලයාට ලෝකෝත්තර වන සම්මාදිට්ටිය පහලවෙනවා

No comments:

Post a Comment