තොටගමුවේ රාහුල හිමියන්ගේ වෙසමුණි රාජ තෛලය හින්ද හැටි
මේ මුඛ පරම්පරාගත කතාවකි. අපවත් වූ රාහුල හිමියෝ කාසංග නම් දිව්‍ය පුත්‍රයකුව උපත ලබා සිටිති. ජනප්‍රවාදයෙහි එන මෙම කතාව සහතික කළ හැකි සාධකයක්ද එම ජනප්‍රවාදයෙහිම සඳහන් වෙයි. ඒ රාහුල හිමියන්ට පින්දීම සඳහා කියනු ලබන ගාථාවයි.
අතීතයේ සිට මුඛ පරම්පරාගතව පැවැත එන එම ගාථාව මෙසේයි.

සම්බුද්ධ ගුණ ඥාන සම්පයුත්තං
වෛද්‍ය භූත ජේයාතීර් ෂට්භාෂා ප්‍රවේණං
ඉන්ද්‍රගිරි කුළු ගුහාධිපති පුණ්‍ය දේව රාජං
පුඤ්ඤානු මෝදිය රක්ඛන්තු මෛත්‍රි පූර්චකායං

රාහුල හිමි අපවත්වීමට පෙර සිද්ධාලෝක රසය නම් ඔෟෂධය වැලඳූ බව කියැවේ. එම සිද්ධාලෝක රසය නම් ඔෟෂධය පිළිබඳ නිවැරැදි තොරතුරු සඳහන් නොවෙතත්, එය ආයුර්වේදගේ එන රස වෙදකමට සම්බන්ධ ඔෟෂධයක් බව හඳුනාගත හැකි බවද ප්‍රකාශ වෙයි.
රාහුල හිමි යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම්, ජේයාතිෂය මෙන්ම වෛද්‍ය ශාස්ත්‍රයද මැනැවින් හදාරා තිබූ බව පැහැදිලිව ප්‍රකට වන කරුණකි. නාඩි අල්ලා වෙදහෙදකම් කළ හැකි නිපුණයකු වූ රාහුල හිමි රස වෙදකම ඉතා හොඳින් භාවිත කළ වෙදැදුරකු බව කියා සිටින්නේ ආයුර්වේදීය රස වෙදකම පිළිබඳ ඉන්දියාවේදී පර්යේෂණ රැසක් කළ ලංකාවේදී ඉරිදා දිනවල පමණක් වෙදකම් කරමින් අනෙක් දිනවල ඉන්දියාවේ වෙදකම් කරන ලාංකේය වෛද්‍යවරයකු වන සුජිත් සේනාරත්න වෙදැදුරායි.
"රාහුල හාමුදුරුවෝ බෙහෙත් සෑදුවේ ඉතා දුර්ලභ වර්ගයේ ඔෟෂධවලින්. ඒ ඔෟෂධවලින් සමහර ඔෟෂධ ගෙනාවේ ඉන්දියාවේ හිමාල වනයෙන්. ඉන්දියාවේ හිමාල වනයේ අදටත් යෝගීවරුන්, ඉසිවරුන් සහ ඉතා විශිෂ්ට ගණයේ වෛද්‍යවරුන් භාවනානුයෝගීව වැඩ වාසය කරනවා.

ඔවුන් සම්පූර්ණයෙන්ම මිනිස් ඇසුරෙන් තොරවයි ජීවත් වෙන්නේ. වෛද්‍යවරයකුට භාවනාව ඉතා වැදගත්. ඒ තමන්ගේ සිත, කය සුවපත් කර ගැනුමට. සුවපත් වූ සිතක්, කයක් ඇති වෛද්‍යවරයකුට ඉතා ඉහළ ආධ්‍යාත්මික වගාවක් ලබන්න පුළුවන්. ඒ තුළ අලුත් ඔෟෂධ වට්ටෝරු පිළිබඳ පර්යේෂණ කළ හැකියි. ඇත්තම කිව්වොත් ඔවුන්ගේ ප්‍රධාන කාර්යය අලුත් ඔෟෂධ වර්ග නිපදවීමේ, හඳුන්වාදීමේ ක්‍රියාවලිය.
රස වෙදකමට ප්‍රධාන වන්නේ කොටස් දෙකක්. ඒ රත්‍රන් සහ රසදිය. රස වෙදකමට අනුව එන සියලු ඔෟෂධ නිර්මාණය වන්නේ මේ මූලද්‍රව්‍ය දෙක උපයෝගී කර ගැනීමෙන්. මෙය සරලව මෙහෙම කිව්වත් යම් ඔෟෂධයකට යොදන මිණුව වෙනස්කම් සහිතයි.
අපේ ගුරුපිය පොත්පත් කියන විදියට ඉන්දියාවේ බමුණන් වගේම ඍෂිවරුන් රාහුල හිමි බැහැ දැකීමට ලංකාවට ඇවිත් තියෙනවා. ඒ ගැන හොඳ උදාහරණ තියෙනවා. මේ ඒකට සාක්‍ෂි දෙන එක කතාවක්.

'මන්ත්‍ර ශාස්ත්‍රයෙහි කෙළ පැමිණි බමුණකු එක් දිනක රාහුල හිමි බැහැ දැකීමට පැමිණ ඇත. පැමිණි එම බමුණා තමන් ළඟ ඉතා වටිනා රහස් සිද්ධ ඔෟෂධයක් ඇති බවත් රාහුල හිමියන් සමඟ එක්ව එය සාදා ගැනීමට කැමැති බවත් පවසා ඇත. මෙම ඔෟෂධය ඇඹරීමට ඉතා සුදුසු ස්ථානය තොටගමුවේ රාහුල හිමි වැඩ වසන මෙම ස්ථානය බව කී බමුණා එයට උදවු කරන ලෙස රාහුල හිමිගෙන් ඉල්ලා ඇත.
සුබ හෝරා නැකැත් බලා එම කටයුත්ත ආරම්භ කරන්නට රාහුල හිමි කැමැත්ත පළ කළ හෙයින් දෙදෙනා එක්ව බෙහෙත අඹරා ඇත. මෙහිදී බෙහෙත ඇඹරීමට පෙර අඹරන ලද බෙහෙත දෙදෙනා අතර සම සමව බෙදා හදා ගැනීමේ පොරොන්දුවක්ද ඇති කරගෙන තිබිණි. බෙහෙත නියම පදමට ඇඹරෙන විට අඹරන ලද ගල රන්වන් පැහැයට හැරී ඇත. එය දුටු බමුණා බෙහෙත එක්රැස් කරන මුවාවෙන් ඒකරාශී කර එම සැණෙකින්ම අහසට නැඟී පලා ගොස් ඇත.
අහසින් ගමන් කළ හැකි එම බෙහෙත තමන් රවටා අරගෙන බමුණා පලා ගිය බව දුටු රාහුල හිමි බෙහෙත ඇඹරූ ගල එම මොහොතෙම වැසිකිළි වළට දමා ඇත. ඒ හා සමඟම බෙහෙතේ ආනුභාවය නැති වී බමුණා බිමට ඇද වැටී ඇත.'

මේ රාහුල හාමුදුරුවන්ගේ ඉතා ප්‍රකට ගුණ ඔෟෂධයක් ගැන කතාවක්.
එම කතාවට අනුව තදබල හිසරදයක් තිබූ අයෙකු පැමිණ රාහුල හිමිගෙන් බෙහෙත් අසා තිබෙනවා. රාහුල හිමි එම අයට මෙසේ බෙහෙත් කියා තිබෙනවා.

අරළු බුළු නෙල්ලී
එකෙක් ඇවිදින් රිල්ලී
කොටා හිස ගැල්ලී
දිවේ හිස රද පෙල්ලි පෙල්ලී
එකෙක් ඇවිදින් රිල්ලී
කොටා හිස ගැල්ලී
දිවේ හිස රද පෙල්ලි පෙල්ලී
රස වෙදකම යනු ඉතා සූක්‍ෂ්ම වෛද්‍ය ක්‍රමයකි. ආයුර්වේදයට අනුව මෙම වෙදකමින් තුන් වරකට වඩා ප්‍රතිකාර කළ යුතු නැති බව කියන වෙද මහතා එය ඉතා ගුණදායක බවද කියනවා. හෙදකම් මෙන්ම වෙදකමට අදාළ පර්යේෂණ කරන වෙද මහතා ඉන්දියාවේ සිට කරන්නේ පොත්ගුල්වල සුරක්‍ෂිතව තබා ඇති පුස්කොළ පොත් සහ ඒ ආශි්‍රත වෙනත් සටහන් පරීක්‍ෂා කිරීමයි. ඒ ගැන ඔහු මෙසේ කියයි.
"මම මේ උත්සාහ කරන්නේ රාහුල හිමි රචනා කළ ඉතා පැරැණි වෛද්‍ය ග්‍රන්ථ සොයා ගැනීමට. මම මේ පර්යේෂණාත්මක වෛද්‍ය කටයුත්ත ආරම්භ කළේ කාලයකට ඉහතදී.

එතැනදි මට යම් යම් වෛද්‍ය ග්‍රන්ථ ලැබුණා. ඒවා විමසා බැලුවාම ඉතා රහස් බෙහෙත් වට්ටෝරු මෙන්ම වෛද්‍ය රහස්ද ලියා තිබූ බව දක්නට ලැබුණා. මම පසුගිය කාලය පුරාම ඒවා අත්හදා බලමින් පර්යේෂණ කළා. මගේ එම ප්‍රතිකාර තුළින් බොහෝ අය ඉතා විස්මයජනක ලෙස සුවපත් වුණා. ඒ වගේම මේ සමහර ඔෟෂධ වර්ග, වෛද්‍ය පොත් රාහුල හිමියන්ගේ බවට මා කළ පර්යේෂණ මඟින් සනාථ වෙමින් තිබෙනවා.
රාහුල හිමි අපවත් වීමට කලින් සිද්ධාලෝක රසය පැවැති බව උන්වහන්සේම ලියා තිබෙනවා. ඒ සඳහා වන හොඳම සාක්‍ෂිය ලැබෙන්නේ අපවත් වූ උන්වහන්සේ හිස තබා තිබූ කොට්ටය යට තිබූ තඹපත් ඉරුවයි. එම තඹ පත් ඉරුවෙන් මෙසේ සඳහන් වනවා.

සවර ලැබ මුල් කඳ
සිඳු අළුරස වැලඳ තෙද
දශ ලක් දිනා ලද
රහල් හිමි නැඟූ මෙදිය දියදද
නිරිඳු බුවනෙක බා
බලය තෙවිටක් පසු බා
රුපු යුදයට නොබා
මමය පැරකුම් රජුගෙ ජයබා"
සිඳු අළුරස වැලඳ තෙද
දශ ලක් දිනා ලද
රහල් හිමි නැඟූ මෙදිය දියදද
නිරිඳු බුවනෙක බා
බලය තෙවිටක් පසු බා
රුපු යුදයට නොබා
මමය පැරකුම් රජුගෙ ජයබා"
රාහුල හිමියන් තෙල් බෙහෙත් වට්ටෝරු පොතක් පිටපත් කළ පරපුරකින් පැවැත එන වර්තමාන පුරුකක් වනුයේ රොෂාන් චානක තිසේරායි. මේ ඔහු කියන කතාවකි.
"අපි තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ පොතේ තිබුණු තෙල් බෙහෙත් හින්දුවා. අත්හදා බැලීමක් විදියට. මේ වගේ දෙයක් කිසිම මාධ්‍යයකට විවෘත කරන්නේ නෑ. ඒ වගේම කිසිම පිටස්තරයකුට සහභාගි වන්න දෙන්නේ නෑ. නමුත් මව්බිමටත්, මව්බිම පාඨකයන්ටත් මම ඒ විශේෂ අවස්ථාව උදාකර දෙනවා.
මේ තෙල් වර්ගයට කියන නම තමයි වෙසමුණි රාජ තෛලය. මේ තෙල ඉතා බලගතුයි. ඒ වගේම මේ තෙල ඉතා වටිනා තෙලක්. මේ තෙලට ගන්න සමහර බෙහෙත් පැළෑටියක් රුපියල් දහදාහක් වගේ මිලක් ගන්නවා. මේ තෙල ගාණ කියැවෙන එක කවියක් තියෙනවා. මේ ඒ කවිය.

වෙසමුණි දෙවියෝ සිටගෙන මෙකලේ
නරලොව සුවදුක් කෙලෙසද විචළේ
යක්‍ෂ භූත පිසසුන් ඇති කාලේ
මෙ පරලොවට එවු වෙසමුණි තෛලේ
නරලොව සුවදුක් කෙලෙසද විචළේ
යක්‍ෂ භූත පිසසුන් ඇති කාලේ
මෙ පරලොවට එවු වෙසමුණි තෛලේ
මේකෙන් කියැවෙන්නේ වෙසමුණි රජ්ජුරුවෝ නරලොව ඉන්න නරයන්ගේ ෙදාස් දුරුකර ගැනීටම මේ තෙල් වට්ටෝරුව ලබාදුන්නා කියන එකයි.
මේ තෙල් වට්ටෝරු තියෙන පොත අපේ පළමු පරම්පරාවට අයිති එකක්. අද අපි ළඟ තියෙන්නේ ඒ පරම්පරාවෙන් පස්සේ ආපු පරම්පරාව පිටපත් කරපු පොතක්.
අපේ පළමු පරම්පරාවේ ගුරුන්නාන්සේලා රාහුල හාමුදුරුවන්ගෙන් යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය ඉගෙන ගත්තු අය නෙවෙයි. ඒ වුණාට අපේ පළමු පරම්පරාවට වාසනාව ලැබුණා රාහුල හාමුදුරුවන්ගේ ගෝල පරම්පරාවෙන් ඉගෙන ගන්න.

අද අපි ළඟ තියෙන පිටපත් කරපු පොතේ පළමු වැනි පිටුවේ මෙහෙම සඳහන් වෙනවා.
'ශ්‍රී වන්ද ස්වරායි සකල සත්ත්වයන් කෙරෙහි පතළ මහා කරුණාව ඇති තොටගමුවේ ගරු ස්ථවීර ස්වාමිපාදයන්වහන්සේගේ ගරුත්වය අසා ඉහත කී මැද දේසේ කාක්ෂපුට පණ්ඩිත නම් බමුණු තෙම ඉහත කී ස්වාමිපාදයන්වහන්සේ කරා පැමිණ උන්වහන්සේ කෙරෙහි සිත පැහැදී කදිරගාරායන සෙයපාදු මාලාව තෑගි කොට පිදුවේය.

සකල ලෝකයෙහි නිමල කටයුතු කළ හැකි මේ දෙවි දේවතාවන් ගෙන්වීමටද බන්ධන කිරීමටද යකුත් ගෙන්වීමටද බන්ධනය කිරීමටද ප්‍රලය කිරීමටද විෂ්ණු දෙවියන් ළඟ වශී ක්‍රමයට කන්‍යා නූල් නව පටක් ගෙන ගැට නවය ගසා සෑම සිහිකර ගැට අසු කරනු.
රාජ වශී සභාවටද පාඩුවලටද කපනු බැරි දිරාපත් වී ගිය හූනියම් කැපීමද පිස්සු අලියාටද කුළු ගවයාටද ලුහුබැඳගෙන එන චෞරයාටද සිහි කරනු. වඳුරු සමට මැතිරීමට යහපති.

තව තියෙනවා රාහුල හාමුදුරුවෝ හූනියන් දේවතාවන්ගෙන් වැඩ ගත්තු මන්තරයක්. ඒ මන්තරේ දවසකට හත්වර මතුරා වැඩ අරගත්තු බවයි මන්තර පොතෙන් කියැවෙන්නේ. මේ තමයි ඒ මන්තරයේ එක කොටසක්.
'ඕං ශ්‍රී ලංකා විෂ්ණු කුමාර වඩිග පුන්ද හනුමා ගෝර නීල සුරාසුර භයංකර..... මාගේ කඳ ගාත්‍රයට බන්ධ .... ආරක්‍ෂා බැන්දෙන්..... මා වට සෙවණ කර සිටින්....... සර්වන්ත වෛශ්‍යාත් ...... මා කරා දිෂ්ටි බන්ධ ........ මා ලා ........ මාගේ මූණ බලා ...... සියලුම දිෂ්ටි ලා සිටිත්... මාගේ ශරීර කාන්තියට .... මාගේ චිත්ත ප්‍රසාදනයට දිෂ්ටි ලා සිටිත්.... මා වට බැබලි බැබලි සිටිත්... මුළු ඥාතියන්... බන්ධනේ .... සිටිත්....."
මේ තෙල් හිඳීමේ විශේෂ පිළිවත් ක්‍රම තියෙනවා. තෝරා ගන්නා ස්ථානය අතිශයින්ම පිරිසුදු වෙන්න ඕන. ඒ වගේම ඊට කලින් එතැන ළිප ගිනි මොළවපු තැනක් වෙන්න බෑ. ඒ වගේම මිනිස් වාසයෙන් තොර වෙන්න ඕන. උඩට උඩුවියන් බැඳ බිම් මට්ටමින් ඉහළට හදපු ළිපක් වෙන්න ඕන. ගොම මැටි ගාන්න ඕන. මේකට ගාන්න ගන්න ගොම එළ වස්සකුගේ පිරිමි ගොම වෙන්නත් ඕන. ඒ වගේම තමයි බෙහෙත් තෙල් හිඳිනකොට ගන්න ගොම රතු පිරිමි එළ වස්සකුගේ ගොම වෙන්නත් ඕන. තවත් තැනක නියම කරලා තියෙනවා බඩ කළු පිරිමි එළ වස්සකුගේ ගොම වෙන්න ඕන කියලා.

ළිප ගිනි මොළවන දරවලට ගන්න ඕන කුරුඳු, අංකෙන්ද දර විතරයි. ළිප ගිනි දල්වන්නෙ පත්තු කරපු කපුරු දර උඩට දාලා. ඒ දානකොට දල්වන්න ගන්නෙ පොල් කොළ, පොල් හනසු වගේ දේවල්.
මුට්ටිය ළිප තියන්නෙ සුබ නැකැතට. තෙල් හැඳිගාන්න ගන්නේ ලී පත්තක්. කටින් ළිපට පිඹින්නෙ නෑ. ගින්දර අඩු වැඩි කරන්නෙ දර ටික එහාට මෙහාට කරලා.
අවසර ගැනීම, බුදුන් වැඳීම, නමස්කර කිරීම, තෙල් හිඳින්න ඉස්සර පහන් පැලක් හදා ගැනීම පින් දීම කරන්න ඕන. තෙල් හිඳින්නෙ සම්පූර්ණ බුදු ගණ ගායනා කරමින්.

තෙල හිඳලා අවසන් වෙනකම් ආරක්‍ෂා කරන්න ඕන. ඒක කරන්නෙ ආරක්ෂාව භාරව ඉන්න දේවතාවන්ට ආරාධනා කරලා භාර දීලා. මේකට බෙර පදයක් තියෙනවා. ඒ බෙර පදය තාලයට ගහ ගහ ආරාධනා කවි කිය කියා තෙල හින්දනවා.
විශේෂම දේ තමයි මේ තෙල හිඳිනකොට අමනුස්සයෝ කලබල වෙනවා. ඒ අය කැමැති නෑ ඒකට. ඒ හින්දා මේ තෙල හිඳින එක නවත්වන්න බලපෑම් කරනවා. ඒ අය දන්නවා මේ තෙල හින්දාම ඒ අයට කැමැති කැමැති දේවල් කරන්න බෑ කියලා. ඒ හින්දා ඒ අයට පහන් පැලක් හදලා වෙසමුණි දෙවියන්ට කන්නලව් කරනවා ආරක්‍ෂාවේ වරම් දෙන්න කියලා. මේ හැම දෙයක්ම කරන අතරේ නවත්වන්නෙ නැතිව දුම් අල්ලන්න ඕන. ඒ වගේම කිසිම කිල්ලක් ඒ පළාතට වැද්ද ගන්න බෑ.
තෙල හින්දන්නෙ විශේෂිත පිරිසුදු තෙල් වර්ග හතරකට ඔෟෂධීය කොළවල සාරය දමලා. මේකට ගන්නවා ඔෟෂධීය කොළ වර්ග හැත්තෑ දෙකක්. මේ හැම එකක්ම අමුවෙන් ගන්න ඕන. ඒ වගේම නෙළාගෙන පැය හැත්තෑ දෙකක් යන්න කලින් අඹරන්න ඕන. මේ කොළ අඹරන්නෙ ඇඹරුම් ගලේ. ඒ ගල බෙහෙත් වර්ග අඹරන ගලක් වෙන්න ඕන. ඒ වගේම ඒ අඹරන ගලට වරම් දෙන්න ඕන.

විශේෂම දේ තමයි මේ හැම වැඩකටම ගන්නේ පිරිමි කට්ටිය විතරයි. කිසිම කාන්තාවක් පළාතකටවත් වැද්ද ගන්නෙ නෑ.
බෙහෙත් වර්ග විදියට කියනවා නම් ඉරාජ, වනරාජ, කුඩා හැඩයා, මහ හැඩයා වගේ බෙහෙත්. මේ බෙහෙත් වර්ග ගොඩාක් තියෙන්නේ කැලෑවල. නැත්නම් කඳු මුදුන්වල. මේ හැම බෙහෙත් පැළයක්ම ගලවන්න නැකැත් තියෙනවා.

හිඳෙන තෙලේ පදම බලන ක්‍රම දෙකක් තියෙනවා. එක ක්‍රමයක් තමයි අතින් අල්ලා බලන එක. අනෙක්් ක්‍රමේ පත්තට තෙල් අරගෙන ආපහු තාච්චියට වක්කරන එක. මෙන්න මේක තමයි අවසාන පදම බලන හරි විදිය.
පහන් පැල හදන්නා ඒ ස්ථානයේ තෝරාගත් කොටසේ බ්‍රහ්ම පාදය මැදි කරලා. ඒ කියන්නේ ඒ හරිය තමයි ප්‍රදේශයේ පිරිසුදුම තැන. මේ බ්‍රහ්ම පාදයේ ඉඳලා ළිප බඳින තැනට නියම කරපු දුරක් තියෙනවා. ඒ වගේම දිශාවක් තියෙනවා. පත්තෙන් කරන පළමු හැඳි ගෑමටත් ළිප ගිනි මොළවලා නැකැතක් දීලා තියෙනවා. ඒ නැකැත දීලා තියෙන්නේ ළිප ගිනි දල්වලා නියම කරපු මිනිත්තු ගණනකින්. හරියට ඒ මිනිත්තු ගණන ගෙවෙන කොට පත්ත තෙල් හැළියට දාන්න ඕන.
ඒ දානකොට පත්තට දැනෙනවා සැහැල්ලුවත් නැති, බරක් නැති ගතියක්. එතැනදී පත්ත උස්සලා බලන්න ඕන. පත්තේ ගෑවිලා තියෙන මිශ්‍රණයේ පදම හරි නම් තෙල් හිඳින්න පුළුවන්. ඒ පදමයි, නියමිත වේලාවයි එකට එකතු වෙන්නේ යොදන ගින්දර ප්‍රමාණය අනුව. ඒ හින්දා ගින්දර පාලනය කිරීම තමයි තෙල හිඳිනවද නැද්ද කියන එක තීරණය කරන්නේ.

මේ වෙසමුණි රාජ තෛලය හරි ගුණයි. ඒ වගේම බලවත්. මේ තෙල්වලින් ගෙදර, ව්‍යාපාරික ස්ථානයේ පහන් දැල්වීමෙන් සියලු ෙදාස් දුරුකර ගන්න පුළුවන්. ශි්‍රයාව වැඩි වෙනවා.
යක්‍ෂ, භූත, ගුප්ත දෝස දුරු වෙනවා. විභව දෝෂවලට ඉතා යහපත්. ඒකට කරන්න ඕන පිළිවෙත මේකයි. ගේ මැද අඩි පහක් විතර උසකින් පහනක් තබා මේ තෙල් දමා දල්වන්න. තෙල්වලින් දැල්වෙන පහන් එළියෙන් එවැනි ෙදාස් දුරු වෙනවා.
කාන්තාවන්ගේ වට කුමාර, කොට කුමාර දෝෂවලදි පෙකණිය වටේ ගාන්න ඕන. ග්‍රහ අපලවලදි කර පලඳින්න ඕන.
හැබැයි මේ ටිකත් කියන්න ඕන. මේ තෙල හින්ද පමණින් මේ දේවල් කරන්න බෑ. තෙල හින්දට පස්සේ තෙල ජප කරලා ගණ පිහිටවන්න ඕන. මේක පියවර කිහිපයකින් කරන්න ඕන වැඩක්. ඒකටත් නැකැත් හෝරා නියම කරලා තියෙනවා. අවසානයේදී තමයි පුද්ගලයාගේ නමට ජීවම් කරන්නේ. ඉන් පස්සෙ තමයි ප්‍රයෝජනයට ගන්නේ.

අපේ මේ වෑයම රාහුල හිමි ගැන නොදත් දේ සොයා රාහුල හිමි සාහිත්‍යයක් ගොඩ නඟන්න. මේකෙන් අපි ආ ගමන ඉතා සාර්ථකයි. අපි කැමැතියි මේ හැමෝම අපිත් එක්ක එකතු වෙනවා නම් දුරකතන අංක 071 6366175ට කතා කළොත් සුජීව සේනාරත්න සහ රොෂාන් තිසේරා චානක තිසේරා කියන අපි එක්ක සම්බන්ධ වන්න කියලා ඉල්ලා සිටිනවා."
අරුණඩේල් විජේරත්න
ඡායාරූප - ජේ. වීරසේකර
ඡායාරූප - ජේ. වීරසේකර
No comments:
Post a Comment