Tuesday, October 21, 2014

ශිව ශඩක්ශර ස්ත්‍රෝත්‍රම්

ඕම් කාරම් බින්දු සංයුක්තම්
නිත්‍යම්,ද්‍යායම්ති යෝගිනා
කාමදම් මෝක්ෂදම් චෛව
ඕම් කාරාය  නමෝ නමහ

නමන්ති ඍෂයෝ දේවා
නමන්තියප්ශරසාම්ගනා
නරානමන්ති දේවේෂම්
නකාරාය නමෝ නමහා


මහාදේවම් මහාත්මානම්
මහාද්ධ්‍යනම්පරායනම්
මහා පාප හරම් දේවම්
මකාරාය නමෝ නමහ

ශිවම් ශාන්තම් ජගන් නාතම්
ලෝකානුග්‍රහකාරම්
ශිවමේකපදම් නිත්‍යම්
ශිකාරාය නමෝ නමහ

වාහනම් වෘෂභෝ යස්ය
වාසුකි කන්ට භුෂනම්
වාමේශක්ති ධරම් දේවම්
වකාරාය නමෝ නමහ

යත්‍ර යත්‍රස් තිතෝ  දේවා
සර්ව ව්‍යාපී මහේෂ්වරා
යෝ ගුරු සර්ව දේවානම්
යකාරාය නමෝ නමහ

ෂඩක්ශරිමිදම් ස්ත්‍රෝත‍්‍රම් යහඃ පාටෙක්චිව සංනිධෝ
ශිවලෝකමවාප්නොති ශිවෙන්  සහ මොදතේ

ඉතිහාසයේ පළමුවරට මන්ත්‍ර ශාස්ත්‍රය තුළ හෙළි කරන ලොකුම රහස
සුවහසක් ජනතාවගේ ආදරය ගෞරවය සහ විශ්වාසය හිමිකරගෙන සිටින තරුපතිට ලිපි ලියන අප ගැනත් මිනිසුන් තුළ ඇත්තේ ඒ හා සමානම විශ්වාසයකි. විශ්වාසය අපට අපේ නෑයකු වැනිය. එබැවින් තරුපතිට ලියන අප ගැන මෙන්ම තරුපති ගැනත් ජනතාව තබා ඇති විශ්වාසය නිතැතින්ම ආරක්ෂා කළ යුතුය.
අප සෑම කෙනකුම නිතරම තරුපතිට දෙනු ලබන්නේ අප පරපුරවල තිබූ හොඳම දේය. ඉපදී ජීවත් වී මියයන මේ කෙටි කාලය තුළ කෙතරම් දේ අප පොදි බැන්දත් අප මේ සියල්ල යම් දිනෙක අතහැර යා යුතුව ඇත. අපේ පරම්පරාවන් එකතු කරගත් සියල්ල, සියලු යස ඉසුරු මේ සියල්ල අවසානයේදී අත්හැර දමා යා යුතුය. පරපුරට උරුම යැයි කියා අප යමක් සඟවාගෙන සිටියත් පසුව අප මියයන විට ඒවා කවුරු අතට පත්වේදැයි අප කාට නම් කිව හැකිද? ඉපිද මැරෙන, යළි උපදින මේ අරුමැති සසරේ මගේ දැනුමෙන් ඔබට වැඩක් වේ නම් ඒ මට ඇති.
ලෝකයේ අප පරපුරට පමණක් උරුම වූ මේ රහස අද තරුපති හරහා මා ඔබට කියන්නම්. කවුරු හෝ මේ රහස දැනගෙන තිබේ නම් එය මහඟු පින්කමකි. මට හංගාගන්නට දෙයක් නැත. මේ ක්‍රමය භාවිත කළේ අපේ පරපුර පමණි. වෙන කිසිම පරපුරක මේ ක්‍රමය නැත. අසාවත් නැත. මගේ පරපුරට පමණක් උරුම වූ මේ මන්ත්‍රය පිට වට නොදීම ගුරුන් මැරුවා සමාන බව අපේ පොතේ අගින් ලියා ඇත. අද වනවිට මේ උතුම් වූ ශාස්ත්‍රය වැළලී ගොස් ඇත්තේ කුහකකම හා ලෝබකම නිසාවෙනි. කුහකයන්ට මේ ශාස්ත්‍රයෙන් ගුණ ඵල ලබාගත නොහැකිය. එබැවින් කුහකකම් අතහැර මේ රහස ලෝකයේ පළමුවරට මම ජේ‍යාතිෂ පුවත්පතකින් මෙසේ හෙළිකරමි.
යන්ත්‍ර මන්ත්‍ර ලෙස ලෝකයේ විවිධ ගුප්ත ශාස්ත්‍ර විධි දක්නට ලැබෙයි. මේ අතර යන්ත්‍රවලට ලැබෙන්නේ ප්‍රමුඛ වූ තැනකි. මහා රාජතරංගනී යන්ත්‍රය, විෂ්ණු මණ්ඩලය, මෘතුංජය යන්ත්‍ර, මහා දිව්‍යරාජ මණ්ඩල යන්ත්‍රය ආදී යන්ත්‍ර රාශියකි. මෙම යන්ත්‍රයක කෝටි ප්‍රකෝටි බලයක් උදාකරවිය හැකි අතිශය රහස් වූ ගුප්ත ක්‍රමයක් තිබේ. මෙය ඉතාම අසීරු දෙයක් නොවේ. අවස්ථා 30කට අයත් වූ ඉතාම රහසිගත වූ ක්‍රමය මෙයයි.
අපි මන්ත්‍ර විද්‍යාවේදී යන්ත්‍රයක් ජීවම් කිරීමේදී මුලින්ම දිෂ්ටි කරවූ ඇතැම් යන්ත්‍රවලට සුවිශේෂී වූ දිෂ්ටි මන්ත්‍ර ඇත. ඊළඟට ප්‍රාණ කරයි. ඉන්පසු යන්ත්‍රයට අදාළ ජීවම සිදුකරනු ලබන අතර පලිප්පු කොට පුට කොට සිද්ධි කරයි. මෙසේ යන්ත්‍රය නිමා කරයි. නමුත් යන්ත්‍රයකින් අප නොසිතූ නොවිරූ ආකාරයේ ප්‍රතිඵල උදාකර ගැනීමට හැකිය.
මරන්නට ගෙන ගියත් නොමරා ආපසු එවන “අභයරාජ යන්ත්‍රය” වැනි යන්ත්‍ර තිබේ. යන්ත්‍රයකින් කළ හැකි බලපෑම අසීමාන්තික බව මේ අනුව සිතාගත හැකිය. නමුත් එදා අතීතයේ අප පරපුරේ මුතුන්මිත්තන් විසින් මේ මන්ත්‍ර ක්‍රමය විස්කම් ක්‍රියාවන් සිදුකිරීමට යොදා ගත්තේ මෙම අති රහස්‍ය වූ ක්‍රියාව අනුගමනය කිරීම තුළිනි. යන්ත්‍රයක් සාමාන්‍ය ක්‍රමයෙන් බලගැන්වීම මෙන් දහස් ගුණයක බලයක් මෙම රහස් ක්‍රමය භාවිත කිරීම තුළින් උදාකරගත හැකිය. උදාහරණයක් ලෙස සර්ව ජන ආකර්ෂණය උදාකරන යන්ත්‍රයක් සාමාන්‍ය වූ ක්‍රමයට කිරීමෙන් සියක් දෙනකුගේ ආකර්ෂණය ඇති කරගත හැකි නම් මේ ක්‍රමය භාවිත කිරීම තුළින් ලක්ෂයක බලයක් තමාට නම්‍යශීලී කොටගත හැකිය.
මෙම ක්‍රමය මුදල් සෙවීමට භාවිත නොකොට අහිංසකව දුකින් පෙළෙන ජනතාවට නිසි රැකවරණයක් පිහිටක් වීමට ප්‍රයෝජනයට ගන්නා මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. මගේ ගුරු මවුපියන්ටත් පින් ලැබෙනු පිණිස මේ රහස් ක්‍රමය සඳහන් කරමි. අප විසින් නිවැරැදිව ඇඳගනු ලැබූ යන්ත්‍රය සුදුසු පරිදි යන්ත්‍රාසනයක් මත තබා නූල් 9 පොටක් යන්ත්‍රය වටේටද නවවරක් ඔතා එහි කෙළවර අල්ලාගෙන මැතිරීම කළ යුතුය. ඒ අනුව මෙම අතිශය රහස් ක්‍රමයට කරනු ලබන ජීවම් ක්‍රමයේදී.
1. කිලි හරණය කිරීම
2. තුනුරුවන් වැඳීම
3. ඊශ්වර දේවතා වන්දනය
4. සූනියන් දේවතා වන්දනය
5. ජපයට අදාළ දෙවියන් වන්දනය
6. සියලු දෙවියන්ගෙන් පිහිට යැදීම
7. සර්ව දේව කන්නලව්ව
8. පූජාව භාර කිරීම
9. අටකොනට දුන් දීම
10. දුම්මල දිෂ්ටිය
11. මල් බුලත් තටුව දිෂ්ටි කිරීම
12. පංචෝපහාර දිෂ්ටිය
13. පංච භූත දිෂ්ටිය
14. ජපයට අදාළ දිෂ්ටිය
15. දිෂ්ටිය බලවත් කිරීමේ මන්ත්‍රය
16. ආවේශ මන්ත්‍රය
17. අදාළ ජප මන්ත්‍රය
18. ජපය දිෂ්ටි කිරීම
19. ප්‍රාණ මන්ත්‍රය
20. ප්‍රාණ දිෂ්ටි මන්ත්‍රය
21. ප්‍රාණ බන්ධනය
22. මහා ආවේශා මන්ත්‍රය
23. පලිප්පු මන්ත්‍රය
24. සිද්ධි මන්ත්‍රය
25. සුද්ධි මන්ත්‍රය
26. පුට මන්ත්‍රය
27. යන්ත්‍රය හකුළන මන්ත්‍රය
28. යන්ත්‍රය පලඳවන මන්ත්‍රය
29. දේව මණ්ඩලයට පින් දීම
මේ විසි නව වැදෑරුම් ක්‍රමයට යමකු විසින් යන්ත්‍ර ජීවමක් සිදුකළහොත් ඔහුට මරණයෙන් පවා බේරී යෑමට මොහොතක හෝ හැකියාවක් ලැබෙන බව කියැවේ.
අද ලංකාවේ සිටින විවිධ වූ ඇදුරු පරම්පරාවන් විසින් මේ විසි නව ක්‍රමය අනුගමනය කරනු මා කොතැනකවත්ම දැක නැත. කිසිම ගුරු කුලයක මේ ක්‍රමය නැති බවද මුළු ලෝකයේම කොතැනකවත් මේ ක්‍රමයට යන්ත්‍ර මන්ත්‍ර ක්‍රමයක් අනුගමනය කරනු ලබන කෙනකු නැති බව නොබියවම ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. එදා රාහුල පරම්පරාවේ මන්ත්‍රවල උරුමය ලද අප පරපුරේ අය පමණක් මෙම ක්‍රමය අනුගමනය කළ අතර මේ ක්‍රමයෙන් කරනු ලබන යන්ත්‍ර ජීවමක් තුළින් ලැබෙන ගුණය අනන්ත අප්‍රමාණ වෙයි.
ඇතැමුන් යන්ත්‍ර මන්ත්‍ර ගැන කීවත් එහි නිසි ක්‍රමය හඳුනන්නේ නැත. එම නිසා මේ ක්‍රමය ඔබ කෙරෙහි ඉතාම ආදරයෙන් තරුපතිට කරන පූජාවක් සේ ගෞරවයෙන් මෙසේ ලියා එවූයෙමි. මේවාට අදාළ සියලුම මන්ත්‍ර ඉදිරියේදී නිර්ලෝභීව ලියා එවන්නෙමි. මේ තුළින් කරනු ලබන ජීවම් මඟින් දහස් ගණන් රෝගීන් සුවපත් වේවි. දහස් ගණන් මෙම ශාස්ත්‍රීය ක්‍රමය ඉගෙනගෙන යහපතක් කරාවි. අහිංසක මිනිසුන්ගේ හිත්වලට සහනයක් ලැබේවි. මෙසේ ලබන හැම ශාන්තියක්ම හැම ශාන්ති වාක්‍යයක්ම තරුපතිට චිරාත් කාලයක් ආශීර්වාදය පිණිසම හේතු වේවි. ඒ පින මටත් මගේ ගුරුවරුන්ටත් නිවන් පිණිස හේතු වේවි. සියලු සත්ත්වයෝ සුවපත් වේවා!
ඒ. සුමනවංශ හිමි
071 - 8241354
කැමතියිකැමතියි · 

මෙන්න තොටගමුවේ සිරි රාහුල හාමුදුරුවන්ටත් වැරදිලා ලංකාවට දඹදිව කියල .. " විකුමෙන් මෙ දඹදිව නිරිඳුන් මුදුන්වන ".. මේ දඹදිව .. ඒ දඹදිව නෙවෙයි .. දැන් කියාපල්ලා තොටගමුවේ හාමුදුරුවෝ ඉන්දියාවෙ ඉඳන් සැළලිහිනි සංදේශේ ලිව්වේ කියල ඒ කාලේ පැරකුම්බා රජ්ජුරුවෝ ඉන්දියාව පාලනය කරා කියල .. බුදුන්ව ඉන්දියාවට යවන්න ඕනම දෙයක් කරන්න ලෑස්ති උන්ට තොටගමුවේ හාමුදුරුවෝ එහෙට දාන එක කජ්ජක්ද එක අතකට ... 
සත නෙත දුන් රූසිරු රස අඳුන්වන
පත නර ලොව පුරඳර සිරි හඳුන්වන
විකුමෙන් මෙ දඹදිවැ නිරිඳුන් මුදුන්වන
අප පැරකුම් නිරිඳුට දූ ළඳුන්වන

No comments:

Post a Comment