උපන් නැකතට අනුව සුබ වෙලාවක් තෝරාගෙන දරුවා පාසලට පිටත්කරන්න
ජ්‍යෙdතිෂ්‍යවේදී රංජන් සිසිර කුමාර
සටහන - ධම්මික හේවාවසම්
මෙලොවට දරුවකු බිහිකළ සෑම දෙමාපියකුගේම එකම බලාපොරොත්තුව තමන් ලැබුවාට වඩා උසස් අධ්‍යාපනයක් තම දරුවාට ලබාදීමය. කුමන ක්‍රමයකින් හෝ දරුවා ජනප්‍රිය පාසලකට ඇතුළු කරගන්නට ඔවුන් පෙළඹෙන්නේද මේ කාරණය නිසාමය. නොයෙක් කැපවීම් කර වෙහෙස මහන්සි වී තම අරමුණ ජයගනිමින් දරුවා පාසල් ජීවිතයට ඇතුලත් කිරීමේ මූලික අඩිතාලම දමන බොහෝ දෙමාපියන් අතින් අද බොහෝ වැරදි සිදුවේ.
ඒ තම දරුවා පළමු වසර සඳහා නියමිත දිනයේ පාසලට ඇතුළත් කිරීමෙන් පසු ඔවුන් බලාපොරොත්තුවන්නේ ජයග්‍රහණ පමණක්‌ම වීමය. කුඩා මනසට ඔරොත්තු නොදෙන ලෙස අනවශ්‍ය බර පටවා තම අරමුණු ඉටුකර ගැනීමට වෙහෙසෙන සමහර දෙමාපියන් නිසා අධ්‍යාපනය වධයක් වී ජීවිතය අඳුරුකරගන්නා දරුවන් අද සමාජයේ ඕනෑතරම් සිටී.
එබැවින් 2014 වසරේ පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමට සැරසෙන ඔබ බුද්ධිමත් දෙමාපියන් ලෙස තම දරුවාගේ අනාගතය සාර්ථක කර ගැනීමට ශක්‌තියක් වෙමින් මේ ආකාරයෙන් කටයුතු කරන්න. මේ සඳහා යොමුවන ඔබ ප්‍රථමයෙන්ම දරුවාගේ ඡන්ම පත්‍රය පරීක්‍ෂා කර දරුවාගේ ඡන්ම නැකතට අනුව සුදුසු වේලාවක් තෝරාගෙන එම නැකතින් දරුවා පාසල වෙත පිටත් කිරීමට මතක තබා ගන්න. එසේ නැතිව පොදුවේ යෙදෙන සුබ නැකැත් මේ සඳහා කිසිසේත් සුදුසු නොවේ. සරස්‌වතී යෝගයක් යෙදී ඇති දිනක වූවද අධ්‍යාපන කටයුතු සඳහා එක් දරුවෙකුට සුබ නැකතක් තවත් දරුවෙකුට අසුබ විය හැකිය. උදාහරණයක් වශයෙන් ගත්කල අස්‌විද නැකතින් උපන් දරුවෙකුට බෙරණ නැකත සම්පත් නැකතක් වුවද රේවතී නැකතින් උපන් දරුවකුට බෙරණ නැකත විපත් නැකතක් වේ. මේ ආකාරයට විපත් හෝ වධ නැකතකින් ජීවිතයේ පළමු පාසල් ගමන යන්නට පිටත් වූ දරුවකුගෙන් අධ්‍යාපනයේ ජයග්‍රහණ බලාපොරොත්තු වීම අනුවණ ක්‍රියාවකි.
එමෙන්ම දරුවකුගේ ඉගෙනුම් කටයුතු සාර්ථකත්වයට පත්කර ගැනීමට නම් දරුවා පාසලට ඇතුළත් කළ දින පටන් කරන කියන ක්‍රියාකාරකම් පිළිබඳව ඔබ දක්‌වන උනන්දුව මෙන්ම තම දරුවා අධ්‍යාපනය ලබන කාලසීමාව අතරතුර ඡන්ම පත්‍රයට අනුව ගත කරන දසාව කුමක්‌ද යන්න පිළිබඳවද දෙමාපියන් දැඩි උනන්දුවකින් පසුවිය යුතුමය.
ඡන්ම පත්‍රයක අධ්‍යාපනය පිළිබඳ කියෑවෙන පස්‌වැනි භාවය හෙවත් විද්‍යා ස්‌ථානයේ ගුරු, බුධ, සිකුරු යන ග්‍රහයන් පිහිටිකල දරුවන් ඉහල අධ්‍යාපනයට යොමුවී සාර්ථකව එම කටයුතු නිමාවට පත්ක රගන්නා අතර එකී භාවයේ කුජ, ශනි, රාහු යන ග්‍රහයන් තැන්පත්ව සිටින කල අධ්‍යාපනය අවුල්සහගත වී කඩාකප්පල් වීමට හේතුවේ. එවැනි අවස්‌ථාවල එකී ග්‍රහයන් වෙනුවෙන් අදාල ශාන්තිකර්ම සිදුකර ග්‍රහයා සුබ තත්ත්වයට පත්කර ගනිමින් දරුවාගේ අධ්‍යාපනයට එල්ල වී ඇති බාධා දුරුකර ගැනීමට කටයුතු කිරීම තුළින් දරුවා අධ්‍යාපනයේ ඉහල මට්‌ටමකට රැගෙන ඒමේ හැකියාව ඔබ සතුවේ.
එබැවින් ඉදිරි සතියේ හා හා පුරා කියා පාසලට ඇතුලත් කරන ඔබේ දරුවාගේ උපන් නැකතට අනුව සුබ වේලාවක් තෝරාගෙන එම වේලාවට පෙර තම නිවසේදී බුදුන් වැඳ නුවණ ලබාදෙන්නා වූ ගණ දෙවියන් උදෙසා පුද පූජා පවත්වා ගණදෙවිඳුන්ගේ ආශිර්වාදය ලබා දරුවා නියමිත වේලාවෙන් පාසල කරා පිටත්කර හරින්න.
පළමුව දරුවාද සමඟ බුදුරජාණන් වහන්සේට මල්, පහන්, සුවඳ දුම්, කිරි ආහාර පූජාකර තිසරණ සහිත පංචශීලය සමාදන්ව වන්දනා මාන කර සෙත් පිරිත් සඡ්ජායනා කරන්න.
අනතුරුව ගණදෙවි පිළිමයක් හෝ රූපයක් තබා දරුවාගේ අතින් මල්, පහන්, සුවඳදුම් පූජා කරවා සුවඳ මල් මාලයක් ගණදෙවියන්ට පළඳවන්න. කෙසෙල්, අඔ, උක්‌ගස්, දොඩම් යන පළතුරුද උක් හකුරු, හබලපෙති, අග්ගලා, උඳු, මුං, තල, කිරි ආහාර, මී පැණි යන පූජා ද්‍රව්‍ය උන්වහන්සේ වෙනුවෙන් සකසා ගත් යහනක තබා පූජා කර වන්දනා මාන කර පිං අනුමෝදන් කර අදින් පාසල් දිවිය අරඹන තම දරුවාට අධ්‍යාපන කටයුතු වලදී එල්ල වන්නාවූ සියලු ග්‍රහදොස් පීඩා බාධක මගහරවා නිසිලෙස අධ්‍යාපන කටයුතු හමාර කරන්නට අවශ්‍ය දිරිය ශක්‌තිය ඥනය ලැබේවායි කියා අධිෂ්ඨාන පූර්වකව පහත සඳහන් ගාථා කියමින් ගණ දෙවිඳුන්ගේ ආශිර්වාදය ඉල්ලා සිටින අතරතුර දරුවාටද මෙම ගාථා පාඩම් කරවා දිනපතා බුදුන් වැඳ දෙවියන්ට පිංදීම පුරුදු පුහුණු කරවන්න.
ගණදෙවි කෝවිල පිරිමැද ලන්නේ
දතමැද පිරුවට ඇද පේ වෙන්නේ
කළ කී දේ මට සාදා දෙන්නේ
පිං ඇති ගණදෙවි නුවණක් දෙන්නේ
කිරිදී වෙඬරුද පස්‌ගෝ රසිනා
උඳු මුං තල මෑ කරලින් සොබනා
මේ නන් කැවුමෙන් නිති පුද ලබනා
දෙන් මට නුවණක් ගණදෙවි යෙහෙනා
අඹ දඹ ඇටඹද කරඹද පුදමී
ඔළු පළු ලාළුද දිවුළුද පුදමී
අතිරස අග්ගල අත්සුණු පුදමී
ගණදෙවි නුවණක් දෙනු පා වඳිමී
පුදමි මම ඔබව පස් පඬුරෙන්ම සරා
අඹ දඹ කෙසෙල් පළ වැල තටුපුරා
ගොම පිරිමැද මල් පහනින්ම සිත්පුරා
දෙනු මට නුවණ ගණදෙවිඳුනි පින්සරා
සොඳ දළ ගජ සොඬ මුහුණකි පද්මේ
සොඳ මීයෙකු නගිමින් වැඩ ගත්මේ
සොඳ උමයංගන ඉසුරුගෙ පුත් මේ
වඳිමුව ගණදෙවි සිරිපද පත්මේ
උසුලාගෙන සොඬ ගජතෙකු වැන්නේ
නෙරවා කන්පෙති සුළකුළු වැන්නේ
සියොළඟ ගෝමර මල්පෙති වැන්නේ
පින් ඇති ගණදෙවි නුවණක් දෙන්නේ
රන්වන් අංකුස සුරතින් ගත් නිති
බුන්දත් සිව් අත්ගජ මුහුණක් ඇති
තුන්නෙත් නන්දන කරවන විකුමැති
දෙන්මට නුවණක් ගණපති පින් ඇති
ශ්‍රී විෂ්ණු නමස්‌කාර ආරාධනාව
ශ්‍රී විෂ්ණු ධෘත සංඛ පද්ම චක්‍රං
ගෞහාන් චතුර් භුජ ධරං
ලක්‍ෂ්මී වෘක්‌ෂ්‍ය ප්‍රනිත්‍ය සේවිත තනුං
ස්වර්ණස්‍ය ජාමුත් පලං
ද්වීගොන්ද්‍රාධී පමාන වෘක්ෂ්‍ය සංකෘතං
කර්පූර් කුංකුමාන් විතං
තාම්බූලාඤ්ජන සුගන්ධ පුෂ්ප සහිතං
පාල්‍යන්තු රක්‍ෂන්තුච
දෙවියන්ගේ නම යොදමින් වංක ක්‍රියා කරනුවෝ මිනිසුන්මය - දේව කොටස් තුනක් ගැන බුදුදහමේ විස්තරවේ 1, විශුද්දී දේව- අරිහතුන් වහන්සේලා [චරත භික්ක්‍ය වෙ චාරිකං භහුජන හිතාය බහුජන සුඛාය] 2. උත්පත්ති දේව- මේ දෙවිවරුන්ට නම් දීම හෝ උප්පැන්න හැදීමට මනුෂ්‍යන්ට නොහැක[සද්දං සුත්වා දේව මනුශා වෙසුන් ] 3 සම්මත දේව මිනිස් ලොව සැරිසරමින් චිරාත් කාලයක් පවතින යහපත් ක්‍රියා සිද්ද කරමින් ජිවත් වූ මනුෂ්‍යයනවා ඔවුන්ගේ මරණින් පසු දේවත්වයට උස්ස කර වැදීම වෙ
දතමැද පිරුවට ඇද පේ වෙන්නේ
කළ කී දේ මට සාදා දෙන්නේ
පිං ඇති ගණදෙවි නුවණක් දෙන්නේ
කිරිදී වෙඬරුද පස්‌ගෝ රසිනා
උඳු මුං තල මෑ කරලින් සොබනා
මේ නන් කැවුමෙන් නිති පුද ලබනා
දෙන් මට නුවණක් ගණදෙවි යෙහෙනා
අඹ දඹ ඇටඹද කරඹද පුදමී
ඔළු පළු ලාළුද දිවුළුද පුදමී
අතිරස අග්ගල අත්සුණු පුදමී
ගණදෙවි නුවණක් දෙනු පා වඳිමී
පුදමි මම ඔබව පස් පඬුරෙන්ම සරා
අඹ දඹ කෙසෙල් පළ වැල තටුපුරා
ගොම පිරිමැද මල් පහනින්ම සිත්පුරා
දෙනු මට නුවණ ගණදෙවිඳුනි පින්සරා
සොඳ දළ ගජ සොඬ මුහුණකි පද්මේ
සොඳ මීයෙකු නගිමින් වැඩ ගත්මේ
සොඳ උමයංගන ඉසුරුගෙ පුත් මේ
වඳිමුව ගණදෙවි සිරිපද පත්මේ
උසුලාගෙන සොඬ ගජතෙකු වැන්නේ
නෙරවා කන්පෙති සුළකුළු වැන්නේ
සියොළඟ ගෝමර මල්පෙති වැන්නේ
පින් ඇති ගණදෙවි නුවණක් දෙන්නේ
රන්වන් අංකුස සුරතින් ගත් නිති
බුන්දත් සිව් අත්ගජ මුහුණක් ඇති
තුන්නෙත් නන්දන කරවන විකුමැති
දෙන්මට නුවණක් ගණපති පින් ඇති
ශ්‍රී විෂ්ණු නමස්‌කාර ආරාධනාව
ශ්‍රී විෂ්ණු ධෘත සංඛ පද්ම චක්‍රං
ගෞහාන් චතුර් භුජ ධරං
ලක්‍ෂ්මී වෘක්‌ෂ්‍ය ප්‍රනිත්‍ය සේවිත තනුං
ස්වර්ණස්‍ය ජාමුත් පලං
ද්වීගොන්ද්‍රාධී පමාන වෘක්ෂ්‍ය සංකෘතං
කර්පූර් කුංකුමාන් විතං
තාම්බූලාඤ්ජන සුගන්ධ පුෂ්ප සහිතං
පාල්‍යන්තු රක්‍ෂන්තුච
දෙවියන්ගේ නම යොදමින් වංක ක්‍රියා කරනුවෝ මිනිසුන්මය - දේව කොටස් තුනක් ගැන බුදුදහමේ විස්තරවේ 1, විශුද්දී දේව- අරිහතුන් වහන්සේලා [චරත භික්ක්‍ය වෙ චාරිකං භහුජන හිතාය බහුජන සුඛාය] 2. උත්පත්ති දේව- මේ දෙවිවරුන්ට නම් දීම හෝ උප්පැන්න හැදීමට මනුෂ්‍යන්ට නොහැක[සද්දං සුත්වා දේව මනුශා වෙසුන් ] 3 සම්මත දේව මිනිස් ලොව සැරිසරමින් චිරාත් කාලයක් පවතින යහපත් ක්‍රියා සිද්ද කරමින් ජිවත් වූ මනුෂ්‍යයනවා ඔවුන්ගේ මරණින් පසු දේවත්වයට උස්ස කර වැදීම වෙ
No comments:
Post a Comment