පටිච්ච සමුප්පාදය ගැඹුරු උනත් එය නොතේරෙන දෙයක් නොවේ.නොඑසේනම් බුදුන් වහන්සේ යෝ පටිච්ච සමුප්පාදං පස්සති යෝධම්මං පස්සති ලෙසත් විනයට සසඳා හේතු පල දහමට ගලපා බලා කටයුතු කරන ලෙස දේශනා නොකරණු ඇත.
අකුසල මූල පටිච්ච සමුප්පාදය ලෙස ගත් අරුත වන්නේ නිච්ච සුඛ අත්ත අරමුණු නිසා කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් සංඥා වලට ඇලී හෝ ගැටී සය ආකාර ආයතන වලින්, රාග ද්වේශ මෝහ මූලික ක්‍රියා කරමින් දිට්ඨ සුත මුත විඥ්ඥත ලෙස කර්ම බීජ උපදමින්, චිත්ත සංතානයේ තැන්පත් කරගෙන නැවත රාග ද්වේශ මෝහ උපද්දවීමට අවශ්‍ය මූල පද්ධතිය තර කිරීමේ ක්‍රියාවලියයි.
කුසළ මූල පටිච්ච සමුප්පාදය යනු මෙහි විරුද්ධ ක්‍රියාවලියයි. එනම් දිට්ඨ සුත මුත විඥ්ඥත ලෙස ඇති කරගත් පෙර පුරුද්දට අනුව සය ආකාර ආයතන වලට සංඥාවක් අරමුණක් ලෙස ලබෙන විට එහි අනිච්ච දුක්ඛ අනත්ත වටහා කැමැත්තෙන් ඇලීමත්, අකැමැත්තෙන් ගැටීමත් රාග ද්වේශ මෝහ මූලය තර වීමට හේතු වන නිසා නිච්ච සුඛ අත්ත අරමුණ අස්ස (ආන) කර ඒ වෙනුවට අනිච්ච දුක්ඛ අනත්ත අරමුණ පස්ස (ආපාන) කිරීම ප්‍රත්‍යක්ශ අවබෝධය පිණිස හේතුවන ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරන්නෙකු භාවිතා කළයුතු අරිය කුසළ මූල පටිච්ච සමුප්පාද භාවනාවයි.
මෙය අළුතින් රාග ද්වේශ මෝහ මූලය වැඩීම වළක්වන ක්‍රමවේදයයි. මමත්වය ඇතිවීම දැකීමෙන් නැතිකරන්නා කරුණ නොහොත් සංඥාවක ත්‍රිලක්ඛණ භාවනාව මෙයයි. අප්පමාදෝ අමතපදං පමාදෝ මච්චුනෝ පදං ලෙස දේෂනා කලේ ඒකයි.
විනයට සැසඳීම ලෙස සැලකුවේ සසරට ණය වීමෙ ක්‍රියාවලියෙන් නොහොත් ඉහත ලෙස අකුසල මූල පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය සිදු වන්නේනම් එයින් වෙන්විය යුතු බව ණුවනින් විමසීමයි.
කෝටියක් සංවර ශීලය ලෙස දේශනා කරන ලද්දේ මෙම සළායතන වලින් සිදු කරගන්නා අනේක ආකාර වූ ලෝබ ද්වේශ මෝහ අරමුණු හඳුනාගෙන එම අරමුණු වලින් සසරට ණයවන ක්‍රියා සිදු නොකිරීමේ ප්‍රතිපත්තිමය මාර්ගයයි.
සමාධිය වැඩෙන්නේ එවිටයි ආසවක්ඛයා ඥාණය ලැබෙන්නේ සමාධිය පූර්ණ වූ පසුය. ආසව අනුසය වශයෙන චිත්ත සංතානයේ තැන්පත්ව ඇති ලෝබ ද්වේශ මෝහ මුල් තුන ආසවක්ඛයා ඥාණයෙන් උදුරා දැමූ පසු ලෝබ ද්වේශ මෝහ ඉපදවීම සදහටම නවතා දමයි. ලෝබ ද්වේශ මෝහ ඉපදීම සම්පූර්ණයෙන් නවතා දැමූ කළ කර්මජ කය ඉපදීමට අවශ්‍ය කර්ම බීජ ශුන්‍ය වේ.
ආයු සංඛාරය අවසන් වූ පසු අපවත්(පැවැත්ම නතර කිරීම) තත්වයට පත්වන බව දේශනා කලේ එබැවිනි.
මෙතෙක් මා සංයමයෙන් මීවනපළානේ සිරිධම්මාලංකාර ස්වාමීන් වහන්සේ ඇතුළු අරිය උතුමන් වහන්සේලාගේ ධර්ම ශ්‍රවණයෙන් සහ ප්‍රායෝගික භාවිතයෙන් අවබෝධ කරගත් සංක්ශිප්ත ප්‍රායෝගික බුද්ධ ධර්මය ඉහත පරිදි වේ.
නුවන්, ආසව හා කර්ම බීජ අතර වෙනස මොකක්ද? ආසව වැය වෙලා යනවා. නමුත් කර්ම බිජ තැන්පත් වෙලා පටිසං දෙනවනේ. ඒ කියන්නේ මේවා වෙන වෙන දේවල්ද?
ReplyDelete