ධනයෙන් අධ්‍යවීමට ලක්‌ෂ්මි දේවියගේ පිහිට ලැබ ගන්න
සිරි පියුම්, නිල් කමල්, පියු කමල්, වෙණුකල් කමලම්බා යනාදී නම්වලින් හඳුන්වනු ලබන ලක්‍ෂ්මිය නොහොත් සිරිකත පූර්වයෙහි විෂ්ණු දෙවියන් මන්දර කිරි මුහුද අළවන කල්හි පහළ වූ චතුර්දශ රත්න අතුරින් පළමු වැනි රත්නයයි. විෂ්ණු දෙවියන්ගේ භාර්යාවයි. විෂ්ණු දෙවියන්ගේ උරෙහි වාසය කරයි. පියුමෙක වසන්නී යෑයි ද කියති. පද්ම වනය යෑයි ද ඇතැම් තැනෙක සඳහන් වෙයි. එහෙයින් ඇය පද්මා, පද්මාලයා යනාදී නාමයනුදු හැඳින් වේ.
අලංකාර ලෙස හැඳ-පැළඳ වරලස මනාව පීරා මල්මාලා චාමර සහිතව මල් දොරකින් පෙර දිගින් ඇය වඩින බව සමහර තැන්වල සඳහන් වෙයි. යම් කිසිවෙක් ධන ධාන්‍ය සම්පතින් ආඩ්‍යද ඔහු අසල සිරිකත සිටිතියි කියති. ඇය දේව කන්‍යාවක් ලෙසද හැඳින්වෙයි. සම්පතට භාග්‍යයට, ශ්‍රී සමෘද්ධියට, ශෝභාවට, යස ඉසුරට, දැකුම්කලු බවට අධිපතිනිය වශයෙන් සැලැකෙන ලක්‍ෂ්මී දෙවඟන පිදීමට හින්දු බැතිමත්තු ද බෞද්ධයෝ ද බොහෝ කාලයක සිට පුරුදුව සිටිති. ඇතැම් දේවස්‌ථානවල ලක්‍ෂ්මි දෙවඟන වෙනුවෙන් කැපවුණ දේවාල ද ඇත. ශුභ කටයුතු ආරම්භයේදී ලක්‍ෂ්මි දෙවඟනට පූජෝපහාර පැවැත්වීමට ද බොහෝ දෙනා කැමැත්තක් දක්‌වති.
ලක්‍ෂ්මි හෙවත් ශ්‍රියාකාන්තාව ස්‌තොත්‍ර
ක්‍ෂමස්‌ව භවගවත්‍යම්බ - ක්‍ෂමා ශීලෙ පරාත්පරෙ
ශුද්ධ සත්වස්‌වරූපෙව - කොපාදි පරිවර්ජිතෙ
ශුද්ධ සත්වස්‌වරූපෙව - කොපාදි පරිවර්ජිතෙ
උපමෙ සර්ව සාඬවිනාං - දෙවිනා දෙව පූජිතෙ
තත්ත්වයා විනා ජගත් සර්වං - මෘත තුල්‍යංච නිෂ්ඵලම්
තත්ත්වයා විනා ජගත් සර්වං - මෘත තුල්‍යංච නිෂ්ඵලම්
සර්ව සම්පත් ස්‌වරූපාත්වං - සර්වෙෂාං සර්ව රූපිණි
රාසෙශ්වයර්ධි දෙවිත්වං - තත්ත්වතිකලා සර්ව යොෂිතං
රාසෙශ්වයර්ධි දෙවිත්වං - තත්ත්වතිකලා සර්ව යොෂිතං
කෛලාසෙ පාර්වති තත්වංච - ක්‍ෂිරාදෙසි න්ධු කන්‍යකා
ස්‌වර්ගෙවස්‌වර්ග ලක්‍ෂ්මීස්‌ත්වං - මර්ත්‍ය ලක්‍ෂ්මිශ්ව භූතලෙ
ස්‌වර්ගෙවස්‌වර්ග ලක්‍ෂ්මීස්‌ත්වං - මර්ත්‍ය ලක්‍ෂ්මිශ්ව භූතලෙ
වෛකුණ්‌ඨෙව මහා ලක්‍ෂ්මී - දෙර්ව දෙවී සරස්‌වතී
ගංගාව තුළ සී තත්වංච - සාවිත්‍රි සූබ්‍රහ්ම ලොකතඃ
ගංගාව තුළ සී තත්වංච - සාවිත්‍රි සූබ්‍රහ්ම ලොකතඃ
කෘෂ්ණ ප්‍රාණධී දෙවිත්වං - ගොලකෙ රාධිකාස්‌වයම්
රාසෙ රාසෙශ්වරී තත්ත්වාච - වෘන්දා වන වනෙ වනෙ
රාසෙ රාසෙශ්වරී තත්ත්වාච - වෘන්දා වන වනෙ වනෙ
කෘෂ්ණ ප්‍රියාත්වං භාංඩීරෙ - චන්ද්‍රd චන්දන කානනෙ
වීරජා චම්පක වනෙ - ශත ශෘඬෙගච සුන්දරී
වීරජා චම්පක වනෙ - ශත ශෘඬෙගච සුන්දරී
පද්මාවතී පද්ම වනෙ - මාලතී මාලතී වනෙ
කුන්ද දන්තී කුන්ද වනෙ - සුසීලා කෙතකී වනෙ
කුන්ද දන්තී කුන්ද වනෙ - සුසීලා කෙතකී වනෙ
කදම්බ මාලා ත්වා දෙවී - කදම්බ එකානනෙ පිච
රාජ ලක්‍ෂ්මි රාජගෙහෙ - ගෘහ ලක්‍ෂ්මි ගෘහෙ ගෘහෙ
රාජ ලක්‍ෂ්මි රාජගෙහෙ - ගෘහ ලක්‍ෂ්මි ගෘහෙ ගෘහෙ
ඉත්‍යqක් ත්වා දෙවතාඃ සර්වෙ - මුනයො මනවස්‌වථා
රුරුදුර්නමු වදනාඃ - ශුෂ්ක කණ්‌ඨෞෂ්ඨ තාලුකාඃ
රුරුදුර්නමු වදනාඃ - ශුෂ්ක කණ්‌ඨෞෂ්ඨ තාලුකාඃ
ඉති ලක්‍ෂ්මී සත්චං පුණඃ - සර්ව දෙවෛඃ කෘතං ශුභං
යඃ පඨෙත් ප්‍රාත රුත්ථාය - සචෛ සර්වං ලභෙ ධ්‍රැවම්
යඃ පඨෙත් ප්‍රාත රුත්ථාය - සචෛ සර්වං ලභෙ ධ්‍රැවම්
සර්ව මංගල දං ස්‌තොත්‍රං - ශොක සංතාප නාශනම්
හර්ෂා නන්දකරං ශශ්වද් - ධර්ම මොක්‌ෂ සුභෘත් ප්‍රදම්
හර්ෂා නන්දකරං ශශ්වද් - ධර්ම මොක්‌ෂ සුභෘත් ප්‍රදම්
සදා සමා ගුණයෙන් යුතු
කෝපය දුරහැර ඉවසන
කෝපය දුරහැර ඉවසන
පිවිතුරු සත් වෙසින් සිටින
දේවී සිරිකත් මෑණී
දේවී සිරිකත් මෑණී
දෙවියන් ගෙන් පිදුම් ලබන
දෙවියන් හා සමාන වන
දෙවියන් හා සමාන වන
කතුනට උපමා දක්‌වන
මැරුණු එකකි පලයක් නැති
මැරුණු එකකි පලයක් නැති
පැතුම් සියල්ලන් සපුරන
දෙවියන් අතර ද දෙවිවූ
ඔබමය කතුනට කලාව
කලාවෙ උපත ද ඔබමය
දෙවියන් අතර ද දෙවිවූ
ඔබමය කතුනට කලාව
කලාවෙ උපත ද ඔබමය
කෛලාසයෙ දියණිය ඔබ
කිරි සයුරේ දියණිය ඔබ
සුර ලොවහි ද සිරිකත ඔබ
භූතලයෙත් සිරිකත මය
කිරි සයුරේ දියණිය ඔබ
සුර ලොවහි ද සිරිකත ඔබ
භූතලයෙත් සිරිකත මය
වේ කුළු පව්වේ ලක්‍ෂ්මී
දේව දේව සරස්‌වතී
තුලසිද ගංගා නදියත්
බඹ ලොව ගීතයත් ඔබය
දේව දේව සරස්‌වතී
තුලසිද ගංගා නදියත්
බඹ ලොව ගීතයත් ඔබය
මෙහෙසුරුගේ බිරිය ඔබය
රාසා දෙවඟනත් ඔබය
වෘන්දා වනයේ වසනා
ශ්‍රී විෂ්ණුගෙ පතිනි ඔබය
රාසා දෙවඟනත් ඔබය
වෘන්දා වනයේ වසනා
ශ්‍රී විෂ්ණුගෙ පතිනි ඔබය
ශ්‍රී කෘෂ්ණගෙ මන පිනවන
සඳුන් වනෙහි සඳුමෙන් වන
වැජඹෙන්නී චම්පක වන
දෙවඟන සුන්දරී ඔබය
සඳුන් වනෙහි සඳුමෙන් වන
වැජඹෙන්නී චම්පක වන
දෙවඟන සුන්දරී ඔබය
පියුම් වනේ පියුම්වතිය
සමන් වනේ මාලතීය
කොඳ වනයෙහි කුන්ත දන්ති
කේතකි වන සුසීලාය
සමන් වනේ මාලතීය
කොඳ වනයෙහි කුන්ත දන්ති
කේතකි වන සුසීලාය
කොළොම් වනයෙ කොළොම් කුසුම
රජ මැඳුරේ රජ දේවිය
නිවහන - නිවහන පාසා
ගෘහ ලක්‍ෂ්මි ඔබ ය දේවි
රජ මැඳුරේ රජ දේවිය
නිවහන - නිවහන පාසා
ගෘහ ලක්‍ෂ්මි ඔබ ය දේවි
මෙසේ කියා සැම දෙවියො ද
මුනිවරයො ද මිනිස් වග ද
නැමුණු හිසින් වියෑළි තොලින්
හැඬුවෝ ය සෝක වූහ
මුනිවරයො ද මිනිස් වග ද
නැමුණු හිසින් වියෑළි තොලින්
හැඬුවෝ ය සෝක වූහ
පිවිතුරු වූ මෙලෙස සියලු
දෙවියන් සුබ පැතුම් ලැබුණු
මෙම ගී අලුයම පිබිදී
ගයන අයට සැප සැලසේ
දෙවියන් සුබ පැතුම් ලැබුණු
මෙම ගී අලුයම පිබිදී
ගයන අයට සැප සැලසේ
මෙම ගී යහපත සලසයි
දුක් දොම්නස් නසා දමයි
හොඳ හිත ඇති මිතුරන් දෙයි
සියලු සතුට ළඟා කරයි
දුක් දොම්නස් නසා දමයි
හොඳ හිත ඇති මිතුරන් දෙයි
සියලු සතුට ළඟා කරයි
ලක්‍ෂ්මී අෂ්ටක
නමස්‌තෙ" ස්‌තු මාහා මායෙ - ශ්‍රි පිඨෙ සුර පූජිතෙ
ශංඛ වක්‍ර ගදා හසේන - මහා ලක්‍ෂ්මී නමොස්‌තු තෙ
ශංඛ වක්‍ර ගදා හසේන - මහා ලක්‍ෂ්මී නමොස්‌තු තෙ
නමස්‌තෙ ගරුඩා රූඪෙ - කොලා සුර භයංකාරි
සර්ව පාප හරෙ දෙවී - මහා ලක්‍ෂ්මි නාමොස්‌තු තෙ
සර්ව පාප හරෙ දෙවී - මහා ලක්‍ෂ්මි නාමොස්‌තු තෙ
සිද්ධි බුද්ධි ප්‍රදෙ දෙවී - භක්‌ති මුක්‌ති පදයිනි
මන්ත්‍ර මූර්තෙ සදා දෙවී - මහා ලක්‍ෂ්මි නමොස්‌තු තෙ
මන්ත්‍ර මූර්තෙ සදා දෙවී - මහා ලක්‍ෂ්මි නමොස්‌තු තෙ
ආද්‍යන්ත රහිතෙ දෙවී - ආද්‍ය ශක්‌ති මහෙශ්වරී
යොගජෙ යොග සංභූතෙ - මහා ලක්‍ෂ්මි නමොස්‌තු තෙ
යොගජෙ යොග සංභූතෙ - මහා ලක්‍ෂ්මි නමොස්‌තු තෙ
ස්‌ථූල සූක්‍ෂම මහා රෞෙද්‍ර - මහා ශක්‌ති මහොදරෙ
මහා පාප හරෙ දෙවී - මහා ලක්‍ෂ්මී නමොස්‌තු තෙ
මහා පාප හරෙ දෙවී - මහා ලක්‍ෂ්මී නමොස්‌තු තෙ
පද්මාසන ස්‌ථිතෙ දෙවී - පර බ්‍රහ්ම ස්‌වරූපිණි
පරමෙශ ජගන් මාතා - මහා ලක්‍ෂ්මී නමොස්‌තු තෙ
පරමෙශ ජගන් මාතා - මහා ලක්‍ෂ්මී නමොස්‌තු තෙ
ශේවතාංබර ධරෙ දෙවී - නානාලංකාර භූෂිතෙ
ජගත් ස්‌ථිතෙ ජගන් මාතා - මහා ලක්‍ෂ්මී නමොස්‌තු තෙ
ජගත් ස්‌ථිතෙ ජගන් මාතා - මහා ලක්‍ෂ්මී නමොස්‌තු තෙ
මහා ලක්‍ෂ්ම්‍යෂ්ටක ස්‌තොත්‍රං - යඃ පඨෙද් භක්‌ති මාන්නරා
සර්ව සිද්ධි මවාප්නොති - භොගවත්වංච සර්වදා
සර්ව සිද්ධි මවාප්නොති - භොගවත්වංච සර්වදා
ලක්‍ෂ්මී අෂ්ටක
මහ සුරඟන පූජිත වූ
සිරි අසුනෙහි වැඩ සිටිනා
අතැති ගදා යුද, සක්, හක්
මහ ලක්‍ෂ්මී දේවි නමෝ
සිරි අසුනෙහි වැඩ සිටිනා
අතැති ගදා යුද, සක්, හක්
මහ ලක්‍ෂ්මී දේවි නමෝ
නැඟුණ ගරුඬ වාහනයෙහි
කොල අසුරට බිය ඇති කළ
සියලු පාප දුරු කරලන
මහ ලක්‍ෂ්මී දේවි නමෝ
කොල අසුරට බිය ඇති කළ
සියලු පාප දුරු කරලන
මහ ලක්‍ෂ්මී දේවි නමෝ
සියලු පැතුම් සපුරා දෙන
දුකින් මුදන නුවණ ද දෙන
බලවත් මතුරක් සමාන
මහ ලක්‍ෂ්මී දේවි නමෝ
දුකින් මුදන නුවණ ද දෙන
බලවත් මතුරක් සමාන
මහ ලක්‍ෂ්මී දේවි නමෝ
ආදීය නැති අන්තය නැති
ආදියෙහි ද ශක්‌තිය දැරු
උපන් නැකතෙ මහ ඉසුරී
මහ ලක්‍ෂ්මී දේවි නමෝ
ආදියෙහි ද ශක්‌තිය දැරු
උපන් නැකතෙ මහ ඉසුරී
මහ ලක්‍ෂ්මී දේවි නමෝ
මහත් සියුම් හා රුදු වූ
මහ සව් හා මහ උදරැත
දුරු කර ලන මහා පාප
මහ ලක්‍ෂ්මී දේවි නමෝ
මහ සව් හා මහ උදරැත
දුරු කර ලන මහා පාප
මහ ලක්‍ෂ්මී දේවි නමෝ
ඉඳ පද්මාසනය අරා
මහ බඹහුගෙ වෙසින් සිටින
පරමදිපති ලොව මව වූ
මහ ලක්‍ෂ්මී දේවි නමෝ
මහ බඹහුගෙ වෙසින් සිටින
පරමදිපති ලොව මව වූ
මහ ලක්‍ෂ්මී දේවි නමෝ
සුදු සළු පිළියෙන් සැරැසෙන
ලකර අබරණින් බැබළෙන
ජගත්ව ලොවට ම මව වන
මහ ලක්‍ෂ්මී දේවි නමෝ
ලකර අබරණින් බැබළෙන
ජගත්ව ලොවට ම මව වන
මහ ලක්‍ෂ්මී දේවි නමෝ
මහ ලක්‍ෂ්මි මේ ගී පෙළ
නිති බැතියෙන් ගයන දනෝ
සිතුම් පැතුම් ඉටු කරගෙන
සියලු ඉසුරු ලබා ගනිත්
නිති බැතියෙන් ගයන දනෝ
සිතුම් පැතුම් ඉටු කරගෙන
සියලු ඉසුරු ලබා ගනිත්
ලක්‍ෂ්මී කන්නලව්ව
සාධු! සාධු!! සාධු!!! සකල ලෝක ශ්‍රී සෞභාග්‍යයට අධිපති වූ ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේගේ උරමඬල නමැති මන්දිරයෙහි වාසය කරන්නා වූ ක්‌ෂීර සාගරයෙන් පහළ වූ චතුර්දශ රත්න අතුරින් පළමුවැනි රත්නය වූ ශ්‍රී ලක්‌ෂ්මී දිව්‍යාංගනාවන් වහන්ස, ඔබතුමිය දෙවියන්ගේ පිදුම් ලබන, දෙවියන් හා සමාන වන කෝපය දුරහැර ශුද්ධ සත්ව ස්‌වරූපයෙන් සිටින බව සත්‍යවාදී සැබෑ නම් මේ කන්නලව්ව, දිවනෙතින් දැක දිව කනින් අසා, දැන හෝ නොදැන හෝ සිදුවුණු දහසක් වැරැදි ඇතත් ඒ සියල්ලටම මේ ගැත්තන්හට සමාවී කමාවී මොවුන් විසින් සැළ කරනු ලබන්නා වූ කාරණා සර්වප්‍රකාරයෙන් ඉෂ්ට කරදී වදාරන සේක්‌වා.
තවද ශ්‍රී ලක්‌ෂ්මී දිව්‍යාංගනාවන් වහන්ස කමලම්බාව වූ පද්මයෙක වසන්නා වූ සකල ශ්‍රී සමෘද්ධිය සදා දෙන්නා වූ ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේගේ ප්‍රිය භාර්යාව වූ, කෝපාදී දෝෂයන්ගෙන් මිදුනා වූ සදා ක්‌ෂමා ගුණයෙන් යුතුව, සියලු දෙනාට ම ශාන්තිය උපකාර උදාකර දෙන්නා වූ ගෘහයක්, ගෘහයක් පාසා වැඳුම් පිදුම් ලබන්නා වූ භූතලයෙහි ද සුරලොවෙහිද සිරිකත වන්නා වූ ශ්‍රී ලක්‌ෂ්මි දිව්‍යාංගනාවන් වහන්ස, දොහොත් මුදුනේ තබා නමස්‌කාරයෙන් ඔබ තුමියට සැළකර සිටින කන්නලව්ව දිව නෙතින් බලා දිව කනින් අසා මොවුන්ගේ සියලු බලාපොරොත්තු අභිලාෂයන් සාධනය කර දෙන සේක්‌වාෘ
තවද සිරි, පියුම්, නිලුකමල්, පියුම්කල් ආදී නාමෝපලක්‌ෂිත වූ ශ්වේතාම්බර දරන්නා වු නා නා ලංකාර භූෂිත ශ්‍රී සෞභාග්‍යාධිපතිවූ සර්ව පාප නිවාරණය කරන්නා වූ ඔබගේ ගුණ ගයන - වයන බැතියෙන් පූජෝපහාර දක්‌වන දනන්ගේ සිතුම් - පැතුම් ඉටු කරන්නා වූ ශ්‍රී ලක්‌ෂ්මි දිව්‍යාංගනාවන් වහන්ස ඔබ තුමියට සැළකර සිටින්නා වූ මේ කන්නලව්ව, මොවුන් අත වැරැද්දක් වී නම් සමාවී මොවුන්ගේ සකල අභිමතාර්ථයන් සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කර දෙන සේක්‌වාෘ ඉෂ්ට කර දෙන සේක්‌වාෘ පිනට පිහිටව පින් ගන්නා සේක්‌වා, පස්‌වාන් දහසකට ආයුබෝවේවා! ආයුබෝවේවා!! ආයුබෝවේවා!!!
No comments:
Post a Comment