Saturday, August 30, 2014

ඇත්ත

අතීතයේ ඉන්දියාවේ උන්නා කියලා කියන විට අද දියුණු ලෝකේ දැනුම වැඩි මිනිසුන්ට මෙය ගැටළුවක් වෙනවා , ඔය දේව කතා සම්බන්ද දේශය භාරතය නොවේ ඒ රටේ විශාල ප්‍රදේශයක් අද තියෙන්නේ සාගර පත්ලේ හොඳ හරිය තාම තියෙනවා -සිංදු දිවයින , එම දේශය විනාස වෙන්න පෙර එහි සිටි මිනිසුන් ,බැබිලෝනියාව හරහා ප්‍රසියාවට ගොස් එතැනින් මහභාරත දේශයේ බ්‍රහ්ම පුත්‍ර මිටියාවතේ බ්‍රහ්ම පුත්‍ර නදිය අසබඩ සිංදු ශිෂ්ටාචාරය බිහි කරා sindus[indus valley sivilization] ආර්යන් මුලින්ම්ම ලොව පුරා පැතිර ගියේ අපේ මේ සිංදු දිපෙන් [මව් දිවයිනෙන්]ඇඩලොෆ් හිට්ලර් මේ රටට බොහෝ ගරු කරා ඒ ඔහු ආර්යය ජාතියේ සත්‍ය දත් නිසාය
















නිවෙසේදීම කළ හැකි ලක්ෂ්මී පූජාවක්

මන්දාකිණිය හෙවත් ක්ෂීර පථය කලඹන අවස්ථාවේ මතු වූ මහාර්ඝ වස්තූන්වලින් එකක් ලෙස මහා ලක්ෂ්මිය දේව කතාවන්හි අර්ථකථනය වේ. සිරිකත, ශි්‍රයා කාන්තාව ලෙසින්ද මහා ලක්ෂ්මී දෙවඟන හඳුන්වයි. පිරිපුන් මුව මඬලටත්, දිගැටි නෙත් සඟලටත් වශීකෘත වූ විෂ්ණු අෑ සිය ප්‍රියම්භිකාව කොට ගත්තේය. ඇගේ නෙතු කැල්ම, ධෛර්යය සම්පන්න කාර්යශූර, කම්මැළි නැති දැහැමි පුද්ගලයන් කෙරෙහි නිරන්තරයෙන් යොමු කරයි.

බෙලි ගස් පිරුණු වනයේ වැඩසිටීම ඇය බොහෝ ප්‍රිය කරන අතර සුවඳ මල් අතුරින් කොළොම් මලට ඇය රිසිය. පිරිසිදු කන්‍යා ස්ත්‍රීන් ඇසුරේත්, ගජ මුතු පැලඳීමට වඩාත් ප්‍රිය කරන බැවින් ගජමුතු ඇති හස්ති රාජයන්ගේ නළල් තලයේත්, නෙළුම් මල මත වැඩ හිඳිමින් නෙළුම් කොළය මත පා යුග තබාගෙන සිටින නිසා පියුම් පිරි නෙළුම් විලෙහිද ඇය වාසය කරයි.

දක්ෂිණාවෘත්ත ජයසංඛයක් දෝත දරා සිටින ලක්ෂ්මී දෙවඟන නිබඳවම උත්සාහවන්තයාගේ උරතලය මත රැඳී සිටියි. උත්සාහය, උනන්දුව, නොපසුබට වීර්යය, කැපවීම ඇති තැන ලක්ෂ්මීය හෙවත් දියුණුව නිරන්තරයෙන් රැඳී පවතී.
ලක්ෂ්මී දෙවඟනගේ ආශීර්වාදය ලබා ගැන්ම උදෙසා පහත දැක්වෙන පූජාව ඔබට උපකාරී වනු ඇතැයි අපේක්ෂා කරමු. පූජාව සඳහා පහත සඳහන් ද්‍රව්‍ය සූදානම් කර ගන්න.

අවශ්‍ය ද්‍රව්‍ය

ඉදුණු පලතුරු වර්ග 5 (අඹ, කෙසෙල් ඇතුළුව බෙලි අනිවාර්යයි)
බුලත්, තැඹිලි ගෙඩියක්, පොල් ගෙඩියක්, කිරිබත්, නෙළුම් මල්, හකුරු, සූකිරි, විළඳ, රිදී කාසි කිහිපයක්, පැන් බඳුනක්, ගිතෙල් හෝ අබතෙල් පහනක්
මේ පූජා ද්‍රව්‍ය සියල්ල පිරිසුදුව සකසා ගන්න.

කුඩා කලසක් මත අඹ කොළ වටේට තබා ඒ මත පොල් ගෙඩියක් තබා කාලංජියක් සාදා ගන්න.
පූජාව තැන්පත් කරන ස්ථානය කහ, කිරි දෙහි එකට කලවම් කර කොහොඹ අත්තකින් එම ස්ථානයට ඉසින්න.
අඩි 2 විතර උස ආසනයක් සුදු රෙද්දක් එළා ඒ මත ලක්ෂ්මී පිළිරුවක් තැන්පත් කරගන්න.

තෙරුවන් වන්දනාකොට හැකිනම් ජය පිරිත සජ්ජායනා කරන්න. ඉන්පසු පහත ස්තෝත්‍රය 3 වරක් කියා කපුරු හා පහන් දල්වා, ඇඟිලි තුඩුවලින් මල් ලක්ෂ්මී රුව අසල තැන්පත් කොට පූජාව කැප කරන්න. සර්ව මංගල මංගල්යේ ශිවේ සර්වාත සාධිනේ සරන්යේ ත්‍රායම්භකේ ගෞරි නාරායනී නමෝස්තුතේ පූජාව පිළිගැන්වීම සඳහා මහා ලක්ෂ්මී දෙවඟනට ආරාධනා කිරීමට පහත සඳහන් ස්තෝත්‍රය හත් වරක් කියන්න.
පීනා කුච හස්තායච කේශ නීලා වර්ණං
පීනා ශෂි සෞම්‍ය වක්ත්‍ර දේහ හේම වර්ණං
දීර්ඝා නයනා තිලෝත් ඵල
ශී්‍ර කාන්තා ප්‍රණාමා මිත ආසන ප්‍රවිෂ්ටං"
පූජාව පිළිගැන්වීමට පහත ස්තෝත්‍රය හත් වරක් කියන්න
කමලාකර කමලානී
කෝමලාස්‍යා විභාවනී
විෂ්ණු භාය¸ාය මහා ලක්ෂ්මී
පූජාං ගෘහග්නිස්ව තේ නම--

පහත මහා ලක්ෂ්මී අෂ්ටක ගාථා පෙළ
කියන්න (21 වරක් වුවද කිවහැකිය)

1. නමස්තෙතු මහාමායෙ ශී්‍ර පීඨෙ සුර පූජිතේ ශංඛ චක්‍රගදාහස්තෙ මහා ලක්ෂ්මි නමොස්තුතේ
නමස්තෙ ගරුඪාරූඪෙ කෝලාසුරභඩ්කරී
2. සර්ව පාපහරෙ දේවී මහා ලක්ෂ්මී නමොස්තුතෙ
3. සර්වඥෙ සර්වරෙද සර්වදුෂ්ටභයඩ්කරී
සර්වදු:ඛහරෙ දේවී මහා ලක්ෂ්මි නමොස්තුතෙ
4. සිද්ධි බුද්ධි ප්‍රදෙ දේවි භක්ති මුක්ති ප්‍රදායිනී
මන්ත්‍ර මූර්ති සදා දේවි මහා ලක්ෂ්මී නමොස්තුතෙ
5. අද්‍යාන්තරභිතෙ දේවි අද්‍යාශක්ති මහෙශ්වරි
යොගෙජෙ යොග සම්භූතෙ මහා ලක්ෂ්මී නමොස්තුතෙ
6. ස්ථුල සූක්ෂ්ම මහරෞද්‍ර මහා ශක්ති මගොදරෙ
මහා පාප හරෙ දේවි මහා ලක්ෂ්මි නමොස්තුතෙ
7. පද්මාසනස්ථිතෙ දේවි පරබ්‍රහ්ම ස්වරූපිනී
පරමෙශි ජගන් මාතර් මහා ලක්ෂ්මී නමොස්තුතෙ
8. ශ්වේතාම්බර ධරෙ දේවි නානාලංකාර භූෂිතෙ
ජගත්ස්ථිතෙ ජගන්මාතර් මහා ලක්ෂ්මි නමොස්තුතෙ
අවසානයේදී දෑස් පියාගෙන පවුලේ දියුණුව සමගිය ප්‍රාර්ථනා කරමින් පහත ස්තෝත්‍රය 7 වරක් කියන්න.

ඕං ශී්‍රං ක්ලීං මහා ලක්ෂ්මී
එහි එහි සර්ව සෞභාග්‍යං
දේහි මේ ඒස්වාහ--
සියලු කටයුතු අවසානයේ දෙවියන්ට පිං දී කරණීය මෙත්ත සූත්‍රය සජ්ජායනා කරන්න.

මෙය සෙනසුරාදා පාන්දර උතුරු දිශාව බලා නිවෙසේදීම සිදු කළ හැකි පූජාවකි. හැකිතාක් නිර්මාංශීව භක්තියෙන් යුතුව මෙය සිදුකළ යුතුය. සුදු, රෝස පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී කාන්තාවක් නම් හිසේ මලක් ගසාගෙන මෙම පූජාව සිදුකළ හැකි නම් වඩාත් සුදුසුයි

No comments:

Post a Comment