Wednesday, August 27, 2014

Krishni Duncan පීනස් රෝග නැති අයට...නිරෝගී කෙස් කලබක් ගැන ඔබ සැලකිලිමත් වන්නේනම් මේ පිළිබදවද සලකා බලන්න පුළුවන්.හිසට දැමිය හැකි තෙල්

* පොල් තෙල්

* තැඹිලි තෙල්
* තල තෙල්
* බ්රතහ්මී තෙල්
* අරද තෙල්
* නීල්යාලදි තෙල්
* මයුර කාන්ති තෙල්
* කේශ වර්ධනී තෙල්

දිගු නිරෝගී කෙස් කළඹකට

* නෙල්ලි තැම්බූ වතුර පානය
* ඉරිවේරිය තැම්බූ වතුර පානය
* බුළු කුඩු උක් හකුරු සමඟ මිශ්රිකර තේ හැන්දක ප්රසමාණය උදෑසනට කෑම
* රසකිඳ යුෂ හිසෙහි ආලේපය
* සැවැන්දරා තැම්බූ ජලයෙන් හිස සේදීම
* තිබ්බටු, කීකිරිදිය ව්යංැජන වශයෙන් භාවිතය

හිසෙහි ආලේප කිරීම සඳහා

* දෙහි ගැට, උළුහාල් තම්බා සේදීම

* අමු නෙල්ලි, දෙහි යුෂ සමඟ මිශ්රමකර නෑමට පෙර හිසෙහි ආලේපය

* වෙරළු කොළ යුෂවලින් හිස සේදීම

* කෝමාරිකා මදය, බිත්තර කහ මදය සමඟ මිශ්රයකර ආලේපය

* නිල් අවරිය කොළ කොටා මිරිකාගත් යුෂ ආලේපය

* කරපිංචා කොළ දමා රත්කර ගත් පොල් තෙල් ආලේපය

හිස් හොරි

කෙස් කළඹේ අලංකාරයට පහර ගසනුයේ හිස් හොරිය. මෙය එක්තරා ලෙසක රක්තයා තත්ත්වයකි. මේ සඳහා,

* දෙහි ගැට, උළුහාල් තම්බා හිස සේදීම

* ගොඩපර ගෙඩි කොටා එම යුෂ ආලේපය

* වෙරළු කොළ කොටා යුෂ ආලේපය

* උළුහාල් මේස හැඳි 5 ක් පමණ රැයක් වතුරේ පෙඟෙන්නට තබා පසු දින එය අඹරා හිසෙහි ආලේපකර පැය 1/2 කට පමණ පසු ස්නානය

* බිත්තර කහ මදය, දෙහි යුෂ සමඟ මිශ්රතකර නෑමට පෙර ආලේපය

* පිරිසුදු විනාකිරි, දෙහි යුෂ සමඟ මිශ්ර කර නෑමට පෙර ආලේපය සුදුසු වේ.

ෂැම්පු භාවිතය

හිස කෙස්වල පිරිසුදු බව ආරක්ෂා කිරීම සඳහා දිනපතා නෑම සුදුසු වේ. එහෙත් ඔබ ෂැම්පු භාවිත කරන්නේ නම් ශාකසාර භාවිත කළ එකක් වීම වඩාත් සුදුසුය.

ශාකසාර භාවිත කොට නිවෙසේදීම පහත දැක්වෙන අයුරින් ෂැම්පු වර්ගයක් සාදා ගන්න.

* බිත්තර කහමද 1 ක්, වැල්පෙනෙල යුෂ අඬු කෝප්ප 1/4 ක්, උළුහාල් කුඩු මේස හැඳි 2 ක් සමඟ දෙහි යුෂ බිංදු 5 – 10 ක් පමණ මිශ්රබකර ආලේපය.

* බිත්තර කහ මදයට, විනාකිරි මේස හැඳි 2 ක් හා දෙහි යුෂ බිංදු 5 – 10 ක් පමණ මිශ්ර2කර ආලේපය.

ෂැම්පු භාවිතයෙන් හිස් කබලේ ස්වභාවික ක්රිකයාකාරිත්වයට බාධා ඇති නොවේ.

ඔයිට මතරව බඩ විරේකයක් එහෙම කර ගන්න. හොදට වතුර බොන්න. පෝෂණදායී ආහාර ගන්න... කොළ පලා වර්ග කන්න.. එතකොට හරියයි






 ධාතු ශක්තිය හා කය බල වඩන ආහාර ගන්න....එතකොට නිකම්ම අවශ්‍යතාවය දැනේවි.එළකිරිවලට සීනි දමා එයට උඳු සෑහෙන ප්රගමාණයක් දමන්න.පවනේ උඳු වේලාගන්න.දින 6 ක් මෙලෙස එම උඳු නැවත නැවත කිරිවල බහා වේලාගන්න.ඉන්පසු අඹරා ගුලිකොට සවසට ගිතෙලින් බැද අනුභව කරන්න.එදිනෙදාට බැදගන්න. කුරහන් තලපය සකසා උඳු ඇට , මුං ඇට , මෑ ඇට , කව්පි ඇට , අමු ඇට , කොල්ලු ඇට ,බාර්ලි, වඳුරු මෑ, බින්තල් අල, තල සමඟ ගිතෙල් උඳු වලින් නිපද වූ ආහාර, ගිතෙල්, එළකිරි, ඉඳුනු බෙලි මද , මී පැණි, අරලු , බුලු , නෙල්ලි , අමුක්කරා , වැල්මී , රසකිඳ , කිරිබදු අල, බින්තල් අල,රට ඉඳි, හාතාවාරිය, මුරුංගා මල්, සුදුලුනු, කෝමාරිකා , බෙරලිය.පුහුල් යන ආහාර ගුණයි... ඉස්සෝ, දැල්ලෝ, බලයා කෙලවල්ලා ආදීන්ගේ මාලු සහ කරවල, කකුලුවෝ, පොකිරිස්සෝ, ලුනුදෙහි, විනාකිරි, බොහෝ මස් වර්ග, ජාඩි, පිසූ තක්කාලි, අන්නාසි, සෝස් වර්ග, චට්නි වර්ග, අච්චාරු, දෙල්, මුරුංගා, සැමන් හා වෙනත් එවැනි ටින් කල ආහාර වලින් වලකින්න තේ වෙනුවට ඉරමුසු, බෙලි මල්, රණවරා, පොල්පලා. නීරමුල්ලිය නෙල්ලි+රසකිඳ,කොත්තමල්ලි කබලේ බැදලා වගේ දේවල් බොන්න ,,,,,,,,,,,,,,,, ඕවා කාලයක් කරනකොට ඔයි තත්වය මග හැරෙයි.




No comments:

Post a Comment