Tuesday, November 4, 2014

[ගණදෙවි පුජා කවි ]

ගණදෙවි කෝවිල පිරිමැද ලන්නේ

දතමැද පිරුවට ඇද පේ වෙන්නේ


කළ කී දේ මට සාදා දෙන්නේ

පිං ඇති ගණදෙවි නුවණක්‌ දෙන්නේ

කිරිදී වෙඬරුද පස්‌ගෝ රසිනා

උඳු මුං තල මෑ කරලින් සොබනා

මේ නන් කැවුමෙන් නිති පුද ලබනා

දෙන් මට නුවණක්‌ ගණදෙවි යෙහෙනා

අඹ දඹ ඇටඹද කරඹද පුදමී

ඔළු පළු ලාළුද දිවුළුද පුදමී

අතිරස අග්ගල අත්සුණු පුදමී

ගණදෙවි නුවණක්‌ දෙනු පා වඳිමී

පුදමි මම ඔබව පස්‌ පඬුරෙන්ම සරා

අඹ දඹ කෙසෙල් පළ වැල තටුපුරා

ගොම පිරිමැද මල් පහනින්ම සිත්පුරා

දෙනු මට නුවණ ගණදෙවිඳුනි පින්සරා

සොඳ දළ ගජ සොඬ මුහුණකි පද්මේ

සොඳ මීයෙකු නගිමින් වැඩ ගත්මේ

සොඳ උමයංගන ඉසුරුගෙ පුත් මේ

වඳිමුව ගණදෙවි සිරිපද පත්මේ

උසුලාගෙන සොඬ ගජතෙකු වැන්නේ

නෙරවා කන්පෙති සුළකුළු වැන්නේ

සියොළඟ ගෝමර මල්පෙති වැන්නේ

පින් ඇති ගණදෙවි නුවණක්‌ දෙන්නේ

රන්වන් අංකුස සුරතින් ගත් නිති

බුන්දත් සිව් අත්ගජ මුහුණක්‌ ඇති

තුන්නෙත් නන්දන කරවන විකුමැති

දෙන්මට නුවණක්‌ ගණපති පින් ඇති








http://books.google.lk/books?id=OswUZtL1_CUC&lpg=PA69&ots=3vqchHwkL0&dq=kantakassulos&pg=PA74#v=onepage&q=kantakassulos&f=false



1. කන්ද ගිරි මුදුනට - බැන්ද ලෙස දද අහසට
නැංග මයුරා පිට - කන්ද සුරපති වදින් හැමවිට
2. අතට දුනු දෙකිනා - පතර දිව සිරි විදිනා
නිතර දවසරිනා - කතරගම දෙවි දිවැස් ලමිනා
3. මෙතුන් ලොව බලමින - අතින් තේජායුද ගෙන
සතුන් ගලවා ලන - වදිමි හර හර බැතියෙන
4. වැර සැර දුනු රැගෙන - තිර කර මයුර වාහන
උර පුරා දරමින - හරි හරා කද කුමරු වඩිමින
5. දෙවියනි කතරගම - කවියෙන් කියමි වැද මම
කවි කී සමාගම - දෙවිදු අප රැක දෙවන් නිතරම
6. සුන්ද උපුල්වන් ඒ සුරනින්දු පෙරදිනේ
වැන්ද සේකරය නම් දෙවිදුන්ට වී සෙනේ
බැද ඕවිලි කෙලිමින් හුන් කන්ද මැවෙමිනේ
වැන්දෙමි මල් යහන් දිවැස්ලන්ට කදිරනේ

මතු මෙත් බුදුන් වනුයේ ගාමිණි අභය [ ගමිණී අබය] මහ රජතුමායි , එතුමාගේ අම්ම විහාර මහාදේවීය [අබි ශවරි] තමා මෙත් බෝසතුන්ගේ මව් වනුයේ මතු ඒම භවයේදී , ගාමිණී අභය මහරජුගේ පියා කාවන්තිස්ස [තිස අයන] තමා මෙත් බෝසතුන්ට පිය වනුයේ මතු ඒම භවයේදී , ගාමිණී අභය රජුගේ බිසව කති කුමරිය තමා මෙත් බෝසතුන්ට රන්දෝලිය වනුයේ මතු ඒම භවයේදී , ගාමිණි අභය රජුගේ පුත් සාලිය කුමරු තමා මෙත් බෝසතුන්ට පුත් වෙන්නේ .




සාර අසන්කයට පිටදුන් බෝ
නෑර මේ ලංකාවෙ වැඩ සිටි බෝ
මාර යුදෙන් දිනවා ජයගත් බෝ
සරහ තිබෙන කල වැන්ඳු සිරි මහ බෝ
 

දසමාර පිරිත 



1.ඉති තදුභය සේනා ඝට්‌ටයංඅඤ්ඤමඤ්ඤං 

විවිධ විසම වාචං උග්ගිරන්නී රමන්තී 

සතත දුරිත වේලා ඛග්ගරාසී වහන්ති 

දුසිත ලලිත චිත්තා යුද්ධ සඡ්ජා අහේසුං 



2.ඉති මුනි කකුසන්ධො - දීපමාගම්ම මෙතං 

බහුල ජනනිකායං - නිබ්බුතිං පාපහිත්වා 

තදහනිය සිරිසං - බොධි සාඛංච නෙත්වා 

නිදහිය ගගනම්භා - ජම්බු දීපා අගච්ä 



3.එවංහි කෝණා - ගමනො මුනින්දෝ 

දත්වා බහුණ්‌ණං - ඵලමග්ගදානං 

නෙත්වා තතො දුම්බර - බෝධි ශාඛං 

සොපාගමාසී පුන - ජම්බු දීපා 



4. එවම්පි කසස්‌ප ජිනො - වරමණ්‌ඩදීපං 

පත්තො පලග්ගරතනො - බහුනොජනස්‌ස 

දත්වා ආනයනතො - වට බෝධිශාඛා 

රොපාපයිත්ව මගමා - පුනජම්බු දීපං 



5. පරොහ දන්තො - චිතකුට කුම්භො 

අනෙක සොතත්ථ - විරාජ මානො 

සොනිඡ්ජරා සාර - මදප්ප වාහො 

ධජොම්වා භාති - සුරාධි පස්‌ස 



6. තස්‌මිං සමන්තනග - බුද්ධතිලොක නාථො 

ජම්බණ්‌ණ රංසි නිකරං - දිසිපත්ථ රන්තො 

හික්‌ඛුහිසො පරිවුතො - සරසාගරන්තො 

ඕලොකයං ඨිතමකාසි - අනොමවණ්‌ණො 



7. ලංකාවධු සුමනකුට - කිරිට කූටං 

සඡ්ජෙහිතග්ග ජිනරාජ - මණීවහන්තො 

ඉචිäත්ථදං සිවපදං - පටිමං තිලොක 

තන්දානි භොභජථ - සෙවිත සබ්බකාලං 



8.දිවා විහාරං - භගවා සසංඝො 

කත්වාන තස්‌මිං - පණකිඤ්චිකාලං 

මහීය මානෙසු - සදෙව කෙසු 

තතො ගතො රොහණ අම්භරම්භා 



9. තස්‌මිං සසංඝො - මුනි දීඝවාපියං 

ථූපාය ඨානො - පරමාය භූමියං 

ගරූකරන්නො - ජනිතං මහීතලං

නිරොධ මාපඡ්ජ - නිසීදිසත්තමො 



10.විභංග මානං - ගරුඩොව මඡ්ෙCධ 

මිගාන මඡ්ෙCධ - පරමොව සීහො 

මහායසොමාර - බලස්‌ස මඡ්ෙCධ 

විසාරදො වීත - භයො නිසීද 



11.සබ්බන්ත මද මොහෙන - නාලගිරිං ගජවරං 

වෙස්‌සන්තරො දෙවදත්ත - මෙඛලා ගිර ගජනම( 



12.විමත්ත මද වෙගෙන - නාලාගිරි කරිස්‌සරං 

මෙත්තො සද්ධෙන සම්බුද්ධෝ කිම්මදං අකරී භූසං


  

ප ප+ආ පහෙන් ආ ර-රමණය අත්කරගත්  මී මමත්වයෙන් ඉපදෙන මෙන්න මෙය අස් කර දැමීමේ පතිපදාව බෝධි සත්ව වෙන්න


1. කන්ද ගිරි මුදුනට - බැන්ද ලෙස දද අහසට
නැංග මයුරා පිට - කන්ද සුරපති වදින් හැමවිට
2. අතට දුනු දෙකිනා - පතර දිව සිරි විදිනා
නිතර දවසරිනා - කතරගම දෙවි දිවැස් ලමිනා

3. මෙතුන් ලොව බලමින - අතින් තේජායුද ගෙන
සතුන් ගලවා ලන - වදිමි හර හර බැතියෙන
4. වැර සැර දුනු රැගෙන - තිර කර මයුර වාහන
උර පුරා දරමින - හරි හරා කද කුමරු වඩිමින
5. දෙවියනි කතරගම - කවියෙන් කියමි වැද මම
කවි කී සමාගම - දෙවිදු අප රැක දෙවන් නිතරම
6. සුන්ද උපුල්වන් ඒ සුරනින්දු පෙරදිනේ
වැන්ද සේකරය නම් දෙවිදුන්ට වී සෙනේ
බැද ඕවිලි කෙලිමින් හුන් කන්ද මැවෙමිනේ
වැන්දෙමි මල් යහන් දිවැස්ලන්ට කදිරනේ

හේතුව අත හැරොත් පළයක් හැදෙනු නැත 
පෙර අත හැරිය නම් අද මේ පළය නැත 
පෙර කල හැදු හේතු අද මේ පළය දෙත 
අද හැදුව නම් මතුවට යලි පළය දෙත

පෙර හැදු කයට ඒ කල මම මගෙ කිවා
රැවටුම මිසක් මොනවද ඒ පුහු ඒවා
මේ වනවතුරා ආ මමයෙක් කොහි වුවා
මේ මල කඳට අද මේ මම මගෙ කිවා

වදනක් පමණි නැත කිසිවෙක් සිටින්නේ
මේ තැන හේතු හැදුවොත් මතු ලෙසින්නේ
ඒ ලෙස කුණක් යලි යලි උපදවන්නේ
එකේ මමෙක් කියලා මයි පෙනෙන්නේ


ඒ හමුදුරුවො නොවේ බුදුන් උපන්න කියලා මුලින්ම්ම කිව්වේ ඊට ඉස්සර බොහෝ අය කිව්ව ,අරිසෙන් අහුබුදු ,ඕපාත හාමුදුරුවෝ ඔය ඔක්කොටම ඉස්සර සුද්දෙක් කියලා තියෙන්නේ එයාගේ නම - sir james emerson tennet, k,c,s l,l,d and c -ශ්‍රීමත් ජේම්ස් එමර්සන් ටෙනන්ට පොතේ නම CEYLON an account of the island PHYSICAL HISTORICAL AND TOPOGRAPHICAL WITH NOTICE OF ITS NATURAL HISTORY , AND PRODUCTIONS

No comments:

Post a Comment