Wednesday, May 21, 2014

ඇත්ත

සෝ කෝ අහං බික්‍යවේ සමයෙන දහරොව සමානො සුසුකාළකෙසො බද්‍රරෙන යොබබනෙන සමතනාගතො පටමෙන වයසා, අකාමකානං මාතාපිතුනනං අසසුමුකානං රුදනතානං,කෙසමසසුං ඔහාරෙත්වා කාසායානි වත්තානි අච්චාජෙත්වා අගාරසමා අනගාරියන් පබ්බ්ජින් සෝ එවන් පබ්බජිතෝ සමානො කිංකුසලගවේසි අනුතතරන් සන්තිවරපදන් පරියෙසමානො යෙන ආළාරො කාළාමො තෙනුපසංකමින්,උපසංකමිත්වා, ආළාරන් කාලාමන් එතදවොචං; 'ඉච්චාමහන් ආවුසො කාලාම ඉමස්මිං දම්මවිනයෙ බ්‍රහමචරියන් චරිතු'නති අරිය පරියෙශන සුත්‍රයෙන් ----- මහණෙනි, ඒ මම එයින් ටික කලකට පසු, තරුණ වයස් ඇත්තෙම, කළුවූ හිසකෙස් ඇත්තෙම,පළමුවෙනි වයසෙහි යහපත් යෞවන බාවයෙන් යුක්තවුයේ,නොකැමැතිවූ මවුපියන් අඩද්දි,හිසකෙස් රවුල් බා කහවත් හැඳගන ගිහිගෙන් නික්ම අනගාරිකව පැවිදි විමි .මෙසේ පැවිදිවූ මම කුසල් කුමක්දැයි සොයමින් නිරුත්තරවූ උතුම් නිර්වාණය සොයමින් කාලාම ගෝත්‍ර ඇති ආළාර තවුස්තෙම යම් තැනෙක්හිද එතැනට ගියෙමි,ගොස් කාලාම ගෝත්‍ර ඇති ආළාර තාපසයාට මෙසේ කියෙමි.,ඇවැත්නි කාලාමයෙනි,මම මේ සස්නෙහි උතුම් හැසිරීමෙහි පිළිපැදීමට කැමැත්තෙමි'යි[යනුය]

No comments:

Post a Comment