හැම දේකටම ඇති කැමැත්ත සිමාව ඉක්මවා ගියාම මිනිසාට තමාගේ තරම අමතක වෙනවා ඔහු සිතන්නේ මේ පොලෝ තලය ඔහු සඳහා ම පමණයි කියලා ඉතින් ඔහු තීරණය කරන්නේ හැමදෙයක්ම තමා සතු කරගන්න ,ගොඩ වැඩිකරගැනීම සඳහා වනාන්තර එළිපෙහෙළි කරනවා එහි සිටින මීමින්නා සිට මුවා ගොනා අලියා දක්වා හැම සතෙක්වම සංහාරය කිරීමට ඔහු උත්සුක වෙනවා , සියල්ල වැනසී යන තුරු මේ මිහිකතේ පැවත්තම සඳහා සියලු සත්වයෝම සිටිය යුතුයි යන අදහස තන්හාව නිසා මුලා වූ ඔහුට ඇතිවන්නේ නැහැ ,කුශිකාර්මික ජිවිත අමතක කෙරු මිනිසා තමා විසින්ම තමන්ට අගතිය අත් කරගනී ගවයන් එළුවන් ඌරන් වැනි සතුනගේ මාංස අනුභව කෙරු ඔහු වර්තමානය වන විට සියලු සත්වයින් අතරින් ආදී යුගයේ සිට තමන්ට ලගින්ම සිට ආරක්ෂව ලබා දුන් මහත් ආදරයෙන් ඇසුරු කෙරු සත්වයන් අතර කිට්ටුම හිතවතා වන සුනකයා ගේ මාංශ අනුභවයටද පුරුදු වී ඇත ,මෙය මිනිසාට එතරම් යහපත් පෙරනිමිත්තක් නොවන්නේය ,තාක්ෂණයේ වේගවත් දියුණුවත් සමග ඉතාමත් අලස වූ මිනිසා සිය සියලු කාර්යන් එය ලවාම කරගැනීමට කලපනා කරයි එනමුත් මිනිස් සත්වයා නිර්මාණය වී ඇත්තේ ඇවිදීමට කතා කිරීමට සියලු යහපත් ක්‍රියාවන් කිරීමටය අලස කම නිසා සියලු යහපත් ක්‍රියාවන් අමතක කෙරු මිනිසාට වර්තමානයක් තිබුනද බොහෝ දුර අනාගතයක් නම් නොලැබෙනු නිසැකමය, ඔහුව මිහිකතින් තුරන් කරනුයේ ඔහුගේ ක්‍රියාව සඳහා හේතුවන පහත් අසාවන්ය ,පලය සඳහා ඇති ආසාව හිතෙන් ඉවතලා ක්‍රියා කරන්නට හැකි දිනක මේ මිනිස්ලොව දෙව්ලොවටත් වඩා සෝබමාන වනු ඇත
මේ හැමදේකටම මුල මෝහය,[තමාවිසින් තමාව රවටාගැනීම ]තමන්ගේ චිත්‍ය සංතානය අකුසල් සිතුවිලි[තරහව,ක්‍රෝධය,වෛරය,ඉරිසියාව,කෑදර කම ] වලින් පුරවා ගන නොතිබුනානම් මෙවැනි අවස්ථා ඇතිවෙන්නේ නැහැ ,මිනිසෙක් සැමවිටම තමාගේ සිත අයහපත් සිතුවිලිවලින් මුදවාගන,ඒවා ඇතිවීමට ඉඩ ලබා නොදී නොපමාව අකුසල් සිතුවිලි හැදින ,සිතේ සංවරකම ප්‍රගුණ කර යුතුය,එවිට යහපත් මනුෂ්‍ය සමාජයක් සඳහා අවකාස සැකසෙනු ඇත
අල්ලා කියන්නේ බ්‍රහ්ම මානසිකත්වයට , අලුතින් ඇතිවන ශුද්දාවාස බ්‍රහ්ම තලවල මුලින්ම්ම පහල වෙන බ්‍රහ්මය ඔහු ඇරෙන්න වෙන කිසිවෙක් එහි නොමැති නිසා හිතනවා එම ලොවේ මැවුම්කරු ඔහුයි කියලා පසුව තවත් අය එහි පහළවෙනවා ඒ අය හිතන්නේ අර මුලින් ආව කෙනා ඔවුන්ව මැව්වා කියලා ඉතින් ඔවුන් ඔහුට වදින්න පුදන්න පටන් ගන්නවා පියානන්වහන්සේ යැයි අමතනවා මේ නිසා මුල් බ්‍රහ්මයාට මානයක් ඇති වෙනවා තමන් තමයි ලෝකය සහ මේ සියල්ල මැව්ව මැවුම් කරු කියලා ඉන් පසු ඔහු උත්සහ කරන්නේ විශ්වයේ අනිත් ලෝක තලත් ඔහු යටතට ගැනීමටයි ,අල්ලා කියන්නේ එවැනි බ්‍රහ්ම මානසිකත්වටට ,ඔහු පහල වී සිටින ලෝකයේ ඔහුගේ ආයුස ශක්තිය අවසන් වුනාම ඔහුගේ කුසල ශක්තිය අඩුනම් තිරසන් අපායක වුවත් පහළවිය හැක මිනිසෙකුගේ ඊලඟ බවය තීරණ වන්නේ මැරෙන මොහොතේ ඔහුට පහළවන චුති සිත අනුවයි , ඔහුට අකුසල් සිතක් පහල වුනොත් ඔහුගේ නැවත බවය සකස් වෙන්නේ පහත් තලයක ,ඒ නිසා සෑම මනුෂයෙක්ම කුසල් කරයුතුයි [තරහව,ක්‍රෝධය, වෛරය ,ඉරිසියාව,වැරදි කාම ආසාව ,දේවේශය වැනි අයහපත් සිතුවිලි සිතින් ඉවත් කර තමන්ගේ සිත පිරිසිදු කරගත යුතුයි ,සිතේ සංවර භාවය ඇති කර ගත යුතුයි [කුසල් වැඩිය යුතුයි]
No comments:
Post a Comment