Thursday, August 21, 2014

damma

තමා මිනිසෙකුගේ තත්වයට පත් වුයේ බාහිර කෙනෙක් විසින් කෙරු ක්‍රියාවක් නිසා නොවෙයි තමන් විසින්ම මුලාවට පත් වූ නිසයි, මෝහය නිසයි හටගත් ආසාවෙන්[තෘස්නාවෙන්] රස පෘතුවිය උපාදාන කරගත් නිසයි

ඒ හයෙන් [ ඇහ,කණ ,නාසය,දිව ,කය] කියන පංච උපාදානස්කන්ධ සංසිදවිය යුතුයි එසේ කොට සිතේ සංවර භාවය ප්‍රගුණ කොට නිබ්බානය සඳහා මග සකස්කර ගත යුතුයි

ඇහෙන් ප්‍රිය රුපයක් දැකලා එය උපාදානය[අල්ල ගන්නවා] කර ගන්නවා , ඉන් පසු ඒ ප්‍රිය රූපයත් එක්ක රාගයෙන් බැඳෙනවා , එය ලබා ගන්න උත්සහ කරනවා ,එහම ලබන්න බැරි වුනොත් දේවේශයෙනුත් බැඳෙනවා ,කිසිදෙයක් ඉස්ථිර නැහැ තමන්ට ඕනේ ලෙස සිදුවන්නේ නැහැ මේ ලෙස බැදීම් ඇතිකරගන සසරට නය වෙන්නේ මුලාව නිසයි


 දිට්ටේව දිට්ට මත්තං භවිස්සති ,දැකීම දැකීමක් විතරයි එහි හරයක් නැහැ ,එහි හොදයි සැපයි යහපතයි කියලා ගන්න දෙයක් නැහැ ,ඇහැ අසාරයි ඇසෙන් දකින රුපය අසාරයි

මේ ලෝකේ සියලු දේ [අනිච්චයි,දුක්‍යයි,අනත්තයි ] ඉස්ථිර නැහැ ,තමන්ට ඕනේ විදිහටම වෙන්නේ නැහැ ඒකාකාරී ලෙස පවතින ඉස්ථිර වූ කිසිදෙයක් නැහැ ,තමන් කැමති සෙ පවතින තමන්ට පැවත්විය හැකි කිසිවක් මේ ලෝකේ නැහැ මේ නිසා ප්‍රච්නාවන්ත යකු විසින් ත්‍රිලක්ෂණය දැන ගත යුතුයි එවිට ඔහුට හෝ ඇ යට කිසි දෙකින් දුකට පත් නොවී සිටිය හැක දර්මාවබෝධය ලැබීම සඳහා අරිය මඟට ප්‍රවිෂ්ට විය හැක ,

මේ ලෝකේ ඇති සියලු දුක්වලින් මිදීමට නම් ඔහු හෝ ඇය මුලින්ම්ම ත්‍රිලක්ෂණය අවබෝධ කොට ගත යුතුයි [අනිච්ච,දුක්‍ය,අනත්ත ] යද නිච්චං තං දුක්කං යමක් නිච්චං තමා දුක ,යමක් ඉස්තිරයි කියලා හිතුවොත් හිතුනොත් තමා දුක ඇතිවෙන්නේ

 මේකයි නංගි මේ ජාති ඇති කරගත්තේ අද නොවේ වසර කොටි ගණනකට පෙර. මිනිසුන් තත්වයට පත් වුනේ මෝහය කියන ගති ස්බාවය හේතුකොටගනයි අනිත් දේ බුදු දහමේ පැවැත්ම විවේචනය කරලා නැහැ දේශනා කරන්නේ උපාදානය නොකොට ජිවත් වෙන්න කියලයි එසේ ජිවත් වුනාම එම සත්වයාට ඉළඟ බවක් සකස්වෙන්නේ නැහැ ඒ වගේ සත්‍ය අවබෝධය ලැබීම සඳහා තව අය පොලවේ ඉපදීමට බලාපොරොත්තුවෙන් සිටිනවා ඒ අයට ඉඩ ප්‍රස්තාව සකසා දීම ජිවත්වන අයගේ යහපත් ක්‍රියාවක් ,ඔබ හැම තිස්සෙම සිතේ අරමුණු යහපත් කර ගත යුතුයි

මේක නොනවතින චක්‍රයක් ඉපදුන හැමෝම සත්‍ය අවබෝධය ලබන්නේ නැහැ දර්මය ශ්‍රවනය කරන්න ලැබුන අයට තමා ඒ භාග්‍ය උදාවෙන්නේ යම් කෙනෙකුට,ඔහු ඉපදී සිටින බවයේදී එය නොලැබුනොත් ඒ සඳහා තවත් භවයක් අපේක්ෂා කිරීමට ඔහුට [ඇයට]සිදුවෙනවා



 මනුෂ්‍ය ලෝකේ ඉන්න සත්වයන්ට වඩා සංකයාවෙන් කිව නොහැකි තරම් සත්ව කොට්ටාස නොපෙනෙන ලෝකේ ඉන්නවා ,ඔවුන්ගෙන් සමහරක් බලාපොරොත්තු වෙන්නේ මනු ලොව ඉපද මිනිස් ආත්ම භාවයක් ලැබ නිවන්මඟ [නිබ්බානය]අත් පත් කර ගැනීමයි මිට වසර 2600ට පෙර අප භාග්‍යවත් ගොතමයන් වහන්සේ ඇසතු බෝ රුක් සෙවනේදී තමාසතු නුවනින් [කිසිවෙකුගේ උදව් නැතුව ]නැවත නැවත ජාති ඇති වීමට හේතුවන හේතු සියල්ල නිරෝධ කොට [නැතිකොට] බව උදුරා දමා [බුදුවී] සංසාර දුකටපත් සත්වයාටද සත්‍ය අවබෝධය ලබන අරිය මඟ පෙන්වා දුන්හ,[අරි අටඟි මග සහ චතු අරිය සත්‍ය ] දර්මය දේශනා කිරීම බික්ෂුන්ට පමණක් සිමා වූ දෙයක් නොවේ දර්මය ඤාණය ලද ගිහි උපාසක උපාසිකාවෝ මේ සමාජයේ ඕනේ තරම් ඇත ,ප්‍රශ්නය නම් මිනිසුන් ඔවුන් හට ඇහුම් කන් නොදීමයි [අපේ දහමේ ,සිව්වනක් පිරිසක් සිටි ,බික්ෂු,භික්ෂුණි ,උපාසක,උපාසිකා යනුවෙන්,]


මා මෙහි ඔබට දේශනා කරපු දර්මය බොහෝ සිංහල බෞද්දයෝ පවා නොදනී ,සද්දර්ම ශ්‍රවනං පරම දුර්ලබං , සද්දර්මය ශ්‍රවනය කිරීම ,දැනගැනීම බොහොම අමාරු කරියෙකි ,බොහොම දුර්ලබව ලැබෙන අවස්තාවක්

No comments:

Post a Comment