Wednesday, July 30, 2014

සකු

දෙමළ සකු මගධ  නොහසළ සතට         දද
සිහළ  බසින් සැකෙවින් කියමි පද    බැඳ'යි


උපුල් නෙතින් තඹුරු
කැකුළු පින් පියොවුරින්
තිසර වැළ ලෙළ  මෙවුලින්
මන් ගත්හු  විල් යොනෝ


නෙලෙනොත  පුල් පියුම්
මුවරරඳිනි වත රන් වන්
කල හස  නො හැඳිනැ පියා
මොහොතක් මුළා වැ  බුමු'

 कर्पूरगौरं करुणावतार
संसारसारम् भुजगेन्द्रहारम् ।
सदावसन्तं हृदयारविन्दे
भवं भवानीसहितं नमामि ॥
Karpuura-Gauram Karunna-Avataaram
Samsaara-Saaram Bhujage[a-I]ndra-Haaram |
Sadaa-Vasantam Hrdaya-Aravinde
Bhavam Bhavaanii-Sahitam Namaami ||

Meaning:
1: Pure White like Camphor, an Incarnation of Compassion,
2: The Essence of Worldly Existence, Whose Garland is the King of Serpents,
3: Always Dwelling inside the Lotus of the Heart.
4: I Bow to Shiva and Shakti Together.

Sunday, July 27, 2014

VIMANA

ඉන්දියාවේ තියෙන කොවිල්වලින් පෙන්නුම් කරන්නේ ලංකාවේ ඈත අතීතයේ තිබු විමාන යානා හැඩයන්
දෙවියන්ගේ යානා විදිහට තමා නෙලලා තියෙන්නේ
අර සමහරු කියනවා නේද ලෝවාමහා පාය හැදුවෙත් දෙවගනක්ගේ මාලිගාවක් විදිහට කියලා ,එයත් ඇතැම් විට විශාල විමාන යානයක් විය හැක ,1948 කාලේ ඇමෙරිකානුවන් පුලුටෝ ග්‍රහයා ගාවින් යන විමාන යානා නිරීක්ෂණය කරපු කතාවක් අසා තිබෙනවා
ඒවා අති විශාල නගර වැනි ඒවාය , අභ්‍යවකාශ පාවෙමින් තිබේ , ගැමුණු රජතුමාද ඕපපාතික ජීවියෙක් ලෙසින් එවැනි යානාවක පහල වුන බව තුපවංස යේ අවසන ට කියවේ

වසල suthraya

රාම නම් මමයි ,මා හිතගත් නගුලිය ඔබයි කෙතේ හමන සුළග මගේ ගතයි , එතන අතන මෙතන හැම තැනකම ප්‍රාණ වායුව මමයි








කම්මනා වසලෝ හෝති  ,කම්මනා හොති බ්‍රාහමනෝ , කෙනෙකු වසලයෙක් හෝ  බ්‍රාහමණ යෙක්  වෙන්නේ තමන් කරන කියන ක්‍රියාව අනුවයි - උපද් හේ නොද් සත් දුහෝ සුහෝ  වෙත් ,කමේ රු හේ  දුහෝ සුහෝ වෙත්  තෙප් සව් සුවත් හෝ දුවත් හෝ  තෙප් කම් ඉසා වේ  , කිසි කෙනෙකු මෙලොව සදහට ජිවත් නොවෙයි ඒ නිසා යහපත් අරමුණු හිතේ තියාගන අයහපත් අරමුණු හිතෙන් ඉවත් කොට , ඔබගේ නිවීම  හදා ගන්න ,


Friday, July 25, 2014

දර්ම්

යාධා යධායි හි  ධර්මස්ස යා නිර්බවති භාරත අභ් යුද්දානම් අධර්මස්ස   තදාත්මානව් සිරිජාමයං පරිත්‍රානාය සාධු නාම් විනාශය චතුස් ක්‍රිතාම් ධර්ම් සංස්තාප්‍රනර්තාය සංභවාමි යුගේ යුගේ  ජබ් ජබ් ධර්ම් කෝ  හානි හෝති හේ  ජබ් ජබ් අධර්මේ වෘර්දි හොති හේ තප් තප් සත්පුරුශකේ  උදාර් කේ ලියේ  අධර්මියෝකේ විනාෂ් කේ ලියේ  ධරම් කේ ඔර්  පුනස්තාපන් කේ ලියේ මේ හි ජනම් ලේතා හු

banaw

ඒක ඉස්ත්‍රීන්ගේ ප්‍රස්නයක් නොවේ ,පිටත දෙයට රැවටෙන්නේ තමන් තුල තියෙන ගතිය ස්බාවයක් නිසා ,තමන්ගේම ඇතුලෙන් මුලා වූ නිසයි පිටත දෙයක් [රුපයක්] එක්ක බැදෙන්නේ ,දිට්ටේව දිට්ට ,මත්තං භවිස්සති , දැකීම දැකීම් මාත්‍රයක් පමණි ,එහි හරයක් නැහැ ඉතින් වරද ඉස්ත්‍රීගේ නොවේ තමන්ගේ මයි ඉස්ත්‍රීයක්, රුපයක්,ලස්සනයි කියන අදහස ඇති කරගන්නේ තමන්මයි , ඉතින් තමන්ගේ හිතට වැලදුන රෝගයටයි බෙහෙත් ගත යුත්තේ ,පිටත දේට රැවටිලා කැමැත්තෙන් බැඳෙන්න එපා ,දුක ඇති වේවි දුකට හේතුව තමන් විසින්ම තම හිතේ ඇති කරගත් ගති තුනක් ,රාග,දේවේශ ,මෝහ , රාගක්කයෝ නිබ්බානං ,දේවේශක්කයෝ නිබ්බානං ,මෝහක්කයෝ නිබ්බානං

බුද්ද -[බුඋද්ද] යන වචනයේ තිපරි වට්ටයක් ඇත -[ බවය , උපත ,උදුරා දැමීම] බ- යනු බව යන්නය. උ -යනු උපත , [බ+උ ] යනු බවයක් අත්පත් කරගන උපත ලැබීමයි[ බ+උ] අකුරු එකතුවී [බු ]වේ, උද්ද -යනු උදුරා දැමීමයි ,, දර්මයේ තිපරි වට්ටයක් ඇත [සංවට්ට,පරිවට්ට,විවට්ට]

බුද්ද -[බුඋද්ද] යන වචනයේ තිපරි වට්ටයක් ඇත -[ බවය , උපත ,උදුරා දැමීම] බ- යනු බව යන්නය. උ -යනු උපත , [බ+උ ] යනු බවයක් අත්පත් කරගන උපත ලැබීමයි[ බ+උ] අකුරු එකතුවී [බු ]වේ, උද්ද -යනු උදුරා දැමීමයි ,, දර්මයේ තිපරි වට්ටයක් ඇත [සංවට්ට,පරිවට්ට,විවට්ට]



Sandamal Perera බුද්ද - [බුඋද්ද] යන වචනයේ තිපරි වට්ටයක් ඇත - [ බවය , උපත ,උදුරා දැමීම] [ බ ] යනු බව යන්නය.[ උ ] යනු උපතයි , [බ+උ ] යනු ,බවයක් අත්පත් කරගන උපත ලැබීමයි [බ+උ ]අකුරු එකතුවී [බු ]වේ, [ උද්ද ] යනු උදුරා දැමීමයි [බුමියේ නැවත පංචස්කන්ධයක් ඇති නොවන ලෙසට] ,, දර්මයේ තිපරි වට්ටයක් ඇත [සංවට්ට,පරිවට්ට,විවට්ට]


බුද්ද - [බුඋද්ද] යන වචනයේ තිපරි වට්ටයක් ඇත - [ බවය , උපත ,උදුරා දැමීම] [ බ ] යනු බව යන්නය.[ උ ] යනු උපතයි , [බ+උ ] යනු ,බවයක් අත්පත් කරගන උපත ලැබීමයි [බ+උ ]අකුරු එකතුවී [බු ]වේ, [ උද්ද ] යනු උදුරා දැමීමයි [බුමියේ නැවත පංචස්කන්ධයක් ඇති නොවන ලෙසට] ,, දර්මයේ තිපරි වට්ටයක් ඇත [සංවට්ට,පරිවට්ට,විවට්ට] 1 සංවට්ටය- රාග,දේවේශ ,මෝහ කියන ගති තුනේ එකතුවෙන් තනා ගත් වටය[ලෝකය ] 2 පරිවට්ටය - එලෙස රාග,දේවේශ,මෝහ කියන හිස් ගති වල එකතුවෙන් තනාගත් දිගට පරිහරණය කරමින් යන වටය [ලෝකය ] 3 විවට්ටය - එසේ තනාගත් වටය ඉස්ථිර[නිච්ච] වූ දෙයක් නොවන අනිච්ච් වූ දෙයක් නිසා එහි ඇති ස්භාවය දැක වෙන්කර ඉවත් කිරීමේ වටය[තමා විසින්ම හදාගත් ලෝකය ගලවා ඉවත්කිරීම ]


දර්මය දැනගැනීම එකක් ,දර්මය දැකගැනීම තව එකක්,නුඹ ඇතුළු ලෝකයේ බොහෝ දෙනෙක් දර්මය දන්නවා පමණි ,මම කියන්නේ නැහැ බුදුන් උපන්නේ ලංකාවේ කියලා , ලංකාව නමින් රටක් එකල තිබ්බේ නැහැ , බුදු කෙනෙක් නමින් සම්ම්තයෙන් පුද්ගලයෙක් මිට වසර 2600ට පෙර ,දඹදිව සිටියහ [දඹදිව යනු ඉන්දියාව බවට පිළිගත හැකි කිසිදු ශාක්සියක් නැත] බුද්ද යනු , බව උදුරා දැමීමයි බුද්ද යන වචනයේ තිපරි වට්ටයම ඇත ,පටිච්චසමුප්පාදය දර්මය ඇති වුනේ හෙළබිමේය [බුද්ද] පටිච්චසමුප්පාදය තමා සතු නුවණින් අවබෝධ කරේ ගොතම භගවතුන් වහන්සේය [සිදුහත් ගොතම ] ඉන්දියාවේ බුද්ද නමින් දෙවියෙක් ඉන්න ඇති නමුත් හෙළබිමේ බුද්ද නමින් පුද්ගලයෙක් සිට නැහැ ගොතම මුණින්ගේ මහා පරිනිබ්බානයෙන් වසර 500 කට පසුවයි බුද්දාගම නම් ආගමක් හෙළබිමේ නිර්මාණය වෙන්නේ ,එතෙක් ලොව පැවතියේ ,බව උදුරා දමන ,මගයි[බුදු වන මගයි, අරිය මගයි]

Friday, July 18, 2014

වෙදකම්

  • Posted by හදහන ලංකා
  • -
පැරැණි පුස්කොළ පොතේ සඳහන් අයුරු මෙහි ලියා දක්වන්නේ බොහෝ පාඨකයන්ගේ ඉල්ලීම පිටයි. එහි ඇති බෙහෙත් වට්ටෝරුව කවියෙන් සඳහන් වේ.


1.    සැවැන්දනද, ඉරිවේරිය, වම්මුතු, තොටිල පලොල්     බැබිලා 
    නිකදලු, හාතාවාරිය, බෙලි මුල්, ඇහැළද උපුල්     කොලා
    කරඳද, විස දූවිලියද, හබරල, ඇබලද කිතුල්     මුලා 
    නෙලුම්ද, රුක්පොතු, මදුරුතලා මුල් විල්නානුද     එකොලා


2.    කීකිරිඳිය, රුක්අත්තන, අඬහැර කොබෝලීල     එවරා 
    බිම් තඹුරුය එළ ඔලිඳය, බෝමුල්, ගිනිනියඳ     නොහැරා 
    අහු දලු සිවියද කොල්ලන් පිටියද බෝපුලිලද     නොහැරා 
    මෙකී මෙහැම ඔසු ත්‍රිපාලයද, පත පත යුෂ     නොහැරා


3. ඒ යුෂට එළකිරි හැළියද ගිතෙලින් බාගයකුත්     කලතා 
    වට තිර අදිමින් බැන්ද වියන් උඩ මල ලබු මාල     ගොතා 
    ගොම බිම ගාමින් බැඳ ළිප වටකර ගොප්මල් මල     බුලතා 
    සැළි ළිප තබමින් තුන්දින කාඩිය කර ඉසිබස     නැවතා


4. නැවැත තැඹිලි තෙල් පතකු එපමණ අබතෙල් ගෙන මැනලා 
    පතකුත් තලතෙල් එපමණ නිඹ වී එඬරු තෙල්ද     ගිතෙලා
    එවිට කුරුඳු හෝ පැඟිරි දරින් ගිනි කරනුය පමණ     බලා 
    තෙලට යෙදෙන කල්කය මතු පවසමි ඉසිබස සේනු     මුළා


5.    දෙසඳුන් ඉඟිනිය මදුක සවින්දව දෙව්දර ලසුනු     ගෙනා 
    ජටා මකුට කඟවේනං පොන්තරිතාලන්     රැගෙනා 
    ගල්මද නහරය තිප්පිලි මෝදක දෙදුරුද     ගෝරොචනිනා 
    කොකුමද තඹ සුනු රිදීද රත්තරන් සාදික්කා     රැගෙනා


6. ඉඹුල්ද මැලියම් කොල්ල දුම්මල කැකුණ මලද     මෙසියල් 
    ත්‍රිජාත ත්‍රිකටුක මනොසීල ගන්දා දුම්මල හල්     හිරියල් 
    එළු මරින්ද නවසාරන් මුතු සුනු මැණික් යහුනු තණ     මල් 
    සපුද නෙලුම් දෑසමන්ද රුක්මල් සුවඳ වදින සුදු     ගුල්


7. මුලින් කියූ ලෙස මඩිතිය දස දස රැගෙන කිරා     එඔසු 
    අඹරාගෙන පිනි දියරෙන් කල්කය තෙලට යොදන     පැවසු 
    අඳුරු පිස්සුව තමයි උදම් උන කල කල්කය     මෙපසු 
    ගුගුරා යක්සෙන් දුවන් ගමෙන් පිට ඉන්ට බැරිව     වෙහෙසු


8. අත තැබුවොත් තෙල් සිසිල් ගුණය ඇත පෑදුන පෑම     බලා 
    සිත සැකයක් නොව බාමින් වතුරට වට රැකවල්     කරලා 
    එහිමි උදත් කිරිදියෙන් වක්කර එදියෙදීම     සවස්වෙලා 
    එසිය අටක් මේ මන්ත්‍රය ජප කර තබමින් නිම     කරලා


9. යසේ තෙදැනීමේ රාජතරංගනී තෛලය මන     කාලී 
    විශේෂයෙන් ඉර පායා එනකොට තෙල් අතගා     ඇල්ලී 
    රැසේ කොහෙත් නැත සත්පැය ගතවී දපනෙ සිටී     වෙව්ලී
    පැවසූ ඉසිවර බොරු නැත බලතල වස්තු ලැබෙයි     බහුලී

ජේ‍යාතිර් විද්‍යා විශාරද
ගුප්ත විද්‍යාධාරී
මාතර පුහුල්වැල්ලේ
සුසිල් ප්‍රේමචන්ද්‍ර

සිව රජ

යසස්  රජ [ 11085-11040]

හයග්‍රිව් රජුගේ පුත් යසස් කතරගම  අවු. 45 ක් රාජ්‍ය විචාළේය .ඔවු අගනුවර කරගත්තේද  කතරගමයි
කතරගම රජ පරපුරේ  දෙවෙනි රජ වුයේ යසස් රජයි

දෙවිඳු රජ [11040- 11012 ]

යසස් රජගේ  පුත්  දෙවිඳු ඉන්පසු අවු. 28 ක් රජකමේ  විසුවේය

ලක්විජය රජ [11012-10977]

දෙවිඳු රජුගේ පුත් ලක්විජය  ඊලඟට  අභිෂේක ලබා අවු. 35 ක්  කතරගම  රජවිය
ලක්විජය රජුට සිව නැමැති  පුතෙකු  විය ,එම සිව රජ  ලෝක ප්‍රකට  රජකු  හා හින්දු නායකයා බවට පත්වේ යැයි ලක්විජය රජු හීනෙකින් හෝ හිතන්නට නැතුව ඇති

සිව රජ  [10977-10903]

සිව රජුගෙන් සිව ආගම ඇතිවිය .ඔහුගේ රාජධානිය  වුයේ  වර්තමානේ  වැඩිහිටි කන්ද  ප්‍රදේශයයි .සිව
ක්‍රි.පු , 11300  දී  ලක්විජය රජුගේ පුත්ව උපන්නේය ,සිව රජු රජ වුයේ  අවු. 26 දී ය . ක්‍රි.පු 10977
දිය .අභිනික්මනය  කලේ ඔහුගේ වයස අවු.100 දිය .එවිට ක්‍රි.පු . 10903  වසර දිය , තපස් දිවිය  ඇරඹු  හෙතෙම  වසර 12 ක් ඉඳිමින්  පසු වයස  අවු.112  දී  ක්‍රි.පු.  10891  දී මරණයට පත්විය ,ඔහුගේ බිරිඳ  උමාවිය .සිව යන්නේ තේරුම යහපත යන්නැයි . උමා යනු  උතුම් මව යන්නයි . ලංකාවේ  උමා ජෝතිෂ්‍ය
ආරම්බ  වන්නේද මින් පසුවයි . කඳ කුමරු  සහ  ගණසුරුගේ  මව  වුයේද  උමාවයි . උමාපති [ඊශ්වර],උමාසුත[ගණිසුරු ], උමාගුරු ,උමාජනක [හිමාවන්] සැට  නමක්  අයගේ නමින්  හෙළයට  එක්විය . උමාගේ  පියා ගිරිරජ  නම් විය  ,හේ සමනොල පෙදෙසේ  සිටි රජතුමාය







පැdeරඟ යනු සිව රජුට තවත් නමකි, පndeර යනු -හෙළ නෙලුම්ය, අඟ යනු ඇහැයි හෙළනෙලුම් ඇහැ යන්න සිවට මේස විවාහාර වේ, හින්දුන්ගේ වේදයද හෙළබසින් සිව රජු
ලියු බව පැවසේ




Thursday, July 17, 2014

Dit rada pinisa sara piyumai namati lola Gat siya atin kotinana mera siduru kala Gat teda rasev Mahasen devradunudula Sit sahatosin namaduva denuve manadola

Dit rada pinisa sara piyumai namati lola Gat siya atin kotinana mera siduru kala Gat teda rasev Mahasen devradunudula Sit sahatosin namaduva denuve manadola

පොල්පිතිගම' ප්‍රදේශයේ තියෙන ඉපැරණි සෙල්ලිපියකින් අපට දැකගන්න පුලුවන්. මෙහි '....පරුමක කශබහ පුත පරුමක අබයහ ලෙණෙ ශගශ අගත අනගත චතුදිශ නම කකුසඳ දිනෙදනෙ......

පොල්පිතිගම' ප්‍රදේශයේ තියෙන ඉපැරණි සෙල්ලිපියකින් අපට දැකගන්න පුලුවන්. මෙහි '....පරුමක කශබහ පුත පරුමක අබයහ ලෙණෙ ශගශ අගත අනගත චතුදිශ නම කකුසඳ දිනෙදනෙ......

Wednesday, July 16, 2014

ආනකෝට්ටේ මුද්‍රාව සහ යාපනයේ හෙළ උරුමය


                                                                 ආනකෝට්ටේ මුද්‍රාව                                 
         දෙමළ ජනාතාවට අනන්‍ය වූ ඓතිහාසික වාස භූමියක්  උතුරේ වන්නියේ සහ නැගෙනහිර ප්‍රදේශයන්හි තිබී ඇතැයි යන මතය දෙමළ උගත් ජන සමාජය අතර ප්‍රචලිතව පවතින්නේ අද ඊයේ සිට නොවේ. ඇමෙරිකානු මිෂනාරීන් විසින් උතුරේ දෙමළ ප්‍රභූ පන්තියට දෙන ලද අධ්‍යාපනය මගින් උතුරු සංස්කෘතිය අධ්‍යාත්මිකව දකුණෙන් වෙන් කරන ලද අතර ඒ පරතරයම මෙවැනි මතවාද බිහි කරලීමට වෙසෙසි පිටුබලයක් විය.
     මෙම දෙමළ ජනතාව ඓතිහාසික කණ්ඩායමක් නොවන බවට එදා සිටි බ්‍රිතාන්‍ය සිවිල් නිළධාරීන් පවා තේරුම් ගෙන තිබුණි. චෝල ආක්‍රමණ සමග උතුරු සහ ඊශාන ප්‍රදේශ දකුණු ඉන්දීය දෙමළ ආධිපත්‍යට යට වී තිබුණ ද දෙමළ ජනතාවගෙන් වැඩි පිරිසක් ලන්දේසීන් සහ ඉංග්‍රීසින් විසින් පදිංචි කරවන ලද්දන් බව ඔවුන් දැන සිටියහ. නමුත් යටත් විජිතය පවත්වාගන යාමේ අභිප්‍රාය මත දෙමළ ජන කණ්ඩායම් ශක්තිමත් කරවීම බ්‍රිතාන්‍ය රජයේ උපාය මාර්ගය විය. දෙමළ උගතුන් ලෙසට සැලකෙන කේ. ඉන්ද්‍රපාලන් පොන්නම්බලම්‚ රඝුපති ආදීන් දෙමල සිංහල විකාශනයේ සමාන බවක් දකිමින් වත්මන් දේශපාලන ගැටුම හුදෙක් වාර්ගික නොසන්සුන්තාවක් ලෙසට දක්වන්නට උත්සාහ කරති. ඒ උත්සාහයේ පරමාර්ථය දෙමළ නිජ භූමි සංකල්පය පොෂණය කිරීමයි. ඒ සඳහා ඔවුහු පුරාවිද්‍යාත්මක සාක්ෂි පවා විකෘති කොට යොදා ගන්නට උත්සාහ දරයි. 1980 වර්ෂයේ දී යාපන විශ්ව විද්‍යාලීය කණ්ඩායමක් විසින් යාපන අර්ධද්වීපයේ බටහිර කොටසේ ආනකෝට්ටේ  මෙගලිතික සුසානයේ කරන ලද කැණීම දෙමල වාසභූමි තහවුරු කර ගැනීමට යොදා ගන්නා ප්‍රබල සාධකයෙකි. ඒ අවට තිබෙන කදුරුගොඩ කරෙයිනගරය ආදී ප්‍රදේශ වල තිබෙන ප්‍රාග් ඓතිහාසික සාධක පවා සිංහල ඉතිහාසයට සම්බන්ධ කිරීමට ඔවුහු මැලි වෙති.
       විසිවන සියවසේ පුරාවිදු පර්යේෂණයන්ට සාපේක්ෂව වර්තමානයේ සිදු කරන පර්යේෂණ වඩා ඉදිරියෙන් ඇත. ඒ මගින් ලංකා ඉතිහාසයේ සැඟවුණු පැතිකඩක් ආවරණය කර ගැනීමට සමත්වී ඇත. මේ තත්වය මත මහාවංශය විශ්වාශනීය කෘතියක් නොවේ යයි සලකන පිරිසක් ද වෙති. මහා වංශය ලංකාවාසීන්ගේ ඉතිහාසය ලෙසට බොහෝ දෙනා දරන මතය ඒ තරම් සම්පූර්ණ වූවක් නොවේ. එම කෘතියේ දැක්වෙන්නේ ලංකාවේ රාජාවලියට අයත් රජවරුන් විසින් කරන ලද කාර්ය භාරයයි. එසේම ශාසනික ප්‍රවෘත්ති විශේෂ කොට දැක්වීම ඒ මගින් සිදු වී තිබේ. ලංකා ඉතිහාසයේ බොහෝ කරුණූ විග්‍රහ කර ගන්නට ඒ  කෘතිය මගින් ලැබෙන පිටිවහල සුලු පටු නොවේ. මේ තත්වය මත මහාවංශය ලඝූ කොට සැලකීමද යුක්ති යුක්ත නොවේ. එම කෘතිය මගින් අපගේ ඉතිහාසයේ ශ්‍රෙෂ්ඨ අභිමානය කියාපායි.
       මහාවංශයේ නොමැති තොරතුරු පුරාවිදු පර්යේෂණ මගින් සොයා ගැනීම නිසා එම තොරතුරු ද්‍රවිඩ ඉතිහාසයට සම්බන්ධ කොට කතා කිරීම වර්තමානයේ දක්නට ලැබෙන්නකි. අනුරාධපුරය තිස්සමහාරාමය උතුරේ කදුරු ගොඩ ආනකෝට්ටේ සහ පොම්පරිප්පුව ආදී ස්ථාන වලින් හමු වූ වළං කැබලි වල දක්නට ලැබෙන හඳුනා නොගත් අක්ෂර ද්‍රවිඩ භාෂාවට නෑකම් කියන බව දැක්වීම මගින් ඊළාම් මතවාදයට ලැබෙන ශක්තිය විශාලය. ආනකෝටේ ප්‍රදේශය යාපනයට ඉතා නුදුරු ය. කදුරුගොඩ විහාර සංකීර්ණය පිහිටා තිබෙන්නේ ද මේ කලාපය තුලයි. ක්‍රි.පූ. තෙවන සියවසේ ලාංකික බුද්ධ ශාසනයේ ආරම්භයත් සමග මේ ප්‍රදේශයේ ඇති වූ බෞද්ධ ප්‍රබෝධය දැනට හමු වී ඇති පුරා වසුතු වලින් පැහැදිලි වේ. කන්කසනතුරේ අසල ජම්බුකෝල විහාරයේ හමු වූ සිරිපතුල් ගල ද මේ අතර වැදගත් කමක් ගනී. හුණූගමින්(චුන්නාකම්) හමු වූ බුදු පිළිමය මගින් ද කියා පාන්නේ උත්තර ප්‍රදේශයේ තිබුණූ බෞද්ධ ශිෂ්ඨාචාරයයි.
       1980 දී ආනකෝට්ටේ පෙදෙසින් හමු වූ මුද්‍රාව මගින් මේ සියල්ලටම හාත්පසින් වෙනස් සංස්කෘතියක් ක්‍රි.පූ. තෙවන සියවසට එපිටින් උතුරු අර්ධද්වීපයේ තිබුණූ බව හෙළි කරයි. මෙම මුද්‍රාව ලෝහමය නිමාවකින් යුක්තය. එය හුදෙක් මුද්‍රාවක් ලෙසට හඳුනා ගන්නට බොහෝ අය උත්සාහ දැරුවද එහට වඩා වෙනස් භාවිතාවකට එමපුරා වස්තුව යොමු කරගෙන තිබූ බව පෙනේ. මේ මුද්‍රාවේ අක්ෂර මහාචාර්ය ඉන්ද්‍රපාලන් විසින් කියවා ඇත්තේ කොවෙටාන් යනුවෙනි. බ්‍රාහ්මී අකුරෙන් තිබුණද එය දකුණු ඉන්දියාවේ ශිලා ලේඛනයන්හි ඇති කෝඅටන් නමැති දෙමළ වචනයට සමාන කරන්නට ඔහු උත්සාහ කරයි. දෙමළ හා මලයාලි බසින් කෝ යන්න යෙදෙන්නේ රජු වෙනුවෙන් බව ඔහු තර්ක කරයි. නමුත් මේ මුද්‍රාව පිළිබඳව පර්යේෂණයක් යෙදුණූ මහාචාර්ය රාජ් සෝමදේව මහතා මුද්‍රාවේ ඇති බ්‍රාහ්මී අක්ෂර කියවා ඇත්තේ කෙවෙත යනුවෙනි. මුද්‍රාවක් බැවින් මෙම අකුරු පිහිටා තිබෙන්නේ වමේ සිට දකුණටයි. එවිට එහි ඇති අක්ෂර සටහන් වන්නේ දකුණේ සිට වමටයි. ඒ  අනුව කො යනුවෙන් අක්ෂරයක් එහි සටහන් නොවේ. එය ‘කෙ’ යන්න බව කරන සඳහන නිවරදිය. බ්‍රාහ්මී අක්ෂර තුනට අමතරව මෙම මුද්‍රාවේ බ්‍රාහ්මී නොවනෙ අක්ෂර තුනක් ද අන්තර්ගතය. ඊනියා ද්‍රවිඩ නිජභූමිය පිළිබඳව මත ඉදිරිපත් කරන දෙමළ වියතුන් මෙම සළකුණු තුන විග්‍රහ කිරීමට ඉදිරිපත් නොවේ. දෙමළ අක්ෂර සමග සංසන්දනය කොට අර්ථයක් ඉදිරිපත් කිරීමට මේ අයට පසුබිමක් නොමැති බව පෙනේ. නමුත් ප්‍රාග් ඓතිහාසික අවදියේ දී ලංකාවේ ජනතාව භාවිතා කළ භාෂාවක් තිබූ බවට මෙය විසින් ඉඟියක් ලබා දෙයි.
         තඹුත්තේගම ජයබිම ත්‍රිපිටක ධර්මායතන පිරිවෙන් පතිව සිටි පූජ්‍ය මානෑවේ විමලරතන හිමියන් ‘යක්ෂ ගොත්‍රිකයින්ගේ අප්‍රකට තොරතුරු’ හා‘ යක්ෂ ගොත්‍රික භාෂාව’ යනුවෙන් ග්‍රන්ථ දෙකක් මෑතකදී ලියා පළ කලේය. මෙම ග්‍රන්ථයේ සඳහන් පරිදි යගු කෞරාන මණ්ඨක නොහොත් රාවණ රජුගේ පුත්‍රයා උපේනද්‍රමිණිකයි. ඔහුට දාව රවි ශෛලාශ මණ්ඨක සහ කෙවෙසස්ථාන මණ්ඨක යන කුමාරවරු දෙදෙනෙක් සිටියහ. මේ අතරින් කෙවෙසස්ථාන කුමරු උතුරු අර්ධදවීපය පාලනය භාරව සිට ඇත. එකල උතුරු පෙදෙස යක් ගොත්‍රිකයින් ගේ ප්‍රධාන රාජ්‍යයක් විය.කෙවෙසස්ථාන පදියම ( පෙදෙස) යනුවෙන් එකළ එය හැඳුන්වුණි. කෙවෙසස්ථාන රජු ගෙන් පසුව යක්ෂ ගොත්‍රක පාලකයින් විශාල සංඛ්‍යාවක් මේ පෙදෙස පාලනය කරමින් සිට ඇත. ඔවුහු නාග ගෝත්‍රිකයින් සමග ආවාහ විවාහ කර ගත් බව පැවසේ.
      බුද්ධත්වයෙන් පසු  බුදුන් වහණසේ උතුරට වැඩම කරන අවස්ථාවේ එහි සිටි මනිභද්‍ර නම් කුමරු බුදුන් වහණ්සේ ගෙන් බණ අසා පැවිදි භූමියට පත් වූ බව පැවසේ. මොවුන් භාවිතා කර තිබෙන්නේ මිනි මිහිල භාෂාවයි. ඒ හා සම්බන්ධ අක්ෂර විශේෂයක් හෙළි දරව් කිරීමට පූජ්‍ය මානෑවේ විමලරතන හිමියන් සමත්ව ඇත. ආනකෝට්ටේ මුද්‍රාවෙන් කියැවෙන කෙවෙත කෙවෙතස්ථාන යන්නම බව නිසැකය.  ඔහුගේ රාජ්‍ය බලය පෙන්වීමටත් ජාත්‍යන්තර වෙළෙඳ ගනුදෙනු තහවුරු කරලීමටත් මේ මුද්‍රාව යොදා ගත් බව පැහැදිළිය. මුද්‍රාවේ තිබෙන හඳුනානොගත් සංකේත දෙක යක්ෂ ගොත්‍රික භාෂාවේ කවිලාශ පාලී අක්ෂරය ලෙසට පෙන්වා දිය හැකිය. එය මිත්‍රත්වය ප්‍රකාශ කරන සංකේතයකි. අවසානයට සඳහන් වන අක්ෂරය යක්ෂ භාෂාවෙන් බලොජ අක්ෂරයයි. එහ මගින් රජු සංකේතවත් කරයි. රේඛාව මතුපිට බිංදුව යොදමින් සළකුණූ කරන මෙම සංකේත සමගින් බ්‍රාහ්මී අක්ෂර යොදා ගත් මුද්‍රාවෙන් එකල ජාත්‍යන්තර ව පැවති වෙළෙඳ ගනු දෙනු අර්්ථවත් කර ඇතැයි සැලකිය හැකිය. ප්‍රකටව පැවතෙමින් තිබූ ප්‍රාකෘත භාෂාව යොදා ගනිමින් යක්ෂ ගොත්‍රික අනන්‍යතාවය ද දක්වමින් සකස් කර ඇති මේ මුද්‍රාව හෙළ යටගියාව පිළිබඳ ප්‍රබල සාක්ෂියක් ඉදිරිපත් කරන්නකි.
       යක්ෂ ගොත්‍රිකයින් බුදුදහම වැළඳ ගැනීමත් නාග ගොත්‍රිකයින් උතුරේ ආධිපත්‍යට පත් වීමත් හේතු කොට ගෙන උතුරේ යක්ෂ පාලනය අවසන් වූ බව පැහැදිළිය. උතුරේ වලිපුර පෙදෙසින් සොයා ගන්නා ලද රන්පත (වල්ලිපුරම් රන්පත) මගින් මේ තත්වය තේරුම් ගත හැකිය. වල්ලි පුරම් රන්පතේ උතුරු අර්ධද්වීපය හඳුන්වනනේ නකදිව නෙහොත් නාගද්වීපය යනුවෙනි. ඒ වසභ රජුලේ පාලන සමයේ දී ය. එහෙත් ප්‍රාග් ඓතිහාසික සමයේ දී මේ ප්‍රදේශය කෙවෙසස්ථ පදියම යනුවෙන් භාවිතා කර තිබේ. රාවණ පරපුර බලයෙන් දුබල වීම නිසා නාග ගෝත්‍රිකයින් එම පෙදෙසේ පාලන බලයට පත් වන්නට ඇතැයි ද කලපනා කළ හැකිය.
      විජයාගමනයෙන් පසුව දඹදිව ශාක්‍ය වංශිකයින් සහ නාග ගොත්‍රිකයින් අතර ඇති වූ සංහිඳියාව මත පාලන බලය ශාක්‍ය වංශිකයින්ට හුවමාරු වූ බවද අතර ඒ මගින් යක්ෂ නාග සහ දඹදිව ශාක්‍ය වංශිකයින් ගෙන් සැදුම් ලත් නව සිංහල බෞද්ධ සංස්කෘතියක් රට තුල නිර්මාණය වූ බවද කල්පනා කළ හැකිය. ඒ සංස්කෘතිය තුලට දෙමළ ජන වර්ගයන් ඇතුලු වන්නේ චෝල පාලන සමයෙන් පසුවය. නමුත් ඔවුහු ද සිංහල සංස්කෘතියට කලකදී එකතු විය. ආර්ය චක්‍රවර්තී පාලනයට උතුර නතු වීමෙන් පසු මෙකී සංස්කෘතික සබැඳියාව දෙදරා ගිය අතර එය නැවත ඇති වනන්ට උත්සාහ ගැනෙනුයේ කොට්ටේ යුගයේ දීය. නමුත් පෘතුගීසි ආගමනයෙන් පසුව එය නැවතත් විනාශ විය. මෙම තේරුම් ගැනීම තුලින් අඛණ්ඩ හෙළ සංස්කෘතියක අනන්‍යතාවය හෙළිවෙයි. එබැවින් ලංකාවේ පුරාවිදු සොයා ගැනීම් තව දුරටත් දෙමල ජාතිවාදය පෝෂණය කිරීමට යොදා ගැනීම වළක්වාලිය යුතුය. ඒ සඳහා රාවණා යුගය ගවේෂණයට  නිවරදිව ප්‍රවිෂ්ඨ විය යුතු යයි සිතමි.
2010 ඔක්තෝබර් 27 දිවයින බදාදා අතිරේකය

makkma


ටොලමිට අනුව මක්කම කලා ඔය මුහුදු සීමාවයි!




ධාතු විස්තරය, කොහොඹ යක්කම හෙවත් විජේරාජ කතාව, ගොයම් කවි, සත් අඩි උපත, ඔංචිලිවාරම්, තලමල විස්තරය, කෝකිල සන්දේශය, කඩතුරා කවි, සන්නි කවි, දැදුරුඔය අසබඩ විත්ති, අපේ හෙළ සිංහල ඉතිහාසය ආදී විවිධ කෘතීන්හි දැකීමට ලැබෙන නාමයකි මක්කම. පොළොන්නරු යුගයෙන් පසුව ලියැවුණු විහාර අස්න නම්වූ විහාර නාමලේඛනය, පසුව මහ පිරිත් පොත හෙවත් පිරුවානා පොත්වහන්සේට ද ඇතුළත් කර ඇත. මෙම තොරතුරු අනව මක්කම නම් වූ නගරයක් සහ මක්කම නම් වූ විහාරයක් පිළිබඳව තොරතුරක් හෙළිවේ. දැනට ලෝකයේ සම්මත වී ඇති ලෝක සිතියම් පළමුව නිර්මාණය කර ඇත්තේ ගී‍්‍රක් ජාතික ටොලම් විසිනි. ටොලමිගේ ලංකා සිතියමට ඇතුළත් කර ඇති ග්‍රාම නාම පිහිටි ස්ථාන අනුව මල්වතු ඔයත් කලාඔයත් අතර ප්‍රදේශය මරගන ලෙස සඳහන් කර තිබේ. ඉතිහාසයේ සඳහන් වන පරිදි ටොලමි ජීවත්ව සිටියේ ක්‍රි.ව. 140 කාලයේය. එදවස ලංකාවේ රජතුමා වූයේ ගජබා රජතුමාය යන්න ඉතිහාසයේ සඳහන් ය. ගජබා රජතුමා සොළී දේශයට පිහිනා ගියේ මෙම අසලින්ය. ඒ බව මෙසේ දැක්වේ.

මෙකල රජ කළ පවර ගජබා නිරිඳු මාවටුපුරෙන් සොළි ර               ට
එකල සැටවස් පුරා ගෙන ගිය දොළොස් දහසක් දනන් සිර කො ට
අසා රැහැණිවැ ගදා ගෙනැ පසළොස්රියන් තුන්රියන් දිග ව          ට
මුද පිනා උරතලෙයි ගෑ සඳුන් නොමකා ගොසින් එතර                     ට

ගජබා රජතුමා ගේ මාමා වූ මහල්ලකනාග රජතුමාගේ පුත්‍රයෙකි. කණිටඨතිස්ස රජතුමා මෙතුමා ක්‍රි.ව. 165 – 193 අතර කාලයේ වසර 28 ක් ලක් රජය කරවූ බව වංශකථා වළ සඳහන් ය. කණිටඨතිස්ස රජතුමා විසින් පිහිටුවන ලද සෙල්ලිපියක මගනනකර (මගනනගර) යන්න සඳහන් ය. කලාඔය ආසන්නයේ ඇති ඔච්චාපුකල්ලුවේ කැලෑවට ගිය විහාරයක් කුඹ විහාරය ලෙස සඳහන් වන්නේ සෙල්ලිපියකය. එහි සඳහන් පුවතට අනුව හෙළි වන්නේ මගන නකරයෙහි වෙවල මිතියෙහි වූ චුදනක වැව කුඹ විහාරයට පූජා කර ඇති බවයි. ( “....... ටොලමිගේ සිතියමෙන් ද විල්පත්තුවේ ඔච්චාපුකල්ලුවේ ඇති කනිට්ඨතිස්සගේ (167 –186) ශිලාලිපියෙන් ද පැහැදිලි වනුයේ මගණ පිහිටා තිබුණේ බටහිර වෙරළෙහි මෝදරගම් ආරේ මෝය සමීපයේ බවය.....” (පුරාතන හා මධ්‍යතන ලංකාවේ ඓතිහාසික ස්ථාන විස්තරය. 96 පිට) මෙහිම ඇති පැරණි සෙල්ලිපියකට අනුව මෙම ගල්ලෙන් විහාරය පළමුව කරවා ඇත්තේ කණරජතුමා ය. රඣ – කණශ - පුත – කණශ - ලෙණෙ – අගත- අනගත – චතුදිශ - ශගශ Rajha – Kanasa puta rajhaputa – Kanasa – lene agata – anagata – catudisa – sagasa (INSCRIPTION OF CEYLON. VOI:1:1 P.09.NO 111)කණරජතුමා යනු, බම.කුබ. (බම්බා, කුම්බා) Parumaka – Bama – puta – parumaka – Tisaha lene SagaSa No 130 යන රජවරු දෙදෙනාගේ පිය රජතුමා ය. කුම්බා රජතුමාගේ දියණිය අල්ලිරාණි හෙවත් වල්ලිකුමරිය ය. මැය සරණ පාවාගෙන සිටියේ ගිරිභද්‍ර සෙන්පතිතුමා ය. බුදුරදුන් කලාඔය දිගේ ගිරිබාවට වඩින විට බුදුරදුන්ට බාධා කළේ මොහු ය. ගෞතම බුදුරජාණන් වහන්සේ මොහුට විෂකුම්භ සූත්‍රය දේශනා කළේ ඉහත සඳහන් කළ කුඹ විහාරයේ දී ය. මෙය සඳහන් වන්නේ අප්‍රකට පුස්කොළ ග්‍රන්ථයක් වන යක්‍ෂ ගෝත්‍රිකයින්ගේ වරිගපූර්ණිකාවයෙහි ය. එම ග්‍රන්ථයෙන් උපුටා ගත් කොටසක් සිංහල පරිවර්තනය මෙසේ ය. “.......කලාඔයට ආසන්න විල්පත්තු (කඳුරු පදියම) කැලෑවේ පිහිටි වැලි වෙහෙර ද බුදුන්ගේ ශ්‍රී පාද පත්මයෙන් පවිත්‍ර වූ ස්ථානයකි. නර්මදා නදියේ වැලි තලාවක බුදුන්ගේ එක් සිරිපතුලක් පිහිටා ඇති බව (නම්මදාය නදියා පුලිනේචතීරේ) බෞද්ධයෝ විශ්වාස කරති. එය කවර ස්ථානයක පිහිටියක් ද යන්න මතභේදයකට තුඩු දී ඇත්තකි. බුදුන්ගේ වැඩම කිරීම වැළැක්වීම සඳහා ගිරිභද්‍ර සෙන්පතිතුමා විසින් යෙදූ හමුදාව අවි බිම තබා බුදුන්ගෙන් බණ ඇසූ ස්ථානය වැළි වෙහෙරයි. එනට ඒකරාශී වූ යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ ඉල්ලීම පරිදි ශ්‍රී පාද ලාංඡනයක් පිහිටුවා වදාළ බව ජනප්‍රවාදයෙහි එයි. ශ්‍රී පාද වන්දනාව ශ්‍රී ලාංකිකයන්ට ආවේණික වන්දනා ක්‍රමයක් වූ බැවින් එම ශුද්ධ භූමි සතරම ශ්‍රී ලංකාවේ පිහිටන්නට ඇතැයි විශ්වාස කළ හැකි ය. බුදුරජාණන් වහන්සේ ධූමක කද්දිර නම් යක්‍ෂ ගෝත්‍රික ජන පදයට වැඩම කිරීම අප්‍රකටව පැවතීම නිසා මේ වටිනා ස්ථාන පුරාවිද්‍යාවේ අවධානයට යොමු නොවීම කණගාටුවට කරුණකි......” (කර්තෘ ශාස්ත්‍රපති පණ්ඩිත මානෑවේ විමලරතන හිමි ජයබිම ත්‍රිපිටක ධර්මායතන පිරිවෙන මැදගම මහගල්කඩවල 2001/01/16 මුද්‍රණය)
පිරිත් පොතෙහි සඳහන් විහාර නාමලේඛනය අනුව මුන්නේස්සරම විහාරය ළඟට එන්නේ ඇත්තල විහාරයයි. ඊළඟට එන්නේ මක්ම විහාරයයි. මක්කම විහාරය ළඟට එන්නේ මන්නාරම විහාරයයි. මේ අනුව මුන්නේස්සරම විහාරය සහ මන්නාරම විහාරය යන විහාරයන් දෙක මැද ඇත්තේ ඇත්තල විහාරය සහ මක්කම විහාරයන් දෙක ය. අද මෙම විහාරයන් දෙකම දැකීමට නොමැත. නමුත් සද්ධර්ම රත්නාකරය අනුව දාඨාසේන යෝධයාණෝ ඉන්දියාවට පැන යාම සඳහා කලාඔය දිගේ මුහුදු තීරයට ආ දින මෙහි සිටි කොවුලෙක් බෝධියකට ජලය දැමීම හා වැලි පිරවීම පිළිබඳ කථාවේ දී හමුවන බෝධිය නූතන කල්පිටිය නාවික හමුදා කඳවුර අසල ඇති බෝධිය යි. මක්කම විහාරය ගල්ලෙන් සහිත විහාරයකි. මෙම ගල්ලෙන් කඩා විනාශ කළේ ලංදේසීන්ය. අද දිනද නාවික හමුදා කඳවුර තුළ මක්කම විහාරයට අයත් ගල්ලෙන් පොළොව යටදී දැකියහැකිය.

උඩම උඩම උඩ මක්කම වැල්ලේ
වසින වසින වැසි ඒ ගල පල්ලේ
යැයි ඔන්චිලිවාරම් වලදී හෙළි වන්නේමක්කම ගල්ලෙන් විහාරයට අයත් ගල්පර්වතයයි. මෙම ගල් ලංදේසීන් විසින් කඩා කොටුව සෑදීමට ගන්නා ලදී. මෙම ගල් කුට්ටි 1891 දී ඉංගී‍්‍රසීන් විසින් කැමරා කර තිබේ.ඉංගී‍්‍රසීන් විසින් දමා ඇති නීති අනුව මෙම ඡායාරූප අපට නැවත ඡායාරූප ගත නොහැක. ආරක්‍ෂක හේතු මත කල්පිටිය නාවික හමුදා කඳවුර ඡායාරූප ගැනීමට නොහැක. විස්තර සඳහා බලන්න.THE PORTUGUESE CHAPEL IN THE KALPITIYA FORT N.& Q. XXX.I.IV 78, 1925. 162 –166 PERERA.FR.S.G DISCOVERING CEYLON. R.L.BROHIER (බ්‍රෝහියර් හඳුනාගත් ලංකාව 82 පිට අභය හේවාවසම් පරිවත්නය)
තත්ත්වය මෙසේ වන විට කෝකිලයාට මුල්ගිරිගල තිලක පිරිවෙන් හිම විධානය කළ, බල මා මිතුරු සඳ ඇත්තාල මක්කම (කෝකිලය 202 ) යන සිව් පදයේ හතරවන පාදයට අයත් මක්කම අද අපිට අහිමි වී ඇත.

සක්වල ගල පිට යකු සිට තරග කරපි මුනි රජ               හට
යක්සෙන් තොපි විමන් දවමි කැපගනු බත්ගොටු හනි කට
මක්කම සමනල සිරිපා තැබූ මුනිඳුගෙ පා                       දෙට
කස්සප මුනිඳුගෙ අන ලමි වරෙන් මෙරග සැණකෙළි යට

ඉතිහාසයේ සැගව ඇති මක්කම විහාරය සහ කෛලාශකුට විහාරය යන විහාරයන් දෙක ලංකාවේ පෞරාණික විහාරයන් ය.
“මඩිගණාසිකො ඛුද්දතිස්සත්ථෙරො මහිද්ධිකො කෙලාසෙ සටඨිසහස්සානං දත්වාන පරිභුඤ්ජි තං”
කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම යන සතර බුදුවරුන් වැඩ සිට මිනිසුන් මෝක්‍ෂයට මග පෙන් වූ තැන මොක්අම මක්කම විනැයි පාලි ඬරුක්තියක් ඇතැයි අපට පළමුව කීවේ, උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝසභාවේ කෝට්ටේ පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක, නාමලේඛක ධුරන්ධර මහොපාධ්‍යාය, පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙනහි ආචාර්ය, සාහිත්‍යාචාර්ය, භාෂාශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත මාදිවෙල චන්දවිමල නා හිමියන් ය. උන්වහන්සේගේ ද දැනුම සහ අවවාද කැටි කොට මවිසින් මක්කම ලංකාවේ බව ඔප්පු කර ඇත. එම ග්‍රන්ථය නම් කළේ “දකුණු බුදුසිරිපතුල පිහිටි මක්කම සහ රාවණ රජුගේ සෙල්ලිපි” යනුවෙනි. මෙම ග්‍රන්ථය මෙතෙක් විවේචනයකට හසුවී නැත. නූතන බත්තලම්ගුණ්ඩුව ඇතුළත මුක්කම යන නමින් ස්ථානයක් තිබේ. විමසා බැලීම පාඨක ඔබ සතු ය.

සක්වල ගලපිට යකු සිට තරග කරපි මුනි රජ                   හට
යක්සෙන් තොපි විමන් දවමි කැප ගනු බතගොටු හනි කට
මක්කම සමණල සිරිපා තැබු මුනිදුගෙ පා                         දෙට
කස්සප මුනිදුගෙ අණ ලමි වරෙන් මෙරග සැණකෙළි    යට
වැටුණු තලිය තලි තුනකට    පල්ලේයා
ඉසුණු බුදු රැසින් මහමෙර    එල්ලේයා
ලකුණු බලාලා මහ මෙර        පල්ලේයා
දකුණු සිරිපතුල මක්කම        වැල්ලේයා

මක්කම වැඩ තිබූ වම් පා                             දෙක
එක්කම මිණි මෙකල දිවසින්                        දැක
සක් දෙවිඳුට උපමා කළ අණ                       සක
නික්මෙනි සිව් ජලකඳ ගිරි අර                 ණෙක

සත්පුර ඔබ දෙවියන් දැක මුණිඳුන් අණ සිරස    දරයි
මක්කම සිරි පතුල තබා දෙවරම වෙහෙරට වැ  ඩියයි

ලක් සඳු පියස                      මක්කම
මොක් හිමි ප                         දක්කම
සිවි මුරු වැ                           ඩක්කම
සරණ වැඳලා කියමි         යක්කම

උඩම උඩම උඩ මක්කම       වැල්ලේ
වසින වසින වැසි ඒ ගල        පල්ලේ
දුවන දුවන නැව සමුදුර         පල්ලේ
අපිත් පඳිමු දැන් රන් ඔන්     චිල්ලේ
ලස්සන සෝබන සමගම       බබළන
මක්කම සිරිපා සමනල       වැඳගෙන
ලස්සන තලමල කිනිති පෙළින්    පෙළ
විස්තර තලමල පච්චවෙල වෙල  මැද

සතර දෙනයි අපි ආවේ           ඔක්කොම
සතර පිටට කැරකෙයි සොඳ  ගෙත්තම
සතර වටට අල්ලන                    මාලක්කම
සතර බුදුන් වැඩි වැල්ලයි          මක්කම

මක්කම තිබූ පාදපත්ම එක්කම සමනල                  වඳින්ඩ
දුක් මම කවි කර පවසමි සමන් දෙවිඳු මේ      උතුමන්ඩ
ඔක්කොම ගවරැළි වැනසුනි මෙදා යුගේ බැරි ගෙවන්ඩ
මක්කම සමණල බලයෙන් නරකද පැත්තක්     ඇරෙන්ඩ

ගත පිවිතුරු සරහන ගෙල ප                  දක්කම
කරවනතුරු ලිය නෙත රුසිරු                 වැක්කම
සැදිවිසිතුරු තුරු මග දෙපස                  එක්කම
බලමා මිතුරු සඳ ඇත්තාල                       මක්කම


                                                                                          - කෝකිල  සංදේශය

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

Sunday, July 13, 2014

එකල රජ කළ පාලකයන් අතළොසක් මෙසේ ය:

එකල රජ කළ පාලකයන් අතළොසක් මෙසේ ය:
1. IIවන බුවනෙකබාහු රජු
2. IVවන පරාක්‍රමබාහු රජු
3. IIIවන බුවනෙකබාහු රජු
4. Vවන විජයබාහු රජු
ඒ අතුරින් සාහිත්‍ය කලාව ගොඩනැංවීම උදෙසා මනා වූ රාජ්‍ය අනුග්‍රහයන් ලබා දුන් IVවන පරාක්‍රමබාහු හෙවත් IIවන පණ්ඩිත පරාක්‍රමබාහු රජු කුරුණෑගල යුගයේ සශ්‍රීකත්වය උදෙසා වෙසෙසින් ම කැපවූවෙකි. එකල පැවති පිරිවෙන් විද්‍යස්ථාන කිහිපයක් මෙසේ ය:
1. වීදාගම ඝණානන්ද පිරිවෙන
2. තොටගමුවේ විජයබා පිරිවෙන
3. ශ්‍රී පරාක්‍රමබාහු පිරිවෙන
4. දෙවුන්දර නන්දන පිරිවෙන
5. කිත්සිරිමෙවන් කැලණියේ ගතාරා පිරිවෙන
6. කෑරගල පද්මාවතී පිරිවෙන:
එමෙන් ම ග්‍රන්ථකරණයේ යෙදුණු ධර්ම ශාස්ත්‍රඥ පඬිවරු ද රැසකි:
1. ශ්‍රී පරාක්‍රම විල්ගම්මුල
2. දෙව්රද දම්පසඟිනා
3. පරාක්‍රම පණ්ඩිත
4. ගතාරා උපතිස්ස
5. වීරසිංහ පතිරාජ
6. පරාක්‍රම අධිකාරි
7. යක්ගිරිලෙන සීලවංශ තෙර
8. ශීලවංශ ධර්මකීර්ති හිමි
මෙම යුගයෙහි බිහි වූ සාහිත්‍ය කෘතීන් ද රැසකි:
1. උම්මග්ග ජාතකය
2. පාරමී මහා ශතකය
3. ජාතක කථා පොත
4. දළදා සිරිත
5. සිංහල ථූපවංශය
6. චූල වංශය
7. සරජෝතිමාලෙයි
එකල සාහිත්‍යකරණයේ පැවති විශේෂතා මෙසේ ය:
1. විශාලතම බණකතා ග්‍රන්ථය වන
‘ජාතක පොත’ බිහි වීම.
2. හෙළදිවට නුපුරුදු ව පැවති වෘත්ත
ගන්ධි ශෛලියෙන් කෘතීන් රචනා වීම.
3. පරිවර්තන සාහිත්‍යයක් බිහි වීම:
4. මුල් ම අස්න ග්‍රන්ථය බිහි වීම.
5. වංශ කථා සාහිත්‍යයේ ආරම්භය.

Internet Archive

Internet Archive



Old Sinhalese Folk Music from Ceylon - Internet Archive


http://8916898.blogspot.com/

Saturday, July 12, 2014

ගති තුනක් හිතේ තියාගන එයින් අලුති හේතු ඇති ඇති කරමින් යනකොට තමා අගතිය උදාවෙන්නේ ,ඇතිවීමට බලපාන හේතු සියල්ල නිරෝධ කරන්න

ගති තුනක් හිතේ තියාගන  එයින් අලුති හේතු ඇති ඇති කරමින් යනකොට තමා අගතිය උදාවෙන්නේ ,ඇතිවීමට බලපාන හේතු සියල්ල නිරෝධ කරන්න




 [ඉරෙන් හා සදෙන් ]තමා අම්මා අප්පච්චි බිහිවුනේ හිරු පුරුෂ පාර්ශවය නියෝජන කරන අතර [ හඳ ] ඉස්ත්‍රී පාර්ශවය නියෝජන කරයි පෙරකළ පිරිමි දරුවෝ මුහුද දෙසට දුව ගොස් [ හිරු පති ] නැග එද්දී මෙලසින් කෑගසයි -ආ පති ආ පති අ පිත අද අප්පච්චියි යනුවෙනි රාත්‍රී කාලයේදී[ හඳ ] පායා එනවිට ඉස්ත්‍රීන් මෙලසින් කෑ ගසයි ආ මා ආ මා ආ මත අද අම්මා යනුවෙන්

ගණදෙවි හෑල්ල

[ගණදෙවි හෑල්ල]

1. ගණපති දෙති නුවණ 
මිහිකත රකියි මෙ දෙරණ 
දෙන්නේ මට නුවණ 
අසන් දෙවියනි මේ දේවගණ 
2. ගනඳුරු දුරලවන්
නුවනින් නිපුණ කරවන්
මෙ නරලොව දිනවන්
සසිරි ගණදෙවි නුවණ මට දෙන්
3. පුදම් ආලංගා
සිතසේ කෙරෙයි අංගා
මව ද උමයංගා
වඳිම් ගණදෙවි දොහොත් නංගා
4. ගණදෙවියන් නුවණ දෙන්න
සරස්වතී පහළ වන්න
සියලු රෝග දුරු කරන්න
නිතර වඳිම් තුනුරුවන්න
5. සූරිය කුල තෙද උතුමා
පෑවිය සක්වලට හැමා
කාරිය සිතුවාට තමා
සූරිය දෙවි නමෝ නමා
6. ඊශ්වරා ලෙසින් තමා
ශාස්තරා දී නො පමා
ආස්පුරා ඇවිද නමා
භාස්කරා නමෝ නමා
7. චන්ද්රා සහෝදර උතුමා
චන්ද්රා කටක පැවති තමා
සව්සිරි දී රකු මෙ තුමා
චන්ද්රි සුරිඳු නමෝ නමා
8. නිත්ත ඇවිද මෙර වටමා
සිද්ද කරන ලොවට හැමා
උත්තම ගුණ නුවණ නමා
සත්තලෝක නමෝ නමා
9. ඔදැති තෙදැති සමාගමා
අරිති අරිති අඳුර තමා
දෙවති දෙවති නුවණ තමා
ජයතු ජයතු නමෝ නමා
10. ගණිසුරු මහසෙන් කන්දා
ගෙන අඩයටි සුරතින්දා
දෙමි කී අඹපල සන්දා
මෙ විකුම් කුමරුගෙ කන්දා
11. ඉසුරු උමා කී බසෙකින්
මයුරාසන පිට නැගෙමින්
සක්වල වට දිවි සැනෙකින්
සරණත කර මම නමදිම්

ගණදෙවි හෑල්ල නිමි

හේතුව

හේතුව අත හැරොත් පළයක් හැදෙනු නැත 
පෙර අත හැරිය නම් අද මේ පළය නැත 
පෙර කල හැදු හේතු අද මේ පළය දෙත 
අද හැදුව නම් මතුවට යලි පළය දෙත


දුනු රම් රජු මෙන් නිති ලොව පුවතරව
දුනු පර සුරම් ගණ රන් දුනු සරදරව 
දුනු කුළුවන් දෙව්රද කුල ගරුකරව
දුනු දෙව් රජ හටද මෙතෙපුල් සැලකරව


රාම දෙව්රද දෙවුන්දර සිට අළුත් නුවරට වඩින ගමනේ 
සෑම සිවුරඟ සෙනග ඇදෙමින් මඟුල් දිවූ පෙරහැරින් සොඳිනේ
සෝම රිවිරුව පිහිටි කොඩිය ද පෙරමු කර ආසෙයින් එකිනේ 
ඒම හත්මානයක් සිව් කෝරලයේ හටවත එතැන් පටනේ .


සම්බුද්ද ශාසන වරං - යතිපුංග වන්ඤච 
සම්පාලනාය පටිලද්බී යසස්සී
පුන්ඤාණි මානි අනුමොදීය වාසුදෙවෝ 
පාලේතුමං සත්ත සාන හිතා වහන්තෝ

උත්පලවන්නා දෙවියන්ව ,රාම, විෂ්ණු,වාසුදේව,නාරායන ,කෘෂ්ණ දෙවියන් යන නම් වලින් හැඳින්වේ
 සබ්බ ධානං ධම්ම ධානං ජිනාති
සබ්බ රසං ධම්මරසෝ ජිනාති
සබ්බ රතින් ධම්මරතින් ජිනාති
තංහක්ඛයෝ සබ්බ දුක්කං ජිනාති

Tuesday, July 8, 2014

"Kokila sandesha "

1.   සැරදෙ කොවුලිඳු
      සඳ සර සිර අමා රස සේ
      තුනු සිරිනි නිලුපුල තුල්
      ලැබැ පුල් අමා රස සේ


2.   සර දෙන ලකුණු රැඳි-රතු නෙතිනි යුතු මමිතුර 
      හිවි සල් සයුරු මල් සේ සත් සෙබෙර
      සුවි සල් නව වසතිඳු දිය මිහිඟු ‍බෙර
      පරපුර වදන තුම - රනකුරු කළ කිරුළ මෙර


      නළා ගෙනැ වෙතින් පිඹි වෙනුට සර මදිනේ
      නළා කරන කැල්මෙන් සහද පිය නදින්
      පුන් සඳ සුරිඳු සඳ සලකුණ අදඳින වර
      බන සොඳ තෙලි තුඩෙව් තෙල තුඬිනි මන හර
      මින් දද ජය විරිදු නද කරන පියකර
      අන් කො ද මෙ දිය තුර තොප සරි වන පවර



3.   මෙ ලෙස පසිදු වන ගුණ මුහුදු තුල්ලා 
      ඇ සැ ස රසදුනෙව් සිය තුනු සුනිල්ලා
     පි වි ස සරන වන අඹ දළුව ලොල්ලා
     වෙසෙ ස අප‍ට සැප ත දැකුමැ කොවුල්ලා



4.  මිතුරු තු‍මෝ පෙරැ බැඳි මිතුරු දම් තර 
     මතුරු ලෙසින් නො හරිති දෙන ඉසුරු බර
     සිතුරු වනෙව් සිතුවා සිදු කරන වර
     මිතුරු එයින් ම තෙපල ත සවනත පුර



5.   නො ලැගේ කනට සිනිඳු වැ ගිරවුන් වදන 
      නැ ස ගේ දුරැ ඇසෙයි නද සැල ලිහිණියන
      හැ ම ගේ ළ ගෙනැ පවසන මියුරු තෙපුලෙන
     නො හැ‍ඟේ මෙ තතු කීමට තොප මිසක් වෙන                            





අරුත සරල බසින් 
1.   අමාවට ( අමෘතයට) බඳු රසවත් ස්වර සම්පත්තියක් ඇති (හෙවත් හඬ සැපතක් ඇත්තා වු). සිරුරේ හැටියෙන් මානෙල් මලට සම වන කොවුල් රජ උතුමාණෙනි. සේවනයට සුදුසු වු මල් මුවරඳ රස බලමින් දිගු කලක් ජීවත් වන්න.

2. මිහිරි නද දෙන ලකුණු රඳ පවත්නාවු, රන් පෑ ඇසින් යුත්වු, උස් වැ නැඟී සිටිනා සල් (මල්) මී අඹ මල් සේ සත්,සෙමෙර වු ඉතා පතළ අලුත් වසත් කල් නැමැති රජුගේ ජය පළ කරන මිහිඟු බෙරය වු, වොටුන්න, මෙර රන් පැළෑටි කළ සේ පළ කරන කටින් කටැ පැවැතැ එන්නා වු, උතුම් පුවතක් ඇති,කලෑවෙන් බට දඬු ගෙනැ (නළා) පිඹි වෙන් (විෂ්ණූ) දෙවියාට, පැහැයෙනුත් උපතින් මැ ලද මිහිරි නදිනුත් වෙහෙස පමුණුවන, සක් දෙව් උතුමා පුරා හඳ මැද්දේ සා ලකුණු අඳින් දී (තෙලි කූරට) බැඳැ මනා වු තෙලි තුඩු වැනි ඔය තුඩින් සිත් ගන්නා වු ,අනංගයාගේ ජය ගැනැ තුති පැසැසුම් නද කරන්නාවු ,පිය කරුවු, මා යහළුව
මෙලෝ තුළැ උතුම් වු තොපට සම වන්නා වු අනෙක් කවර එකෙක් වේද?
කවර අතින් බැලුවත් කොවුලා අසම වු උතුම් එකෙකි. මෙලෝ කුසේ ඌට සරි වන අන් එකෙක් නැත්තේයි. 

3. මෙ (කියු) අයුරින් පසිදු වන්නා වූ, ගුණෙන් පිරි මුහුදක් වන්, ඇසක් ඇසක් පාසා රස අඳුන් වන් වූ තම සිරුරේ තද නිල් පැහැය ඇති, අඹ දළුවට ලොල් වැ වන වැදී එහි ගැවැසෙන කොවුල, අපට වැඩි මැ සැපත නම් තා දැකීමයි.

4. මිතුරු උතුමෝ හෙවත් උතුම් යාළු‍වෝ ආදී සිට බඳිනා ලද දැඩි මිතුරු දහම සැපත් මහ රැසක් දෙන මන්ත්ර යක් පරිද්දෙන් නො හැරු රකිති. . පෙරු සිටැ බැඳි දැඩි යාළු කමත් සැපත් සලසන්නෙකි. උතුම් යාළුවෝ ඒ යාළු කම අත් නො හරිති. සිතු මිණ නම් සිතූ පැතූ සැපත් දීමෙන් සිතුවා සිදු කරන බව කීයේ ඌ ඒ අයුරින් පසසා තමන් සිතූ දැ වන අස්න ගෙත ගොස් පැවැසීම ඔහුගෙන් සිදු කරවා ගන්නට යි.

5. ගිරා කට හඬ රළු යි, එ හෙයින් කනට සිනිඳු ව වදිනවා වෙනුවට ඒ කන් කා වදී. එය අසන්නා ගේ කනට පීඩාවෙකි. ඒ නිසා මෙ කටයුත්තේ ගිරවා සුදුසු නො වේ. සැලළිහිණියා උපතින් ම ගැඹුරු වූ හෙවත් දුරට පැතිරී යන මග ගොස ඇත්තෙකි. ඌ කියන දැය ඇසියැ යුතු තැනැත්තාට පමණක් නො ව දුරෙහි වූ සෙස්සවුන් හට ද ඇසේ. එ හෙයින් ඒ මග කරදරයෙකි. කොවුලා මියුරු සර (මධුර ස්වර) ඇත්තෙකි. එ හෙයින් මෙ කටයුත්ත පැවැරීමට කොවුලා ම මිස වෙන එකකු ගැන අසුන් කරුට හැඟීමක් නැති බවයි.